IMG-LOGO

2024 මැයි මස 13 වන සඳුදා


මන්ත්‍රී හතළිහක් පොඩි වාහනේට බැහැලා

(සුජිත් හේවාජුලිගේ)

ආර්ථික ගැටලු හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතළිහකට ආසන්න පිරිසක් සිය සුඛෝපභෝගි ලොකු වාහන වෙනුවට
ඉතා අඩු මිල ගණන් සහිත  කුඩා වාහනවලට  යොමුවී සිටින බව  පාර්ලිමේන්තුව ආරංචි මාර්ගවලින් පැවසේ.

අධික ඉන්ධන මිල, සේවා ගාස්තු සහ නඩත්තු වියදම් හේතුවෙන් ඔවුන් මෙසේ කටයුතු කර ඇති බව දැනගන්නට ඇත. එසේම  අධික ඉන්ධන වියදම් හේතුවෙන්  පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගිවීම මෙන්ම විවිධ උත්සව සඳහා සහභාගිවීමද  සීමා කර ඇතැයි  මන්ත්‍රීවරු කීපදෙනෙක් අප සමග පැවසූහ.

එසේම මන්ත්‍රීවරුන්  කිහිපදෙනෙකු බස් රථ දුම්රිය වැනි පොදු ප්‍රවාහන මාධ්‍ය භාවිතා කිරීමට පෙළඹී සිටින බවද  වාර්තාවේ. සමහර මන්ත්‍රීවරුන් තමන් සතුව පැවති ලොකු වාහන විකුණා දමා ඇතැයි දැනගන්නට ඇත.



අදහස් (17)

මන්ත්‍රී හතළිහක් පොඩි වාහනේට බැහැලා

sunil Sunday, 28 April 2024 02:32 PM

පව් අප්පා. මගේ පපුව හෝස් ගාලා ගියා...

:       5       64

අසේල Sunday, 28 April 2024 02:35 PM

පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි වීමත් සීමාකරලා, එන්නේ තමන්ගේ පැත්තේ හොරෙක්ට එරෙහිව විස්වාස භංගයක්, ජන පීඩිත පනතක් සම්මත කරන්න බහුතරය ඕනේ වුණාම විතරයි...

:       3       52

Rifan Sunday, 28 April 2024 02:53 PM

මේවා ඉදිරි ඡන්දයට ජනතාව රවට්ටන්න යොදන උපක්‍රම

:       3       57

kumara Sunday, 28 April 2024 02:58 PM

එයාලා 20% පොඩි වාහනේට බැහැලා, අපි 80% ටයර් එක දාගන්න බැරිව බයිසිකල් එකෙන් බිමට බැහැලා...

:       2       53

ෆස්රුල් ගෆූර් - කටාර් Sunday, 28 April 2024 03:21 PM

ඔස්කාර් සම්මානවලට අතිශයින්ම සුදුසුකම් තිබෙන්නේ ලංකාවේ දේශපාලකයින්ට අවාසනාවට මෙන් ඔවුන්ගේ නම් යෝජනා වන්නේ නෑ. විශේෂයෙන්ම මැතිවරණ සමයේ ඔවුන්ගේ රැඟුම් අතිවිශිෂ්ටයි. මෙහි සුවිශේෂී සිදුවීම් වන්නේ ඒ රංගනයන්ට ඔවුන්ගේ බොහෝ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක ජනතාව සම්මාන දෙනවා. මීළඟ අවුරුදු 5ක් ඔවුන්ට රඟපාන්න හා ඒ සියලුම වියදම් මීළඟ අවුරුදු 5 වෙනුවෙන් තමන් දරණ බවට එකඟ වෙලා...!

:       2       41

ravin Sunday, 28 April 2024 04:04 PM

රෑ වැටුණු වලේ දවල් වැටෙන්න එපා.. ඔය බොරු චාටු... හොඳින්ම දන්නවා. අපේ කට්ටිය රවට්ටන්න ලෑස්ති විත්තිය... අනුකම්පාව සහ භූමි කම්පාව යන දෙකම කම්පා වේ... ප්‍රතිඵල? ඡන්දෙ දිනපු ගමන් ආපහු වී8

:       1       34

රනේ Sunday, 28 April 2024 04:07 PM

මිල වැඩිවෙලාවේ විකුණා ගන්නවා. හෙට අනිද්දා අලුත් ඒවා එනවානේ... ටිකිරි මොලේට දැනෙන හැටි...!

:       1       32

පුරවැසියෙක්. Sunday, 28 April 2024 04:56 PM

අතීතයේදී ජනතා නියෝජිතයින් කොළඹට පැමිණේ.. පොදු වාහන වන බස්රථ සහ දුම්රියෙනි. ඒ සඳහා දැනටත් ඔවුන්ට නිදහස් ගමන් බලපත් ලබාදී. පොදු ජනතාවගේ නියම තත්ත්වය දැක බලා ගැනීම සඳහා මොවුන් පොදු වාහනවල ගමන් ගැනීම විය යුතුයි...

:       1       23

ලියනගේ Sunday, 28 April 2024 05:29 PM

ෂුවර් එකටම ඡන්ද දායකයින් රැවටීමට...!

:       0       19

dupul Sunday, 28 April 2024 06:55 PM

ඇත්ත තමයි. මෙයාලටත් අගහිඟකම් දැනෙනවා ඇති තදේටම... ආණ්ඩුවට සල්ලිත් නැති නිසා අලුත් ප්‍රොජෙක්ට්ස් නැහැ... ඒ නිසා මහජන මුදල් ගසා කන්නත් ක්‍රමයක් නැහැනේ නේද?

