IMG-LOGO

2025 අගෝස්තු මස 01 වන සිකුරාදා


මම ආසම අම්මා දුන්න උපන්දින තෑග්ගට

2016-10-11-ent-65

සිඳු නාට්‍යයේ මලිතට පණ පොවන නෙත්ම අකාෂ්මිත පසුගිය දවසක 9 වැනි උපන්දිනය සැමරැවා. උපන් දින කේක් එක නම් කරලා තිබ්බෙත් සිඳු කියලා. ඒ නිසාම හිතුණා හදසරින් නෙත්ම අකාෂ්මිත එක්ක පොඩ්ඩක් කතා කරන්න. නෙත්මව අපිට සම්බන්ධ කරගන්න ලැබුණේ හොරණ පොකුණුවිට ප්‍රදේශයේ රෑගතකිරීම් අතරතුර. 

 

මම සිඳු කියන්නද නෙත්ම  කියන්නද?

2016-10-16-ent-46නෙත්ම කියන්න 

 

පසුගිය දවසක උපන් දිනේ සමරැවනේ, කොහොමද තෑගි ගොඩක් ලැබුණද? 

ඔව්, මගේ 9 වැනි උපන් දිනය ඔක්තෝබර් 3 වැනිදා 

 

පුතා කැමතිම තෑග්ග දුන්නේ කව්ද? 

අම්මයි, තාත්තයි, නැන්දයි 

 

ඒ අතරත් වඩාත් කැමතිම තෑග්ග? 

අම්මා දුන්න තෑග්ග 

 

ඒකෙ මොනවද තිබ්බේ? 

මම කැමතිම දේවල් ගොඩක් තිබ්බා, හල්ෆ් කියන කාටුන් චිත්‍රපටයේ චරිතවලට මම ගොඩක් කැමැතියි. ඉතින් ඒවා සහ තව ගොඩක් දේවල් තිබ්බා. 

 

පුතාගේ උපන්දින කේක් එක නම් කරලා තිබ්බේ සිඳු කියලනේ. පුතා දැනගෙන හිටියද? 

නැහැ, මම දන්නේ නැහැ. උපන් දින සාදයක් තියෙනවා කියලා දැනගෙන හිටියෙත් නැහැ මම. අම්ම තමා ඒ දේවල් මම වෙනුවෙන් කරලා තිබ්බේ. 

 

ඉතින් මොකද පුතාට හිතුණේ?

මට ගොඩක් සතුටු හිතුණා.

 

කොහොමද ලැබුණු ප්‍රතිචාර? 

ගොඩක් අය දැන් මාව දැක්කාම අඳුනනවා, මට ඇහෙනවා අන්න අර සිඳු එකේ මලිත් කියලා කියනවා. 

 

පුතාගේ පාසල?

JMC ජාත්‍යන්තර පාසල - දෙමටගොඩ 

 

යාළුවෝ මොකද කියන්නේ?

මම හොඳට රඟපානවා කියලා කියනවා.

 

මොනවද අමතක නොවන අත්දැකීම්?

මට එක දර්ශනයක් තිබ්බා පාරේ හිඟා කන්න. ඒකට නම් එච්චර කැමති නැහැ... අදටත් මම ඒ ෆොටෝස් බලන්නවත් කැමැති නැහැ.

 

ලොකු වුණාම කවුරැ වෙන්නද කල්පනාව?

විද්‍යාඥයෙක් වෙන්න.

 

එතකොට රඟපාන්නේ නැද්ද?

මම රඟපාන්න ගොඩක් ආසයි. ඒ නිසා රඟපාන ගමන් විද්‍යාඥයෙකුත් වෙනවා.

 

2016-10-16-ent-49
2016-10-16-ent-48
2016-10-16-ent-47

 

related-ARTICAL

සිඳු - On Location

 



අදහස් (0)

මම ආසම අම්මා දුන්න උපන්දින තෑග්ගට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 118 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 272 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 621 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site