IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මම ආවාට ගියාට කිසිදෙයක් කරන්නේ නැහැ

event-02-2016-03-01-01


දුෂ්‍යන්ත් වීරමන් මේ දිනවල සූදානම් වන්නේ ‘‘දේදුන්න වාගේ" ප‍්‍රසංගය ඉදිරිපත් කිරීමටයි. මෙම ප‍්‍රසංගය පැවැත්වෙන්නේ මාර්තු 6 වැනිදා මියුසියස් විද්‍යාලයීය ශ‍්‍රවණාගාරයේදීය. දුෂ්‍යන්ත් මෙම ප‍්‍රසංගය ඉදිරිපත් කරන්නේ තමුන්ගේම වාදක කණ්ඩායම සමග වීම විශේෂත්වයකි. දැන් දුෂ්්‍යන්ත් එයාගෙම සංගීත කණ්ඩායමක් හදාගෙන මේ විදියට ගමනක් යන්න හදන්නෙ ඇයි?

 

දුෂ්‍යන්ත් ඇයි සංගීත කණ්ඩායමක් පටන්ගත්තෙ? මොකක්ද මෙහි නම?

‘‘D ස්ටාර්" තමයි මගේ සංගීත කණ්ඩායමේ නමයි. දුෂාන්ත රාජපක්ෂ මෙහි කළමණාකරු වෙන අතර, සාරංග, ඔෂාන්, තරිඳු, රුචිර, දුමිඳු වාද්‍ය ශිල්පීන් ලෙස කටයුතු කරනවා. මදුරංග සහ මම ගායනයෙන් දායක වෙනවා. ඇත්තටම මේ විදියට සංගීත කණ්ඩායමක් පටන්ගත්තෙ ප‍්‍රසංගවලදී අපට අපේම ගීත ගායනය සඳහා එය හොඳ සංකලනයක් වන නිසයි. බොහෝ අවස්ථාවලදී මම මගේ ගීත නිර්මාණ සඳහා නව සංගීත තාක්ෂණය යොදා ගන්නවා.

ඒ විදියට තාක්ෂණය යොදාගෙන ගීත කළාම, ඒවා සංකීර්ණ වැඩියි කියලා ප‍්‍රසංගවලදී සංගීතය සපයන සහෝදර ශිල්පීන් කියන දෙයක්. ඉතින් ඒ නිසාම ට‍්‍රැක් එක ප්ලේ කරලා ගීත ගයන්න වෙනවා. එතකොට මිනිස්සු හිතන්නෙ අපට ගයන්න බැහැ කියලයි. මේ සියලූ හේතු නිසා මට මගේම බෑන්ඞ් එකක් හදාගන්න ඕනෑ වුණා.

 

එතකොට මේ ප‍්‍රසංගය කරන්නෙ?

‘‘දේදුන්න වාගේ* ප‍්‍රසංගය කරන්නෙ රාජකීය විද්‍යාලයේ 99 කණ්ඩායමේ ඉදිරිපත් කිරීමක් ලෙසයි. මෙයින් ලැබෙන මුදල රාජකීය විද්‍යාලයේ කාර්යමඩුල්ලේ ප‍්‍රයෝජනය සඳහා රථයක් මිලදී ගැනීමට යොමු කරනවා. මේ ප‍්‍රසංගයේදී තමයි අපේ ‘‘D ස්ටාර්" බෑන්ඞ් එක කරළියට එන්නෙ. ආරාධිත ශිල්පීන් ලෙස, භාතිය හා සන්තුෂ්, උමාරියා, රයිනි, ඉරාජ්, ලහිරු සහභාගී වෙනවා. මගේ අලුත් ගීත නර්තන අංග, ඇතුළුව මෙම ප‍්‍රසංගය වෙනස් රිද්මයකින් පේ‍්‍රක්ෂකයින්ට වින්දනය කළ හැකි වේවි.

 

ඔබ හරි පණ්ඩිතයෙක් කියලා සමහරු කියනවා නේද?

