මාතර මහානාම පාලමෙන් කුඩා ළමයින් දෙදෙනකු නිල්වලා ගඟට විසි කළ පුද්ගලයකු සොයා පොලිසිය පරීක්ෂණ අරඹයි.
වයස අවුරුදු දෙකක් හා හතරක් වන ගැහැණු ළමයින් දෙදෙනා බේරා ගැනීමට ගැමුණු හේවා බලකායේ සෙබළු සමත්වූහ.
දරුවෝ දෙදෙනා මාතර මහ රෝහලට ඇතුළු කරනු ලැබූහ
.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකටද ළමයි හැදුවෙ (අ)
මට නම් මේ හතර දෙනාව පේන්නේ ලෝක කුසලානයක් අතේ තබාගෙන ඉන්නවා වගේ. (ස)
එයාව දාල බලන්න ඕනේ මහ මුහුදට පුදුම තාත්තල (අ)
ප්‍රථමයෙන් ගැමුණු හේවා බලකායේ විරුවන්ට මගේ ප්‍රණාමය පුද කරනවා. අනේ මිනිසුනේ මේ වගේ වැඩ කරලා අපාගත වෙන්න එපා. හදාගන්න බැරි නම් කාට හරි දෙන්න හදාගන්න. ඕන තරම් ඉන්නවා ඔය වගේ ළමයින් හදාගන්න පුළුවන් අය එයාලට දෙන්න හදාගන්න මේවගේ තිරිසන් වැඩ කරන්නේ නැතුව (දි්ල්)
මේ තාත්තට විතරක් බනින්න එපා. තාත්තලා අම්මලා මේ තත්වයට කාලයක් තිස්සේ පත්කරපු කට්ටියකුත් ඉන්නවා. (ස)
කළු ගඟට වීසි කරල මරපු අමිල සදරුවන් පුතාව මතක් වුණා. අනේ පුතේ ඔයාල ලංකාවෙ නම් නැවත උපදින්න එපා. (ස)
මේ වගේ තාත්තල මරල දන්නා ඕනේ. සෙබළුනි ඔබලාට ජාතියේ උපහාරය. (ස)
මේ ලස්සන පුංචි දරු දෙන්නා දෙක්කම ඇස්වෙල කදුළු පිරනවා. ගැමුණු හේවා බළකායේ සෙබළුන්ට මාගේ ස්තුතිය.. සුබ අනාගතයක් දරු දෙන්නාට. (ස)
ප්‍රංශය වගේ රටවල් වල මේ වගේ දේවල් වලට මිනි මැරීමට තැත් කිරීම යන චෝදනා යටතේ අඩුම අවරුදු 30 සිර දඩුවමක් දෙනවා .විශේෂයෙන් මේ වගේ දෙයකට අහිංසක නොතේරෙන දරුවන්ට කරන අපරාධ වලට. (ස)
ගැමුණු හේවා බළකායට ගොඩක් පින් දරුවෝ බේරුවාට. (ස)
ගැමුණු හේවා බළකායේ විරුවන්ට පින් මේ දරුවන් බේරා ගත්තාට (දිල්)
රණවිරුවන් කවදත් අපිව ආරක්ෂා කරනවා. ඔබලාට බොහෝම පින් සිදු වේවා! (ස)
ගැමුණු සෙබලුන්ට ප්‍රණාමය.(දිල්)
අපේ වීර සෙබළුන්ට ම්ගෙ උත්තමාචරය....අර දරුවෝ ගඟට දාපු පියාට දෙන්න තියන දඩුවමක් නැහැ. ලංකාවේ දවසින් දවස ඉහල යන අපරාධ. කවුද මේවට විසදුමක් දෙන්නේ. (ස)
එල්ලුම් ගහ ගේන්නම ඕනෙ. මේ අසරන කිරිසප්පයන්ව කිඹුල්ලු ඉන්න ගගට විසිකරල තමන් යහතින් ජීවත් වෙන්න හදපු මේවගේ දරුනු හිත් පීත් තියෙන මිනිසුන් මේ ලෝකෙ ඉන්නවද. (දිල්).
