විජේ සිං ඉන්දියා යතුරු ලේඛකයා ඔහුගේ ඇඟිලි දොළහෙන් මිනිත්තුවකට අකුරු සියයක් ටයිප් කරයි.
ඔහුගේ පාදයේද ඇඟිලි දොළහකි. ඔහු කියනුයේ තමාට ඉන්දියාවේ රැකියාවක් කළ නොහැකි බවයි.
ඊට හේතුව හාම්පුතුන් ලස්සන හා ආකර්ශනීය කතුන් කෙරෙහි කැමැත්ත පළ කිරීමයි.
පරිගණකයේ විස්කම් දක්වන්නකු වන ඔහු රැකියා 50 කින් පමණ ප්‍රතික්ෂේප වු විය. හොඳ රැකියාවක් සොයා ඔහු මහා බ්‍රිතාන්‍යට යාමට සැරැසෙයි.
සිං (48) උතුරු ඉන්දියාවේ අග්‍රා නුවර පදිංචි කරුවෙකි.වැඩිපුර ඇඟිලි ඇති අය වාසනාවන්තයින් ලෙස ඉන්දියාව සලකයි.
ලොව වේගවත්ම යතුරු ලේඛකයා මයිකල් ෂේස්ටෝව් ය.ඔහුට භාෂා 27 කින් ටයිප් කළ හැකියි.වේගය තත්පරයකට අකුරු17 කි.ෂෙස්ටෝව් යතුරු ලේඛනය ඉගෙන ගත්තේ රුසියාවේ යුද හමුදාවේ ලිපිකරුවකු ලෙසය.දිනකට පැය 8 ක් ඔහු ඒ කාර්යයේ නිරත වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ සින්, ඔයා යන්න එපා බ්‍රිතාන්‍යයට.ඔයගොල්ලන්ගේ අය එහෙ පඩි වැඩියි කියලා අන්න අාපහු එනවලු. ඔය එන්න අපේ රටට. (නි)
ලංකාවට අවට කමක් නැහැ. හැබැයි ජොබ් එකක් හොයා ගන්න නම් පන්දම් අල්ලලා එයාගෙන් ලියුමක් අරන් එන්න වෙයි ! (ස)
මිනිහෙක් දවසකට පිටකරන වචන ප්‍රමාණය 26000ක් පමණලු. එතකොට ගැහැණියෙක්? (නි)
වේගය තත්පරයකට අකුරු17 කි ??? තත්පරයකට ??? (ස)
විනාඩියකට එක වචනයක් පමණක් ටයිප් කෙරුවත් බොස් තෝරාගන්නේ ලස්සන කෙල්ලන්ව.(නදී)
අපි නම් ගහන්නේ විනාඩියකට අකුරු 17 ක්, කෝ , කෝ ක්‍රමය. (ස)
අපොයි විජේ.. ඔයා මිනිත්තුවකට වචන 15ක් 20ක් ගහ ගන්න පුළුවන් ලස්සන ගැණු ළමයෙක් ඔයාට වඩා කොච්චර වටිනවද...ඕක ගැණු ළමයින්ටම කර ගන්න දීල ඔයා වෙන රස්සාවක් හොයාගන්න..ඉස්සරහට කටින් කියන වචනේ ටයිප් වෙන ක්‍රම එන්නේ..එතකොට කොහොමටවත් ඔය ස්පීඩ් වැඩක් නැහැ.. (ස)
ඕක තමයි සැබෑ ඇත්ත. (ස)
ගිනස් වාර්ථා හෙම තියෙනවා. මම හිතන්නෙ වචන 212 විතර විනාඩියට. ඒ කියන්නෙ තත්පරයට වචන 3 කට වැඩියි. (දිල්)
විනාඩියට වචන 10 ක් ගැහුවත් ඇසට ලසස්නට පෙනෙන තරුණ ගැහැනු ළමයෙක් වට පිටාවේ ඉන්න කොට දැනෙන ආශ්වාදය මොන වගේද (ස)
අප්පට සිරි බලපුහම කොහෙත් එකයි වගේ....(දිල්)
කාන්තා ලොක්කෙක් හොයා ගන්න. (ස)