කෙනෙකුට තවත් කෙනෙකු අවබෝධ කරගන්න සහ එයාගේ දැනුම නොතේරෙන කොට එහෙම හිතනවා ඇති. අනෙක මම ආවාට ගියාට කිසි දෙයක් කරන්නෙ නැහැ, ඒ නිසා නිකං අටවන වැඩ මා එක්ක බැහැ. ඒ නිසා මගෙ මූණට නොකිව්වත්, පිටුපස්සෙ ඉඳගෙන මාව විවේචනය කරනවා ඇති. නමුත් මට මගේ නිර්මාණ ගැන තක්සේරු කරන්න බැහැ. එය මගේ රසිකයින් කරාවි. මම කරන දේ වින්ඳනාත්මකද නැද්ද කියලා අවසන් තීරණය දෙන්නෙ එයාලා.

 

කොහොම වුණත් ප‍්‍රසංග වේදිකාවේදී වැඩිය ඔබ දකින්න නැහැනෙ?

මේ දිනවල නම් ප‍්‍රසංග රැසකට ආරාධනා ලැබිලා. නිහඬව ඉඳලා නැවත ටී.වී. ප‍්‍රාසාංගික වැඩසටහනකටත් මේ දිනවල දායක වෙනවා. දෙරණ ගෙන එන ස්ටාර් සිටි වැඩසටහනට.

 

පසුගිය කාලයේ නිහඬව හිටියෙ ස්ටෙෆනි එක්ක වූ පේ‍්‍රමය නිසා නේද?

ඒකමත් නිසා නෙවෙයි. ව්‍යාපාර කටයුතු එක්ක කාර්යබහුල වුණා.

 

මොනවද ව්‍යාපාර?

‘ස්ටුඩියෝ - 48’ නමින් මගේම නිෂ්පාදන ආයතනයක් තියෙනවා. ප‍්‍රසංග, නර්තන ප‍්‍රසංග, විෂුවල්ස් වගේම ගීත සහ වෙළඳ දැන්වීම් ආදි දේ එහිදී සිදුවෙනවා. ඒ වැඩ එක්ක තමයි කාර්ය බහුල වුණේ.

 

ඒ කියන්නෙ විවාහය ගැන දැන් අමතක කරලද?

තවම ඒ ගැන හිතන්නෙ නැහැ.

 

මෙතැන් සිට ඔබට තිබෙන්නෙ ඔබගෙ සංගීත කණ්ඩායම එක්ක යන ගමනක්ද?

ඇත්තම කිව්වොත් මම නිර්මාණය කළ මගේ අලූත් ගීත නිර්මාණ 30ක් විතර රිලීස් කරන්න තියෙනවා. නමුත් ලංකාවේ අලුත් නිර්මාණ යොමු කරන්න අවකාශය දැන් හරි අඩුයි.

 

ඇයි ඒ?

ලංකාවේ විද්‍යුත් මාධ්‍ය අද වැඩි හරියක්ම කරන්නෙ දේශපාලනය සහ පුවත්වලට විතරක් වැඩිපුර තැනක් දීමයි. ඒක දැන් රැල්ලක් කරගෙන.

 

විද්‍යුත් මාධ්‍ය තිබෙන්න ඕනෑ සංගීතය සඳහා විතරද ?

මිනිස්සු බොහෝසෙයින් වින්දනය ලබන්නෙ කලාවෙන්. ඉතින් කලාවට ලොකු ඉඩක් රටක තිබීම හොඳ දෙයක්. දේශපාලනය කරන අය දේශපාලනය කරපුදෙන්. ප‍්‍රවෘත්ති අහන අය ප‍්‍රවෘත්ති අහපුදෙන්.

 

මිනිස්සුන්ට එයින් ලැබෙන සැහැල්ලූවක් නැහැ. රේඩියෝව සහ රූපවාහිනිය කියන්නෙ කලාවක්. මිනිස්සුන්ට ආනන්දය ගෙනදිය යුතුයි. ආනන්දයෙන් - ප‍්‍රඥාවට පත්කළ යුතුයි. එහෙම නැතුව උදේට ප‍්‍රවෘත්ති, ඊළඟට දේශපාලනය අන්තිමට බණ පිරිත් දාලා ඇති වැඩැක් නැහැ. හැම දෙයක්ම සමබර වෙන්න ඕනෑ.

 

සඳුන් ගමගේ

sandalla

event-02-2016-03-01-02
event-02-2016-03-01-03
event-02-2016-03-01-04
event-02-2016-03-01-05
event-02-2016-03-01-06



අදහස් (0)

මම ආවාට ගියාට කිසිදෙයක් කරන්නේ නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 628 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 303 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site