මේ අසරණ දරුවන්ගේ මුහුණු දැක්කම මට ඇසෙ කඳුළු හංගන්නට බැරිවුණා. මගේ පළමු පුතාගේ වියෝවෙන් මම තවම දුක් විඳිනවා. මටත් සුරතල් දුවෙක් ඉන්නවා. මට ඇය මැණිකක්. මේ මුර්ගයා මොන හිතකින් මේ පොඩි දරුවන් ගඟට දැම්මද?මොන ප්‍රශ්න තිබුණත් තම ලේ වලින් ඉපදුනු දරුවන් ඒවාට පලිද ?නුබ වැනි පාපතරයන් මුලු ජාතියටම අවනම්බුවක්. ජාතික ළමා රක්ෂක අධිකාරියට දැන් කරනවාට වඩා ඉතා විශාල වැඩ කොටසක් ඉදිරියේදී කරන්නට බලය ලබා දෙන මෙන් රජයෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි. (ස)
එරන්දනී, ලංකාව තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදී රටක්. මිනී මරුවන්ගේ මානුෂික අයිතිවාසිකම් ගැන තමයි වැඩිපුර සලකන්නේ. මැරුම් කාපු එකා ඉවර නේ. (ස)
පව්කාර පියෙක්.මේ දරුවන්ගේ මුණු දිහා බලන් මොන හිතකින් ඒ නරුම වැඩේ කරද.ජගත් කිව්වා වගේ ඕකේ කිබුල්ලු පිරිලා. වාසනාව වගේම ගැමුණු හේවා බල ඇණියේ සෙබලුන්ගේ පිහිට නිසා බේරුණා.ඔය මනුස්සයාව හොයා ගෙන ඔතනින්ම ගගට දාන්න ඕනේ කිබුල්ලුන්ට කන්න.මේක නම් පුදුම කාලයක්.මොනවා වෙලාද අපේ රටේ මනුස්සයන්ට. කෝ ආගම, දහම, ආදරය, කරුණාව, එකමුතුකම ඒ හැමදෙයක්ම නැතිව මිහිපිට යක්ෂයන් වගේ හැසිරෙන්නේ තමන්ටත් තමන් එපා වී. ඒ ඇයි කියන්න තේරුම් ගන්න බෑ. එන්න එන්නම රට පිරිහෙනවා ඇරෙන්න සුගතියක් පේනතෙක් මානෙක නෑ. පුදුම කළකිරීමක් ඇති වන්නේ මේවා අහලා,දැකලම. (ස)
මට නම් වටින්නේ පස්වෙනි පින්තුරයේ ඉන්න දෙවිවරු හතර දෙනා. කිසි දිනක ඔබ සැමට වරදින්නේ නැහැ. (ස)
මේ තාත්තවත් මේ විදියටම ගඟට විසිකරන්න ඕනෙ.(ස)
මෙම දරුවන්ගේ පියා ගමේ ජීවත්වූ අහිංසක මිනිසෙකි ඔහු දරුවන් දෙදෙනා සමග ගගට පැන මැරෙන්නේ ඔහුට ජීවතය එපා වන තරමේ දෙයක් සිදුවී ඇති නිසා විය හැක. (අ)
පසුගියදා මම පුවතක දැක්කා ඕස්ට්‍රේලියාවේ මෙල්බන් කිට්ටුව මෙවැනි කුඩා දරුවන් දෙදෙනෙකු පියා විසින් මරා දමල තියෙන හැටි. ඉතාම කණගාටුදායකයි. (ස)
දැක්කම පපුව දානවා, ගව ඝාතනය තහනම් කරන්න යන රටේ මේවද වෙන්නේ හැබැටම. ලෝකයේ උතුම්ම රට ලු නේද ?(දිල්)
එඩිතර ගැමුණු හේවා බලකායට අපගේ ආචාරය .. (ස)
මේ දරුවන් බේරා දුන් ගැමුණුහේවා සෙබළුන්ට මගේ ප්‍රණාමය. ගෆුර් , ඔබ ලියු ඒ කතාව ඔබේ බව සැබෑය. මගේ කතාවද එයමයි. වෙනසකට ඇත්තේ මට සිටින්නේ එකම දියණියක් පමණි. (දිල්)
මේ 'පිළිවෙතින් පෙළ ගැසීමේ" තවත් ප්‍රතිඵලයක්. රට මේ තත්වයට පත්කළ මිනිසුන්ටයි දඬුවම් ලැබෙන්න ඕන (දිල්)
දැන් කාලේ මිනිහෙක් තමා ඔය වගේ වැඩක් කරොත්.සත්තුන් වත් ඔහොම කරන්නේ නෑ (දිල්)
සත්‍ය මහත්තයා, මෙතන තියෙන්නේ ආර්ථික ප්‍රශ්නයක්වත්, ළමයි රැකබලා ගැනීමේ අපහසුතා පිළිබඳ ප්‍රශ්නයක්වත් නෙමෙයි. පවුල් ආරවුලක්.ටිකක් මොළය කල්පනා කරලා හිතලා බලන්න.ප්‍රශ්නෙට උත්තර ලැබේවි. (නි)
අර තත්ත්වයට ඒ තාත්තා වැටුනේ මොකක් නිසාද කියලා කවුරුවත් කතාකරන්නේ නැහැ. අපි ඒ ගැනත් හොයන්න ඕනෑ. නමුත් දරුවන්ට එහෙම කරන එක ලොකුම අපරාධයක්. දරුවෝ නැති කී දෙනෙක් අද ලංකාවේ ඉන්නවද? (නි)
ගැමුණු බලකායට ගොඩක් පින් මේ දරු දෙන්නා බේරා ගත්තාට (නි)
මේ සිද්ධිය ඇසින් දුටු කෙනෙක් පසුව සාක්කි දෙයි. (නි)
