IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


මන්ත්‍රීලාගේ රැකවල් ඉවත් කළේ ආණ්ඩුවේ තීරණයක් උඩ

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ඉවත් කිරීම ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීරණයක් මත ගත් එකක් හෙයින් ආරක්ෂාව නැවත ලබාදීමටද ආණ්ඩුව තීරණයක් ගත යුතු බව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ප්‍රකාශ කර ඇත.

ඔහු මෙසේ ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කතානායකවරයා විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ පක්ෂ නායකයන් සමග පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (31) පෙරවරුවේ පැවති සාකච්ඡාවේදීය.

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ඉවත් කළේ ආරක්ෂාව පිළිබඳ සමාලෝචනයක් කිරීමෙන් අනතුරුව දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පොලිස්පතිවරයාගෙන් එහිදී ප්‍රශ්න කර ඇත. කෙසේ වෙතත් පොලිස්පතිවරයා ඊට ප්‍රතිචාර දක්වා නොතිබුණු බව දැනගන්නට ඇත.

මෙහිදී අදහස් දක්වා අැති කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කර ඇත්තේ ආරක්ෂාව ඉල්ලූ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම් සියල්ල අදාල බලධාරීන්ට යොමු කර ඇති බවයි.

මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබාදීමට අවශ්‍ය කටයුතු කරන්නැයිද කතානායකවරයා පොලිස්පතිවරයාට දැනුම්දී ඇත.

ඊට ප්‍රතිචාර දක්වා ඇති පොලිස්පතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයා සමග සාකච්ඡා කර ඒ සඳහා විසඳුමක් දෙන බවයි.

මෙම සාකච්ඡාවට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර, මුජිබර් රහුමාන්, සුජිත් සංජය පෙරේරා, සුජීව සේනසිංහ, ජගත් විතාන, දිලිත් ජයවීර, රවී කරුණානායක, රෝහිත අබේගුණවර්ධන මනෝ ගනේෂන් සහ පලනි දිගම්බරම් යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද පොලිසියේ තවත් උසස් නිලධාරීහු කිහිප දෙනෙක්ද සහභාගි වූහ.

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් එහිදී පැය දෙකකට ආසන්න කාලයක් දීර්ඝව සාකච්ඡා කර ඇත.

 



අදහස් (2)

මන්ත්‍රීලාගේ රැකවල් ඉවත් කළේ ආණ්ඩුවේ තීරණයක් උඩ

වින්සන්ට් කජ්ජා Friday, 31 October 2025 04:26 PM

මේ අම්බරුවන්ට ආරක්ෂාව පෞද්ගලිකව සලසගන්න කියන්න. ඕන නම් උපරිම පොලිස් නිලධාරීන් දෙන්නයි. ඒ වැඩිත් එක්ක. ජනතාවට සේවය කරන්න ආවනම් ඒක කරන්න. නැත්තම් ඇඬියාව නවත්තල ගෙදර යන්න.

:       9       18

කපුරුහාමි Friday, 31 October 2025 06:06 PM

පට්ට හොර දූෂිතයෝ, පාතාලේ එක්ක හාදකම් පවත්වපු උන් හොන්දටම බයවෙලා. හරියට ජීවත් වුණා නම් කිසිම ආරක්ෂාවක් ඕනෑ වෙන්නේ නැහැ. හොරාකාලා බඩවඩා ගත්තු අයට තමුන්ගේ වියදමින් ආරක්ෂාව සළසා ගන්න බැරිකමක් නැහැනේ...

:       5       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1766 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1451 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 520 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site