උපදෙස් - බොරැල්ල රාජගිරිය ආයුර්වේද ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආයුර්වේද වෛද්‍ය ධනපාල හෙට්ටිආරච්චිගේ මහතාගේ දේශනයක් ඇසුරෙනි.
දේශිය ආයුර්වේදයේ එදා සිට අද දක්වාම ඖෂධ පිළියෙළ කිරිමට ප්‍රධාන අමුද්‍රව්‍යයක් ලෙස භාවිතා කරන මී පැණි රෝගි තත්ත්ව සුවපත් කිරිමට විවිධ අයුරින් යොදා ගැනේ. වෛද්‍ය විද්‍යාත්මකව කරුණු පෙන්වා දෙන පරිදි ක්ෂණික අවශෝෂණ ගුණයක් මී පැණි සතුවේ.
· දැඩිව ගිලන්ව සිටිනා රෝගින්ට දෙළුම් ඉස්ම සමඟ මී පැණි මිශ්‍රකර පානය කිරිමට සැලැස්වීමෙන් ගුණය ලැබේ.
· ක්ෂුද්‍ර ජිවි නාශක ගුණයෙන් ඉහළ මී පැණි සුව නොවෙනා තුවාල වල ආලේප කිරිමෙන් ඒවා ඉක්මණින් සුවය ලැබේ. දියවැඩියා රෝගින්ට වඩා යෝග්‍යය.
· මීපැණි වලට මිශ්‍රකර එම දියරය තුවාල පිරිසිදු කාරකයක් ලෙස භාවිතා කළ හැකිය.
· උදර වේදනාවෙන් පෙළෙන විට අසමෝදගම් සමඟ මීපැණි මිශ්‍රකර පානය කිරිමෙන් ගුණදායකය.
· මද සරු භාවයෙන් පෙළෙන කාන්තාවන්ට කුරුදු පොතු සමඟ මී පැණී ගැනිමෙන් පවතින තත්ත්වය අවම කර ගත හැක.
· පිත්තාශයේ ගල් ඇති අවස්ථාවලදි අන්නාසි සමඟ මී පැණි මිශ්‍රකර ගැනිමෙන් ගුණ ලැබෙන බව ආයුර්වේදයේ පෙන්වා දී ඇත.
· සිගරට් ඇතුළු දුම්පානය කරන්නන්ට පෙනහළු අභ්‍යන්තරයේ සිදුවන විකෘතිතා වලදි අන්නාසි සමඟ මී පැණි ආහාරයට එක්කර ගැනිම වඩාත් ගුණදායකය.
· දිනපතා හිස්බඩ මී පැණී තේ හැන්දක් ගැනිමෙන් දිර්ඝායුෂ ලැබුණු බව, අප පැරණියන් අත්දැකිමෙන්ම තහවුරු කළ කරුණක් වේ.
· දත් දිරායාම, දත් මුල් වලින් ලේ ගැලවිම, දත් මුල් දියවීම වැනි මුඛ රෝගයන්ගෙන් පෙළෙන අවස්ථාවලදී අරළු රෝගයන්ගෙන් පෙළෙන අවස්ථාවේදි අරළු පිලමුල්, මුණමල් පොතු එකට දමා තම්බා සාදා ගත් ඖෂධිය වතුරට සීනක්කාරම් කුඩු දමා මී පැණී ලබාගත හැකි බව ප්‍රත්‍යක්ෂයෙන්ම ආයුර්වේද වෛද්‍යවරුන් තහවුරු කර ඇත.
· ඇදුම රෝගි අවස්ථාවේදි කරාබු නැටි තෙල් සමඟ මී පැණි මිශ්‍ර කර පානය කිරිමත් හෘද ආරක්ෂාව සලසා ගැනිමට තනිකර මී පැණී භාවිතා කර ඇති බවත් ආයුර්වේද ඉතිහාසයේ සඳහන් වෙයි.
· ලොව ප්‍රකට සුරූපනියක් වන ක්ලියෝපැට්ට්‍රා මී පැණී තම ශරිරයේ පැහැය ආරක්ෂා කර ගැනිමට භාවිතා කර ඇති බව පොත පතේ සඳහන්ය.
· ඉක්කාව සුව විමට ගුණ දෙන ඖෂධයක මී පැණි ගුණදායක වේ.
· සුදු රුධිරානු වර්ධනයට සෘජු දායකත්වයක් ලබාදෙන මී පැණි ශරීර ප්‍රතිශක්තිය ඇති කිරිමේ පානයක් ලෙස ද භාවිත කළ හැකිය.
· රාත්‍රියේදී නින්ද නොයන විටදී එයට ප්‍රතිකාරයක් වශයෙන් මී පැණී භාවිතා කළ හැකිය.
· ඇඳ තෙමන දරුවන්ට, එම තත්ත්වය පාලනය කිරිමට ද මී පැණී අතීතයේදී ලබාදි ඇත.
· වෛරස් ආසාදනයෙන් වැළෑක්විමට වඩාත්, ගුණදායක මී පැණී උණ සහ සෙම අසනීප තත්ත්වයන්ගෙන් පසුවන අවස්ථාවේදි ඉඟුරු ඉස්ම සමඟ මී පැණී පානය කිරිමට දිමෙන් සුවය ලැබෙන බවද ආයුර්වේදයේ සඳහන් වේ.
· ක්ෂුද්‍ර ජිවින් සමඟ සටන් කිරිමේ ඉහළ ගුණයක් ඇති නිසාම වැදි යුගයේදි , දඩයම් කර සොයා ගන්නා මාංශ කල්තියා ගැනිමට ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස භාවිතා කර ඇත්තේ මී පැණිය.
ඉතිහාසය හාරා ඇවිස්සිමේදි වසර හත්දහසකට පෙරාතුව ඉතිහාසයේදි ඊජිප්තුවේ පිරමීඩ වල ඇති මමී තබාගැනිමට ද භාවිතා කර ඇත්තේ මී පැණීය.
එසැණින් කරනුයේ උපදෙස් දීම හා මගපෙන්වීම පමණි. ඒ උපදෙස් ප්‍රතිකාරයක් ලෙස නොසලකන්න. මෙම උපදෙස් අනුව ක්‍රියාකිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය ගැන අප හෝ මෙහි උපදෙස් දෙන වෛද්‍යවරුන් කිසිදු වගකීමක් දරන්නේ නැත. රෝගියකු කළ යුතු හොඳම සහ නිවැරදිම දේ වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගැනීම බවත් සළකන්න.
2025 දෙසැම්බර් මස 18
422
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1028
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මීපැණි අමාවකි
මධුශාන් Monday, 26 October 2015 05:25 AM
අපිටත් තිබෙනවා ගැටලු. ඒවා ඉදිරිපත් කරන්න පුලුවන්ද? (නි)