මොනවද මගේ මවුබිමේ මිනිසුන්ට වෙලා තියෙන්නේ? අදහාගත නොහැකි සිදුවීම් නේද මේ? මිනිසුන් දැන් ඉතාම මිලේච්ඡ, කෘෘර, පාපකාරී ක්‍රියාවලට පෙළඹිලා. මෙයට කොහේ හෝ තැනක පිළියම් ඇති. රට සමාජීය වශයෙන් පිරිහෙන මේ මඟ නවත්වන්න වහ වහා පිළියම් යොදන්න (නි)
පුදුම මිනිහෙක්! (නි)
සේරම්, ඔබේ අත්දැකීම් මත ඔහොම කියනවා ඇති. මතකද මෑතකදී පළවුණා ජර්මන් යුවලකට හදාගන්න දුන් දරුවා ලස්සන තරුණියක්ව අම්මා සොයාගෙන ලංකාවට ආවා. මගේ අසල්වැසියෙකු දරුවකු හදා ගන්නවා. කිසිම වෙනසක් නැහැ. ළඟදී එක අම්මා කෙනෙක් තමන්ගේ වයස 14 දුව ගණිකා වෘත්තියට යොදවලා. මෙහෙම තාත්තලා සහ අම්මලා එක්කද ඔබ දරුවන්ට මැරුණත් සැපයි කියන්නේ? (නි)
මේ පොඩි දරුවන් බේරා ගත් රණ විරුවන්ට සහ ජීවත් වීමට පින් කර ඇති දරුවන් දෙදෙනාට දෙවි පිහිටයි.(නදී)
සේරම්, මට පුදුමයි ඔබේ අදහස ගැන. දෙමවුපියන් එක්ක මැරුණත් සැපයි කියන්නේ මේ ළමයින් ගඟට දාපු එක හරි කියලාද? (නි)
දරුවෝ බේරාගත්තා ගැමුණු විරුවන්ට සුභපතමි. (අ)
සමහර වෙලාවට දරුවන් ලැබෙන්නේ මවුපිය පදවි ලබන්න සුදුසු මිනිස්සුන්ට නෙවෙයි. මගේ ඥාති සහෝදරියක් දරුවකු ලබා ගන්න තුන්පාරක් සැත්කම් කර ගත්තා. ඇය විඳපු දුක මම ඇස් දෙකටම දැක්කා. මේ වගේ මිනිස්සුන්ව නම් එල්ලුම් ගහට යැවුවත් මදි. (නි)
කයිය ගහන අයත් කරන්නේ හොඳ දේවල් නෙමෙයි. අනුන්ගේ වැරැද්ද දකිනවා වගේම තමන්ගේ වැරැද්දත් හදාගන්න (නි)
මොහුට පියෙක් කියා ඇමතීමත් සුදුසු නැහැ. (නි)
දැන් ආගමික නායකයන් බොහෝ දෙනා මිනිසුන්ට ආගම ගැන කියන්නේ නැතුව එක් එක් සංවිධාන පස්සෙන් යනවා. පළමුව තමන්ගේ ආගමේ මිනිසුන්ට කියලා දෙන්න මිනිස්සු මරණ එක කොපමණ පවු සිද්ධ වෙන ක්‍රියාවක්ද කියලා. බුදු බණ පහැදිලි කරලා දෙන්න (නි)
දරුවන්ට ආදරය නැත්තම් හරි හදාගන්න බැරි නම් හරි , ඒත් මෙහෙම කරන්නේ නැතුව හිටියා නම් හොඳයි නේද? මේ රටේ දරුවෝ නැතුව දුක් විදින ලක්ෂයක් දෙනා සිටිද්දීත් ඇයි මේ අපරාධ කරන්නේ? (නි)
මුලින්ම මේ දරුවන් බේරා ගත් සෙබළුන්ට මාගේ ස්තුතිය! මීට වැඩිය අපි මේ ගැන හිතුවොත් මේ දරුවන් ගඟට විසිකර මරන්න මොහු හිත් පිත් නැති තැනට පත් වුණේ කොහොමද කියා, ඒක නේද නිවැරදි? ඔහු මොනයම් හෝ මානසික පීඩනයකින් හෝ ඊටත් එහා ගිය තැනට පත් වෙලා විසඳා ගැනීමට බැරි තරමට ප්‍රශ්න ගොඩකට හසු වී ඇත. ආවේගය පුපුරා ගිය තැන දරුවන් ගැන තිබෙන හැඟීම හෝ කිසිම අවට දෙයක් ගැන හිතන්න තරම් මනස නිරවුල්බවත් නොතිබෙන්නට ඇත. රටේ දැන් මනුස්සකම පලාගිහින්. අනිකා ගැන හිතන්න බැරි තරමට සමාජය පිරිහිලා. මේ ක්‍රමය තුල ඇති වෙන දේවල් මීට වැඩිය ඉස්සරහට අහන්න දකින්න වෙනවා (නි)
මේ වගේ ඒවට දෙන්න ඕනෑ රජකාලේ දඬුවම් (නි)
ගැමුණු බලකායට අපේ ප්‍රණාමය! (නි)
අෂ්රෆ්, හොඳ විහිළුවක් නේද කරලා තියෙන්නේ? (නි)
මෙවන් පියවරුන්ට මිනිසකු ලෙසින් මෙලොව එළිය දැකීමට මතු භවයකදී ඉඩක් නැත. ගැමුණු හේවා බලකා සෙබල සොහොයුරනි, ඔබට අපගේ හද බැති උත්තමාචාරය! (නි)
මේ පියාව යවන්න ඕනෑ දරුවන් නැති උදවිය වෛද්‍ය ප්‍රතිකාර ගන්න තැනකට පෙන්නන්න. මුළු සේසතම වියදම් කරලා , අපා දුක් විඳිනවා ඒ මිනිස්සු. මගේ සහෝදරියක් ඉන්නවා අවුරුදු ගණනාවක් දරුවන් නැතිව ප්‍රතිකාර ගන්න. මේ වගේ මිනිස්සුන්ට කොහොම පිය පදවිය ට සුදුසු වුණාද? (නි)
වාසනාවන්ත ළමයි දෙන්නා.(නදී)
