IMG-LOGO

මම කැමැත්තෙන් ඉන්නේ කලා ක්ෂේත්‍රයෙන් පිට කෙනෙක්ට

2016-10-01-ent-19

මේ දවස්වල විකාශය වන සිඳු නාට්‍යයේ තෙරැණිගේ චරිතය හරහා ඔබේ ආලින්දයට එන හැඩකාර අමුත්තිය ගැන බොහෝ දෙනෙක් ඉන්නේ විමසිල්ලෙන්. ඒ නිසාම හිතුණා හදසරින් ඇය ගැන පොඩ්ඩක් හොයලා බලන්න. ඇය නමින් මනීෂා චංචලා.

 

අපි පවුලේ විස්තරවලින්ම පටන් ගමු

2016-10-01-ent-18අම්මා, අප්පච්චියි, අක්කලා දෙන්නයි

 

ගම

නුවර

 

ඉගෙන ගත්ත පාසැල?

සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්ත පාසැල වෙන්නේ ස්වර්ණමාලි බාලිකා විද්‍යාලය. ඊට පස්සේ උසස් පෙළ දක්වා කොළඹ වැල්ලවත්ත සෙන් ලෝරන්ස් විද්‍යාලයෙන් ඉගෙන ගත්තා.

 

උසස් පෙළ කළේ?

කලා අංශයෙන්. හැබැයි මම උසස් පෙළට නම් සංගීතය හැදෑරැවේ නැහැ. වෙනත් විෂයන් තුනක් තමා කළේ. සංගීතය අමතරව හැදෑරැවා.

 

කලාවට සම්බන්ධ වෙන්නේ කොහොමද?

මුලින්ම කඳුරට සේවයට සම්බන්ධ වුණේ නිවේදන අංශයට. ඊට පස්සේ දෙරණ ලිට්ල් ස්ටාර් එකේ දෙවැනි අදියරට සම්බන්ධ වුණා. එහිදී මට 12න් පහළ අංශයේ 4 වැනි ස්ථානය දක්වා එන්න ලැබුණා. ඒ තමා මගේ ආරම්භය.

 

එතකොට රංගනයට එන්නේ?

ඔව්, මට අවස්ථාව ලැබුණා ජානක සිරිවර්ධන මහතා නිෂ්පාදනය කළ වස්සාන සිහිනය කියන නාට්‍යයේ මනුෂා කියන චරිතය කරන්න. ඒ මගේ පළමු රංගනය.

 

මොකද හිතුණේ ඒ අවස්ථාව ලැබුණාම?

මට එහෙම ලොකුවට දැනුණේ නැහැ. මොකද ලිට්ල් ස්ටාර් තරගයේ ගායන අංශයට සම්බන්ධ වුණාට එහිදී අපිට නර්තන රංගනය කියන දේවල් පවා ඉදිරිපත් කරන්න තිබුණ නිසා. මට කැමරාව එහෙම පුරැදු වෙලා තිබුණේ. ඉතින් මට ලොකු බයක් එහෙම දැනුණේ නැහැ.

 

එතකොට අමතක නොවන අත්දැකීමක් කිව්වොත්?

මට ඒ මුළු නාට්‍යම අමතක නොවන අත්දැකීමක්. මොකද මගේ පළමු රංගනය නිසා සියල්ල අමතක නොවන සිදුවීම්. මට ලැබුණු ගුරැ හරැකම් සහ නාට්‍යයට සම්බන්ධවෙලා හිටිය සියල්ලගෙන්ම ලැබුණ සහයෝගය අමතක වෙන්නේ නැහැ කවදාවත්.

 

පොඩි කාලේ ඉඳන් ආසාවක් තිබ්බද රඟපාන්න?

මෙහෙමයි, මම චුටිම කාලේ නම් ගෙදර අයට කියලා තියෙනවා මට නිළියක් වෙන්න ඕනේ කියලා. නමුත් ලොකු වෙද්දී නම් මට ආසාව ඇති වුණේ සංගීතයට. ඒ නිසා තමා මම ගායන අංශයට යොමු වුණේ.

 

කලාවට සම්බන්ධවීම ගැන අද මොකද හිතෙන්නේ?

ඇත්තටම සතුටුයි. මොකද මම කවදාවත් හිතපු නැති තැනක අද ඉන්නේ

 

ගෙදරින් කැමතිද ඔබ රඟපානවට?

ඔව්, මම රංගන ශිල්පිනියක් විදියටම නෙවෙයි මේ ගමන යන්නේ. මොකද සංගීතය තමා මගේ ගමන ඒ අතර ආරධනා ලැබෙන හොඳ නිර්මාණවලට තමා රංගනයෙන් දායක වෙන්නේ.

 

හරි දැනට ඔබේම ගීත කරලා තියෙනවද?

