IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


මනුෂගේ ඇප ඉල්ලීම ඉවතට

(රොෂන් තුෂාර)

ශ්‍රී ලංකා සහ ඊශ්‍රායල් රැකියා ගිවිසුම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ද්වේශ සහගත විමර්ශනයක යෙදෙන බැවින් අත් අඩංගුවට පත් වුවහොත් පෙර ඇපයක් ලබාගත හැකි පරිදි නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ගුණු කළ අපේක්ෂිත ඇප අයදුම් පත්‍රය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  අසංක එස් බෝදරගම මහතා අද ප්‍රතික්ෂේප කළේය.

අල්ලස් කොමිසම ද්වේශ සහගත විමර්ශනයක නියැලෙන බවට සාක්ෂි ඉදිරිපත් ව නොමැති බැවින් අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන බව මහේස්ත්‍රාත්වරයා පිටු පහකින් යුත් සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේය.  

පෙත්සම්කරුගේ නීතිඥවරුන් අධිකරණයට සඳහන් කළ සිටියේ පෙත්සම්කාර නානායක්කාර මහතා හෙට දිනයේදී අල්ලස් කොමිසමට ගොස් ප්‍රකාශයක් ලබාදීමට සූදානම්ව සිටින බවය.



අදහස් (0)

මනුෂගේ ඇප ඉල්ලීම ඉවතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 657 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 841 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 363 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site