මට අහුවුණොත් ඔය තාත්තාව...? (නි)
අපට එක දරුවෙක්ව දෙන්න බැරිද? (නි)
අනේ මෙහෙමත් මිනිස්සු! ඇත්තටම මේ තාත්තා කෙනෙක්ද? (නි)
හරක් මරනවට විරුද්ධ වෙන, ගිනි තියාගන්න රටේ මිනිස්සුන්ව බල්ලෝ බළල්ලු ගානට මරලා දානවා.එයට නැඟී හිටින්න කිසිම සංවිධානයක් නැහැ (නි)
මෙවැනි පවුකාර පියාණන් නොවාසනාවන්! (නි)
අපි දරුවන්ගෙන් වෙන්වෙලා ටික දවසක් හිටියොත් මොනතරම් දුකකින්ද ඉන්නේ? (නි)
දයා අළහකෝන් විහිළුවක්ද දන්නේ නැහැ කළේ? (නි)
මිනිස් උත්පත්තියක් ලබා ගන්න මිනිස්සුන් පින් කරනවාටත් වඩා, මවුපිය පදවි ලැබීමට පින් කළ යුතුයි. හැමෝටම දරුවන් නොලැබෙන්නේ ඒ නිසා. අනේ මේ මිනිසාට ඒ ටික තේරුම් නොගිය හැටි ! (නි)
සමහර පාලම් බෝක්කු වල නිසි ආරක්ෂාව නැහැ.(නදී)
වීර සෙබළුන්ට ජාතියේ උපහාරය.(නදී)
අපගේ විරෝදාර හමුදා සෙබළුනට මාගේ උපහාරය ! (නදී)
දැන් ලංකාවෙන් අහන්න වෙන්නේ මේ වගේ තිරිසන් මිනිස්සු කරන තිරිසන් වැඩ විතරයි. දරුවෝ එපා නම් කාට හරි හදා ගන්න දුන්න නම් හෙන ගහනවද ? උඩ ඉදලා විසිකරපු පාරට මේ දරුවන්ගේ අත පය කැඩුනානම් පවු නේද? (නදී)
මේ වගේ අයට රජ කාලේ දඩුවම් තමයි දෙන්න ඕනා.(නදී)
මොන තරම් අසරන උනත් මිනී මැරීම නිතියෙන් තහනම්. මේකටත් හේතුවක් ඇති. නමුත් මිනිසත් කම උතුම්.(නදී)
අපේ රටේ ගැඹුරටම ආගම් අදහන අය සිටියත් කල්පනා කරන්නේ නැහැ මේ මිනිසා ඒ වගේ හද කම්පා කරවන වැඩක් කරන්න තරම් මානසිකව වැටුනේ කොහොමද කියලා. අම්මේක් නැතුව හරි ළමයිව මෙතෙක් තමන් හදාගෙන බැරිම තැන සමාජයෙන් කිසි පිහිටක් නැති කල මෙවැනි දේවල් වලට පෙළඹෙන එක මානසිකව වැටුන කෙනෙකුට කරන්න පුළුවන්. මෙවැනි දේවල් වලින් පාඩම් ඉගෙනගෙන නැති බැරි අසල් වැසියන්ට උදව් කරන්න පුරුදු වෙන්න. කරපු දේට ඒ මිනිසා ජීවිතේ තියෙන තුරු දුක් වෙනවා ඇත. අසරණ දරුවන්ට හදවතින් ආදරය කරන යහපත් අලුත් දෙමාපියන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා . ඇසට කඳුළු නැගුනා අසරණ දරුවන් දැකලා. හමුදාවේ මහත්වරුන්ට පින් සිදු වේවා.(නදී)
මෙම දරුවන් මෙන්ම පියාද මම හොදින් හදුනයි. මම දන්නා චන්දන දරුවන් ආදරෙන් රැක බලාගත් ආදරණීය තාත්තා කෙනෙකි සිදුවී ඇති දෙය අදහාගත නොහැක.(නදී)
අනේ දෙයියනේ සතෙක්ටවත් කරන්න පුළුවන් අපරාධයක්ද මේ? (දී)
ගාමිණී හරි. මම මේ ගැන කලින් ම කිව්වා . අපි හැමවෙලේම දෙපැත්තම හිතන්න ඕන. ආවේගයට බැනල වැඩක් නැහැ (දී)
ගැමුණු විරුවෝ කවදත් හොඳ වැඩකරුවෝ! (නි)
මොනතරම් ආගම දහම ගැන කතා කලත් මිනිසුන්ට රටේ ජීවත්වෙන්න බැරිත රම් ආර්ථික පීඩනයක් තියෙන විට ඒ කිසිම දෙයක් මතක් වෙන්නේ නැහැ. ඕනෑම රටක හොඳ ආර්ථික හා සාමාජික තත්වයක් තියෙන විට මෙවැනි සිදුවීම් පාලනය කරන්න පුළුවන්. ඒත් අපේ රටේ ක්‍රියාත්මක විවර්ත ආර්ථික ක්‍රමය විසින් දිනෙන් දිනම සමාජය ඇදගෙන යන තැන ඉතාම භයානකයි. (නදී)
මේ වගේ උදවියට මරණ දඬුවම දිය යුතුයි. (ත)
මෙතන ගොඩක් විවිද අදහස් පලකරලා තියනවා.මේ ලෝකේ ජීවත්වෙන හැමෝටම ප්‍රශ්න තියනවා.නමුත් මේ වගේ කිරි දරුවන් අමුඅමුවේ මරාදමන්න හදන මිනිස්සුන්ට හොඳක් නම් වෙන්නේ නෑ. ජීවත් වෙන්න මුදල් නැත්නම් අඩුම ගානේ හිගකාල හරි තමන්ගේ දරුවන් ජීවත් කරන්න පුළුවන්.මේ වගේ අයට උපරිම දඬුවම් ලැබිය යුතුයි. (ත) රැකගන්න එක තමා.