:       0       24

Nisantha Monday, 29 April 2024 04:43 AM

ඇයි උන් මිනිස් වර්ගයේ නෙමෙයිද .?පොදු ප්‍රවාහනයේ යන්න බෑද.?සාමාන්‍ය ජනතාව මහපාරට ඇද දැමු උන්ට තාම උනේ නෑ.ආරම්භයක් පමණයි...

:       0       7

Perera Monday, 29 April 2024 06:49 AM

මුන් ඔක්කොම එකතු වෙලා රට සංවර්ධනය කරලා තියන අපූර්ව තමයි ඔය

:       0       7

සෞභාග්‍යයේ යහපාලනය Monday, 29 April 2024 07:02 AM

මොවුන් වාහන බලපත්‍ර ගන්නෙ කෝටි ගණනක් වටිනා වාහනයක් ගන්න නේද එහෙම වාහනයක් ගන්නවා නම් ඒකෙන්ම පැමිණීම අනිවාර්ය කරන්න ඕන එහෙම නැතුව ජනතා මුදල් කාබාසිනියා කරන්න කාටවත් අයිතියක් තියෙන්න බැහැ ප්‍රවාහන වියදම් වැඩිනම් බස් එකේ යන්න පුළුවන් රජයේ සේවකයින් එහේට මෙහේට ඇඹරිලා වැඩට එනහැටි එතකොට පාලකයො තේරුම් ගනීවි කොහොම වුණත් දුර බැහැර අයට පමණක් නොවෙයි පාර්ලිමේන්තුව ආසන්න පදිංචි ඇමතිලාටත් නිළ නිවාස තියෙනවා ඒනිසා නොපැමිණීම වෙනුවෙන් දඩයක් නියම කරන්න ඕන

:       0       4

Dhanasena Monday, 29 April 2024 07:39 AM

එයාලාට දෙන ඉන්ධන අත්තිකාරමට එතකොට මොකද කරන්නේ? ඒ කාලේ දුන්න ලීටර් ගාන තවම දෙනවා නේද? බොරු වැඩ මිනිස්සු රවට්ටන වැඩ.. පර්මිට් අරගෙන තව ටික දවසකින් හොඳ මිලියන 70-80 වාහන ගෙනේවි

:       0       3

පිටරටවැසියා Monday, 29 April 2024 09:12 AM

හැබැයි මේගොල්ලන්ගෙ තගරි ටෝක් සහ ගොං පාට් නම් පොඩ්ඩක්වත් බැහැල නැහැ .

:       0       4

චේතිය රජ්ජුරුවන් ගෙ බාල කොලුවා Monday, 29 April 2024 10:07 AM

1.එසේම මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු බස් රථ දුම්රිය වැනි පොදු ප්‍රවාහන මාධ්‍ය භාවිතා කිරීමට පෙළඹී සිටින බවද වාර්තාවේ .2 සමහර මන්ත්‍රීවරුන් තමන් සතුව පැවති ලොකු වාහන විකුණා දමා ඇතැයි දැනගන්නට ඇත. මේ ප්‍රවෘත්ති කෑලි දෙකම චේතිය රජ්ජුරුවන් ගෙ බාල කොලුවා ගෙ "එසැණ පුවත්" තීරුවෙන් උපුටා ගත්තකි.

:       0       3

සමන්ත කුමාර Monday, 29 April 2024 11:52 AM

රට කාපු හැත්තට ඔහොම වෙලා මදි. නිවන් සැප...

:       1       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දුප්පතුන්ට බෙදන්න දුන් සහල් පුස් කන්න ඇරලා
2024 මැයි මස 12 136 0

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනය ලෝක ආහාර වැඩසටහන යටතේ මෙරටට දුප්පත් ජනතාවට බෙදාදීමට දුන් සහල් තොගයක් කල් ඉකුත්වීමෙන් පසුව යළි


ගංජා සමඟ හිටපු ලාන්ස් කෝප්‍රල් මාට්ටු
2024 මැයි මස 12 94 0

කේරළ ගංජා කිලෝ 1යි ග්‍රෑම් 460 ක් සමග යුද හමුදාවේ හිටපු ලාන්ස්කෝප්රල්වරයකු අද(12) සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.


‘‘විජයදාස පිළිගන්න බෑ‘‘
2024 මැයි මස 12 458 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකයකු වන ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට නම් කිරීම එස්. ඩබ්ලිව්. ආර්.ඩී බණ්ඩාරනායක ම


ලෝක හෙද දිනය සමරයි
2024 මැයි මස 12 93 0

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ ජාත්‍යන්තර හෙද දින සමරු උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී අද පැවැත්විණ


වසරකට භික්ෂූන් 2000ක් උපවැදි වෙනවා
2024 මැයි මස 12 365 0

උපසම්පදා භික්ෂුන් 2000කට අධික පිරිසක් වසරකට උපැවිදි වීමේ තත්වයක් රටේ නිර්මාණය වී ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණ


කෝටි 10ක අම්බර් කන්දකුලියෙන් අල්ලයි
2024 මැයි මස 12 425 0

කල්පිටිය කන්දකුලිය ප්‍රදේශයේ නිවසක පිටුපස වලදමා තිබු රුපියල් කෝටි 10 කට අධික වටිනාකමකින් යුත් බව කියන අම්බර් (තල්මස් වමනය) කිලෝ 35 කට ආසන්න ප්‍රමානයක් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 638 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2137 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1858 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site