
(අංජුල මහික වීරරත්න)
ඉදිරියේදී මන්නාරම් දූපතේ නව සුළං විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දිවයින පුරා පුනර්ජනනීය සම්පත් ව්‍යාප්ති සැලැස්මට අනුව ඉහළ සුළං විභවයක් සහිත ප්‍රදේශයක් වශයෙන් හඳුනා ගනු ලැබ ඇති මන්නාරම දූපත සඳහා සුළං විදුලි ව්‍යාපෘති තුනක් (03) සැලසුම් කර ඇත. එම ව්‍යාපෘති අතරින් එක් ව්‍යාපෘතියක් වන තම්බපවනි සුළං විදුලි බලාගාරයේ මෙහෙයුම් කටයුතු 2021 වසරේ ආරම්භ කරනු ලැබ තිබේ. අනෙක් ව්‍යාපෘති වන Windscape Mannar (Pvt) Ltd මෙගාවොට් 20 ක සුළං විදුලි ව්‍යාපෘතියේ සහ Hayleys Fentons මෙගාවොට් 50 සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතු පිළිවෙලින් 2025 දෙසැම්බර් මස සහ 2026 දෙසැම්බර් මස ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
ප්‍රදේශයේ මහජනතාව ඉදිරිපත් කර ඇති පාරිසරික හා සාමාජීය ගැටලු සැලකිල්ලට ගනිමින් මන්නාරම් දුපතේ ජනතාවගේ කැමැත්තෙන් තොරව තවදුරටත් එම දුපතේ සුළං විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක නොකරන ලෙස ජනාධිපතිවරයා අදාළ බලධාරීන්ට දැනුම්දී ඇති බව බල ශක්ති අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන ලදුව, ඒ අනුව කටයුතු කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1966										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1545										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 541										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මන්නාරම් දූපතේ අලුතින් සුළං විදුලි ව්‍යාපෘති බෑ
RANTHA Tuesday, 04 November 2025 02:44 PM
වික්ටෝරියා කොත්මලේ ආදි ජලාශ හදන්න එහෙ මිනිස්සු තමන්ගේ උපන් ගම් පිටින් අත ඇරියා. ඒ ජනතාවට මගේ ආචාරය...
අන්_ර Tuesday, 04 November 2025 02:55 PM
හේලීස්ලාගේ ව්‍යාපෘතිය ගොඩ දැම්මට පස්සේ වෙන ඒවා ඕන නෑ. නජිත්ට කියන්න ඕන හේලීස්ලාට විරුද්ධ වෙන හැම එකාටම කුණුහරුප කියල මඩ ගහන්න කියලා.
පන්සිළු Tuesday, 04 November 2025 04:02 PM
කොටි ඩයස්පෝරාව කියන්න ඇත්තේ... එයාලාගේ ආණ්ඩුවනේ
ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Tuesday, 04 November 2025 05:03 PM
අනේ මටත් පැලවත්ත කාර්යාලයෙයි, ගම්පහ මිරිස්වත්තේ ගෙදරයි නොමිලේ ටයිල් දාගන්න සල්ලි දෙන්න කිව්වා නම්, මම දාලා දෙනවානේ...! එහෙනම් මමත් ගොඩම තමයි...! කොහේද මට කියුවේ බිග් කුච්චන් හඳුන්නේතිලාගේ හිල් වෙච්චි ජංගි වලට අලුත් ජංගි අරන් දෙන්නයි...! කඩවත මාටින් මාමා, තඹුත්තේගම කොටාට අඩි උස සපත්තු දෙකක් හදලා දුන්නාම, මාටින්ට සල්ලි කීයක් හරි එවන්න කියලා විතරයිනේ...!