පොලිසියෙන් හිටිය නම් මේ විදියට බේරා ගනියිද? (ත)
මේ කිරි සප්පයෝ දෙන්න බේරාගත් වීරයන්ට ගම්වරයක් දුන්නත් මදි. (ත)
ඇත්තටම මේ වෙලාවේ , මාතර මගේ යහළුවෙක්ගේ එකම දරුවා, එකම පුතා නැතිවෙලා , අදට සතියයි . ඒ දෙමාපියන් මැරී මැරී ඉපදෙනවා . තව මගේ යහළුවෙක් , දරුවන් නැතුව නොවිදින දුක් විඳිනවා. .... මේ මිනිසුන් දරුවන්ව මරන්න හදනවා. (ස)
ආමි එකෙන් විතරයි මෙහෙම වැඩක් කරන්නේ. ඔවුන්ට අපේ ප්‍රණාමය (ස)
ජීවිත වල වටිනාකම නොදන්නා කෙනෙක් (ස)
අපේ රටේ මිනිස්සු කොහොමද මේ විදිහට තිරිසන් වුනේ කියල හිතා ගන්න අමාරුයි, මේ හැම දේටම මුල දුප්පත් කමයි මත්පැන් පානයයි. පවු අසරණ දරුදෙන්නා හරිම දුකයි.(ස)
මේ ලස්සන් සිඟිත්තෝ දෙන්නගේ පෙනුමෙන් හොදින් රැක බලා ගත් දරුවෝ වගේ පෙන්නේ. පියා භයානක මානසික අවපාතයකට ලක් වෙන්න ඇති කියා මට හිතෙන්නේ. ඔහුත් මේ වනවිට සිය දිවි නසාගෙන ඇති සමහර විට. හමුදාවේ වීර සෙබළුන්ට යෝධ බල, යෝධ වීර්ය ලැබේව! (ස)
දෙවියනේ ඇයි මේ මිනිස්සුන්ටද දරුවෝ දුන්නේ ? (නදී)
මේ මනුස්සයව කරේ ගලක් එල්ලලා ගගට දාන්න ඕනා.(නදී)
දවසින් දවස අපට අලුත් අලුත් ප්‍රවෘත්ති දකින්න අසන්න ලැබෙනවා. ඒ සියල්ලක්ම අපරාදයක්;හොරකමක්, දුෂනයක්, වංචාවක්, නැත්නම් මනුස්ස ඝාතනයක්. මොකක්ද මේ අපේ රටට වෙන්න යන්නේ. සංඝරත්නය බේද බින්න වෙන්න යනවා. ආගම ජාතිය සංස්කෘතිය අමතක වෙලා. එකිනෙකා ආත්මාර්ථකාමී වෙලා. කොසොල් රජ්රජුරුවන් කියපි සිහින ඇත්තක් බවට පත් වෙලා. දැන් අපිට ඉතිරිව ඇත්තේ සියල්ලක්ම එකතුව ධර්ම සංඝායනා පැවැත්වීමයි.(නදී)
අපේ සෙබළුන්ගේ විරත්වයට උපහාරය.(නදී)
කෝ බදු බල සේනාව මේකෙන් නොවේද තමන්ගේ ජනතාව ආරකෂා කළ යුත්තේ? පව් දරුවෝ.(නදී)
දැන් මේ දරුවන්ට මොකද වෙන්නේ.(නදී)
සමාවෙන්න තිරිසනෙක්වත් මේ වගේ වැඩක් කරන්නේ නැහැ.(නදී)
මේ සිදුවීම සම්බන්ධයෙන් අදහස් ලියු වැඩිදෙනෙක් විවේචන ඉදිරිපත් කරලා තියෙන්නේ තමන් තුල කැකෑරෙන ආවේගික ආතතියෙන් බේරෙන්න. මේ සිද්ධියට අදාළ මුලික කාරණා දෙකක් තියෙනවා. 1. දරුවන් දෙදෙනෙකු ගඟට විසි කිරීම 2. හමුදා සෙබළුන් ඒ දරුවන් බේරා ගැනීම ප්‍රථම කාරණය සම්බන්ධයෙන් නඩු තීන්දු දෙනවාට වඩා මෙහිදී වැදගත් වන්නේ මව් වරුන් හෝ පියවරුන් දරුවන් ගංගා වලට විසිකරන විකෘති මානසිකය බිහිවුනේ කුමන සමාජ පසුබිමකද කියා අවබෝධ කර ගැනීම. දෙවන කාරණය වීර සෙබළුන් ඒ දරුවන් බේරාගැනීම තුලින් හෙළිවන මානුෂික දයාව. කෘරත්වය හා දයාව අතර දෝලනය වන මිනිස්කම තවදුරටත් රැක ගැනීම පිලිබඳ දැවැන්තවූ වගකීමක්. රජයක වගකීමක් මෙවැනි දේ නොවීමට පිලියම් යෙදීම එසේ නොවේ නම් ජනතාවගෙන් සැදී ස්වෙච්චා සංවිධාන මගින් හෝ දිනෙන් දින උඩු දුවන මේ ව්‍යාසනයෙන් රට බේරා ගත යුතුව තිබෙනවා. ආර්ථික අහේනිය නිසා මිනිස්කම ගිලිහීයන මොහොතක කෘරත්වයෙන් ඊට ප්‍රතිචාර දක්වනු වෙනුවට තනි තනි ප්‍රශ්නයට තනි තනිව හෝ විසඳුමක් දීමට අපි උත්සාහ කරමු.(නදී)
වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත. (නදී)
සිංහ දේනුවක වී ඇවිදින් විසි කරන්නට දරුවන් හදනා ලෝකය කා වනසන් දුවනියනේ.(නදී)
තමන්ගේ ජීවිතය ගෙන නොසිතා ලස්සන ජීවිත දෙකකට නැවත ජීවය දුන් දෙවිවරුන්ට ප්‍රණාමය! දියණියනි ඔබලාගේ ජීවිත සදා වාසනා වේවා! (නදී) .
වාසනාවන්ත දරු දෙදෛනෙක්.(නදී).