නැහැ. මට ඕනේ මිනිස්සු අතර පවතින ගීත ටිකක් කරන්න. ඒ නිසා තව කාලයක් අරගෙන හොඳ නිර්මාණ ටිකක් කරන්න ඉන්නේ.

 

ඒ කොයි කාලේද?

තව අවුරැදු දෙකකින් විතර

 

ඇයි එච්චර කාලයක් ගන්නේ?

මට ඕනේ හොඳ නිර්මාණ ටිකක් කරන්න නිසා මට කිසිම හදිස්සියක් නැහැ.

 

කොහොමද තෙරැණිට ලැබෙන ප්‍රතිචාර?

ගොඩක් ඉහළයි. මම බලාපොරොත්තු නොවුණු තරමටම ප්‍රතිචාර ලැබෙනවා. ඒ ගැන නම් සතුටුයි.

 

සිඳු නාට්‍යයට සම්බන්ධ වෙද්දී හිතුණද මේ තරම් ප්‍රතිචාර ලැබෙයි කියලා

නැහැ. මම මේ නාට්‍ය හොඳ නිර්මාණයක් නිසා කැමැත්තෙන් භාරගත්තේ. හොඳ පිටපතක්. හොඳ අධ්‍යක්ෂණයක්. ඉතින් දෙපාරක් හිතන්නේ නැතුව භාරගත්තා.

 

සිනමාවට ආරාධනා ලැබුණේ නැද්ද?

එහෙම ලොකුවට නම් ආරාධනා ලැබුණේ නැහැ. නමුත් මම වී. සිවදාසන් මහතා කරපු සිංහයා, දරැවනේ කියන ළමා චිත්‍රපටවලට පසුබිම් ගායනයෙන් එක් වුණා. ඒ වගේම එතුමාගේම ඉදිරියට එන්න තියෙන පාටක් නැති ආදරේ කියන චිත්‍රපටයෙත් ගීත ගායනයෙන් සහ එකේ නම් පොඩි චරිතයකුත් කළා.

 

සිනමාවේ රඟපාන්න කැමැත්තෙන්ද ඉන්නේ?

සිනමාවට කැමතියි. නමුත් මම කලින් කිව්වා වගේ හොඳ නිර්මාණයක් නම් විතරයි.

 

ආදරය ගැන අදහස?

තාම මට ගෙදරින් ඕනෙවටත් වඩා ආදරය ලැබෙනවා. ඉතින් තව කල් තියෙනවා වෙනත් ආදරයක් ගැන හිතන්න. හැමදේම හොඳම කාලෙට සිද්ධ වෙයි.

 

කලා ක්ෂේත්‍රයේ කෙනෙක්ගෙන්ම යෝජනාවක් ආවොත්?

මම කැමැත්තෙන් ඉන්නේ කලා ක්ෂේත්‍රයෙන් පිට කෙනෙක්ට. හැබැයි ඉතින් තාම ඒ ගැන ලොකුවට හිතලා නැති නිසා මුකුත් කියන්න බැහැ.

 

අනාගත බලාපොරොත්තු?

සංගීත පැත්තෙන් මතක හිටින ගීත කිහිපයක් කරන්න. ඒ වගේම නිවේදන කටයුතු සඳහා සම්බන්ධ වෙන්නත් කැමැත්තක් තියෙනවා. ඒ අතර ලැබෙන හොඳ නිර්මාණ සඳහා රංගනයෙන් දායක වෙන්න තමා බලාපොරොත්තුව.

 

අවසාන වශයෙන් යමක් ඇති කියන්න?

ඔව්. මට මේ ගමන එන්න ශක්තියක් වන මගේ අම්මා, තාත්තා, අක්කලා දෙන්නා ඒ වගේම මගේ පුංචි. මොකද එයා තමා අපේ අම්මට කිව්වේ මාව ලිට්ල් ස්ටාර් තරගෙට ඉදිරිපත් කරන්න කියලා. ඉතින් පුංචිව අනිවාර් යෙ‍න්ම මතක් කරන්න ඕනේ. ඊට අමතරව TV දෙරණ ආයතනයේ ලක්සිරි වික්‍රමගේ මහතා ඇතුළු සියලුම දෙනාව මම ගොඩක් ආදරෙන් මතක් කරනවා. ඒ වගේම මට උදවු කළ සියලු දෙනාටම ස්තූතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී.

 

අනූෂා රණසිංහ I ඡායාරූප - සුමුදු හේවාපතිරණ

 

2016-10-01-ent-17
2016-10-01-ent-16
2016-10-01-ent-15



අදහස් (0)

මම කැමැත්තෙන් ඉන්නේ කලා ක්ෂේත්‍රයෙන් පිට කෙනෙක්ට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 160 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 456 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 69 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site