අපේ බල සේනාවට මෙවෙනි දේවල් පේන්නේ නෙද්ද ? රට බේර ගන්න ඕනේ වෙවෙනි තිරිසන් මිනිසුන්ගෙන්.(නදී)
මෙහෙමත් තාත්තල, අම්මා නැද්ද, අනිවාර්යයෙන්ම රට ගිහිල්ල, නැත්නම් මිනිහගේ කරදරයට ගිහින් ඇති (අ)
මේ තාත්තත් දරුවන් දෙන්නට ආදරෙන් ඉන්න ඇති. කෑම කවන්න ඇති සෙල්ලම් කරන්න ඇති කරුණාවෙන් බලා ගන්න ඇති. කැත කුනු අත ගාන්න ඇති. ලෙඩට දුකට කරදර වෙන්න ඇති. කොතැනදී හරි වැරදෙන්න ඇති සානුකම්පිතව දරුවෝ දිහා බලනවා වගේම ඒ තාත්ත දිහාත් බලමු. ඒ දරුවෝ දෙන්නට තාත්තව අහිමි කරනවට වැඩිය එයා හොද තාත්ත කෙනෙක් කරන්නට උත්සහා කරමු. සෙබල විරුවන්ට උපහාරය පින් ඔබලාට.(නදී)
මෙය අපේ රටේ සිදු වුන පළමුවන තිරිසන් ක්‍රියාව නෙමේ. අපේ සමාජය මොනතරම් තිරිසනුන්ටත් පහල මට්ටමකට ලඟා වෙලාද කියන එක හොඳින් පෙනෙනවා. ළමාරක්ෂක දෙපාර්තමේන්තුවට පුළුල් බලය හා අරමුදල් දීමෙන් මේවා විසඳිය හැකිනේ. එපා වූ ළමයින් භාර ගෙන රජය මැදිහත් වී දරුවන් නැති මව්පිය වරුනට දීමේ ක්‍රමා වේධයක් ඇත්නම් කොතරම් හොඳද? මේ දරුවන් අතර දොස්තර වරුන් ඉංජිනේරුවන් කලා කරුවන් වීමේ විභවය ඇති දරුවන් හොඳටම ඇති ?(නදී)
සත්‍යා ගේ කියමන ඉතා වැදගත්. බලධාරීන්ගේ හා මව්පියන්ගේ අවධානය එයට යොමු වේවා! (නදී)
මෙම සිදුවීම ගැන මගේ ජනතාව එවා තිබෙන අදහස් ගැන හිස නමා ආචාර කරමි. මෙම සිදුවීම වන අවස්ථාවේ එම ස්තානයේ සිටි සෙබලෙක් ලෙස මා මුල සිටම සිදු වු දෙය දන්නා නිසා මටත් තවම සිතා ගත නොහැකිව ඇත්තේ මෙවැනි පියවරුන් සිටීම ගැනයි.(නදී)
ගැමුණු විරුවන්ට මගේ උතමචාරය.(නදී)
අපි මහා අමුතුම ජාතියක්. තිරිසන් වැඩ හෙළ දකිනවා. නමුත් ඒවා නතර කරන්න අපි මොනවද කරන්නේ?. ඊටත් වඩා මම මේ සිදුවීම තුල තව දෙයක් දකිනවා. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක බ්‍රෙට් ලී වරක් ගුවන් විදුලි සාකච්ඡාවක කිව්වා "අපි බැට් එක සහ බෝලේ එක්ක සෙල්ලම් කරලා මෙච්චර සල්ලියක් ලැබෙනවා, ඇයි ඒ තත්වය වෛදවරුන්ට නැත්තේ, ඔවුන් බෙරන්නේ ජීවිත " කියලා. අපි මැච් එක දිනපු ක්‍රීඩකයන්ට මොනතරම් ගෞරවය කලාද? මොන තරම් මුදල් ත්‍යාග දුන්නද? ඒ විදියටම මේ වීරෝදාර සොල්දාදුවන්ට ගෞරවය , මුදල් ත්‍යාග ලැබුනද? මොකුත්ම නැත්නම් අඩුගානේ රැකියාවේ සැලකිය යුතු උසස් වීමක් හෝ ලබාදෙන ලෙස ශ්‍රී ලංකාවේ දේශපාලකයාගෙන් සහ හමුදා ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටිනවා.(නදී)
චන්ද්‍ර මහත්මිය අපේ රටේ තියෙන දරුවන් හදා ගැනීමට දීමේ ක්‍රියා පටිපාටිය එවැනි දේවල් වලට අවංකව ඉදිරිපත් වෙන උදවියට එපා වෙලා තියෙන්නේ. මම මේ මගේ හිතවකුගේ අත්දැකීම් දන්නා නිසයි කියන්නේ. නීති රීති තිබිය යුතයි. නමුත් දරුවා හදා වඩා ගන්න ඉදිරිපත් වෙන අය උසාවි වල අවුරුදු ගණන් රස්තියාදු කරන , අපහසුතා ඇති කරන ක්‍රම වේදයක් තමා දැනට ක්‍රියාත්මක වෙන්නේ. මෙන්න මේ නිසා තමා අවංකව මේ සත් කාර්යයට කැමති උදවිය පස්ස ගහන්නේ. මගේ මිතුරිය අන්තිමේ දරුවකු හදා ගන්න අදහස අත හැරියා. දරුවා පැත්තකට දාපු මව් පියන්ට වඩා හදා වඩා ගන්න ඉදිරිපත් වුන අයට හැමපැත්තෙන් ම "පාට්" දානවා. මේ ක්‍රමය වෙනස් වෙන්න ඕන. (නදී)
මර්සි නෝනෝ! ඔහෙට මොකද මේ ආගම් කුලප්පුවක් මේකට රිංගවන්න ඕනේ වෙලා තියෙන්නේ. නිදාන ඉන්න කොටි ඇහැරවන්න එපා.(නදී)
මේ වගේ පියවරු තාමත් අපේ රටේ ඉන්නවා නේ. මේක පියා යන නමටත් අපකීර්තියක්.(නදී)
කැලුම් ජාගොඩ මහත්යෝ, ඔයා හරිම මෝඩයි. ලංකාවේ පාලම් සියල්ලටම දැල් දැම්මා කියමු, මරන්න වෙන ක්‍රම නැද්ද ? (නධී)
කිසිසේත් අදහ ගන්න බැරි සිදුවීමක්. පියෙකුට පියවි සිහියකින් නම් මේ දේ කරන්න බැහැ. ගැහැනියෙක් හින්දා තමන්ගේ භාර්යාවයි දරුවනුයි පුච්චලා මරපු උගත්යැයි සම්මත අයත් ඉන්න රටේ තමන්ට ජාතක වුව දියණිය දුෂණය කරන තාත්තල ඉන්න රටේ මේක එක අතකට පුදුම වෙන්න දෙයකුත් නෙමෙයි. මට මතක් වෙන්නේ ඉන්දියාවේ තාම කිරි බොන සිගිත්තව ඇගේ බැදගෙන රික්ෂෝ එලවන තාත්තගේ පින්තුරේ.(නදී)
මොහු කොතරම් නරුමයෙක් උනත් කාන්තාවන් මෙවැන්නන්ට රැවටෙනවා.(නදී)
ඉතින් මේක කලේ පියාම ද කියලා නැහැ නේද..? මේ වෙන කෙනෙක්ගේ වැඩක් වෙන්න බැරිද..? (නදී)
මිනිහෙක් දරු දෙන්නා ගඟට විසි කරයි. නිවැරදි මාතෘකාව ඔහු පියෙක් නොවේ.(නදී)
සෙබලුන් 3 දෙනාට නිල උසස් විමක් ලබා දෙනවද? (නදී)
යක්ෂයින් විනාස කරනවිට දෙවියන් පිළියම් කරති. අපේ මිනිස්කම අගනේය. (නදී)
ළමයි දෙන්නා හරි වාසනවන්තයි ! නමුත් පවුකාර දෙමාපියෝ ලග ඉපදීම දුකක්. ජිවිත වල වටිනා කම නරුම පියාට අමතක නොවන්න උගන්නන්න අපේ රටේ නීතියට හැකි වේවා. සෙබළුන්ට ගොඩක් පින් ! (ස)
විරුවනේ ඔබට මගේ උත්තමාචාරය (ස)
ජනපතිතුමනි, මේ වගේ තිරිසනුන්ට උපරිම දඩුවම දෙන්න කටයුතු කරන්න. රණවිරු පුතුනි, ඔබ අපට වාසනාවන් . (ස)
දරුවෝ දෙන්න දෙකල ඇත්ටම මට ඇඩුනා.හමුදා කොල්ලෝ ගැන හිතුනම එ්ක තවත් වැඩි උනා.(ස)
දුකකි.(නදී)
සෙබලුන් තුන්දෙනාට නිල උසස් විමක් ලබා දිමට අවධානය එයට යොමු වේවා! (ස)
බොදු බල සේනාව ඉන්න ඕන මේ වගේ දේවල් රටෙන් තුරන් කරන්න. (නදී)
අපේ රණවිරුවන් ලෝකයටම ආදර්ශයක්.. (ස)
රජ කාලේ දඩුවම් දෙන්න ඕන. (ස)
දරුවෝ බේරාගත්තු වීර සෙබළුන්ට උසස්වීමක් ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා. (නදී)
අද වැරදි කරන අයට දෙන දඬුවම් මදි නිසා එම වරද නැවත කරන්න පුරුදු වෙලා. එල්ලුම්ගහ නැවත ප්‍රතිස්ථාපනය කරලා ප්‍රසිද්ධියේ දඬුවම් දෙනවා නම් රටේ අපරාධ අඩුවෙයි කියා මට හිතෙනවා. (ස)
අපේ ගෙදර ඉන්න බැල්ලි ඔපරේට් කළ නිසා පැටව් නැහැ. ඒත් එයා අල්ලපු වතු වලට ගිහිල්ලා අනුන්ගෙන් පැටව් හොරකන් කරගෙන එනවා. දවස් දෙක තුනක පස්සේ එයාට කිරිත් එරෙනවා. තිරිසන් සත්තු ළඟ මොන තරම් දරු සෙනෙහස තියෙනවද? (ස)
මේ මනුස්සයා මානසික රෝගියෙක් විය යුතුයි. මේ සිදුවීමෙන් අපේ හිත දූෂණය කරගන්න අවශ්‍ය නැත. (ස)
ඔය වගේ තිරිසන් මිනිස්සු මේ සමාජයට වැඩක් නෑ. දරුවන් නැතිව මිනිස්සු කොච්චර දුක්වෙනවාද? (අ)
හමුදාවේ වැඩේ හොඳයි. පියා මත්ද්‍රව්‍ය භාවිතා කරනවා ඇති. (ස)
කවදත් හමුදසේබලුන් රටත් ජනතාවත් වෙනුවෙන් පෙනීසිටිය. දයකුනු සියලු දෙනාටම තුති පුදමි.(අ)
දිනෙන් දින අහන්න ලැබෙන්නේ එකිනෙකට වෙනස් විවිධාකාරයේ අපරාධ. ඒ තරමටම සමාජය දුෂණය වෙලා මිනිස්සු ඕන අපරාධයක් කරන්න බය නැතිව පෙළඹෙනවා. එයින් පෙන්නේන්නේ පවතින රටේ නීතිය වෙනස් කරන්න කාලය ඇවිල්ලා කියා. (ස)
මේ මිනිස්සුද ? ගැමුණු හේවා බළකායට ගොඩක් පින් දරුවෝ බේරුවාට (දිල්)
සත්තු වගේ දරුවෝ හදනවා. පසුව මරල දානවා.... මේ පියාටත් දිය යුත්තේ එවැනිම දඩුවමක්.... අසරණ නොදරුවෝ කාට හරි හදා ගන්න දුන්නනම් එයත් පිනක්. (ස)
මම ලංකාවේ හිටිය නම් මේ දරු පැටවුන් දෙන්න බාර ගන්නවා. (ස)
ඔහොම මිනිස්සු එල්ලන්න වටින්නේ. (ස)
මෙහෙමත් තිරිසන් මිනිස්සු ඉන්නවනේ ! මොනවද මේ දවස් වල ලංකාවට වේගන යන්නේ ? හොඳ ප්‍රවෘත්ති එකක්, ඇහැව්වොත් අනිත් දහයම නරක ඒවා. (ස)
අනේ මුන්ව ගහගෙන යන්න සුනාමියක්වත් එන්නේ නෑනේ. (ස)
රණ විරුවෙකුගේ අභිමානය ලොවට විහිදුව වීර සෙබල පුතුනි. ඔබ සැමට ජාතියේ උපහාරයම වේවා !!! (ස)
පාලමේ දෙපැත්තටම උසට දැලකින්වත් ආවරණයක් යෙදිමට අදාළ බලධාරීන්ගේ අවධානය යොමු වේවා. (ස)
වැරදීමක්ද? මිනිහෙක්ද? තිරිසෙනක්ද? (ස)
දරුවන් නැතිව දුක් වෙන යුවලවල් කී දාහක් මේ ලෝකයේ ඉන්නවද ? මේ වගේ මිනිස්සුන්ට ද දරුවෝ ලැබෙන්නේ ?(ස)
තමන්ට මේ දරුවෝ දෙන්න හදා ගන්න බැරි නම් පාරේ දාල යන්න තිබුණනේ. එහෙමවත් නොකර මේ වගේ ගඟට දැම්මෙ ඇයි කියල හිතාගන්න බෑ මට. මේ වගේ මිනිස්සුන්ට තාත්තල කියන්න වටින්නෙත් නෑ. මේ වගේ අයට මරණ දඩුවම දෙන්නම ඕනේ. (ස)
අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා.... (ස)
ගැමුණු හේවා බලකායේ එඩිතර සෙබළුන් හතරදෙනාට ප්‍රණාමය! (දිල්)
මේ පුවත මට පෙන්නුවේ දරුවෝ නැතිව අවුරුදු ගානක් ප්‍රතිකාර අරගෙන ලක්ෂ ගණන් වියදම් කරලාත් එත් දරුවෝ ලැබුනේ නැති ව හිත හදා ගත්ත මගේ මිතුරියක්. ඇගේ ඇස් කඳුළු වලින් පිරිලා . ගඟට වීසි කරන්න දරුවෝ දෙන දෙවියෝ කවුද කියල ඇය මගෙන් ඇහුවා. (දිල්)
මේ දරුවන් අසරණයි අද ලංකාවේ සිදුවෙන දේවල් ගැන ඇසුවාම මෙයත් එක් සිදුවීමක් පමණයි.බුදු දහමට අනුව මේ හැම සිදුවීමකටම හේතුවක් තිබේ මේ පියා අයි මෙවැන්නක් කලේ ?අපි හැමෝටම එකම මානසිකත්වයක් නැහැ දුප්පත් කම, අසරණ කම ,හෝ වෙනත් දෙයක් වෙන්න පුළුවන් අනත නිවාස හැම තැනම බිහිවෙලා මේ දරුවන්ට හොදකලක් යාවිද? හිතාගන්න බැරි අපරාද දුෂණ වෙන මෙවැනි රටක මේ දරුවන් කවර පිහිටක්ද? මේ දරුවන්ට . බුදු සරණයි (දිල්)
කිඹුල්ලු පිරිලා ඔය ගඟේ.ළමයි දෙන්නගේ වාසනාවට මොකුත් වුණේ නෑ (දිල්)
හදා ගන්න බැරිනම් දරුවෝ නැති කරුණාවන්ත යුවලකට මේ දරුවන් දෙන්න තිබුනා. එහෙම අය ඕන තරම් ඉන්නවා. මෙහෙම දේවල් අහන්න ලැබෙන අපිත් අවාසනාවන්තයි. (දිල්)
ගොඩක් පින් දරුවෝ දෙන්නා බේරාගත්තාට (දිල්)
සර්ව ආගමික නායකයන් මිනිසුන් දැනුවත් කළා නම් ඇති.ලෝකයේ වටිනාම වස්තුව මිනිස් වර්ගයි. පන්සල්, පල්ලි, කෝවිල් හා ආගමික ස්ථානවල ආගමික නායකයන් මිනිසුන් දැනුම්වත් කළ යුතුයි.(දිල්)
එහෙම කරුණාවන්ත යුවල් නැහැ. එයාල ටික දවසක් යනකොට ළමයින්ට හරිම අමානුෂික විදිහටයි සලකන්නේ. දෙමාපියෝ සමග මැරුණත් සැපයි. (ස)
මම දෙමළ කෙනෙක්.දෙවියෝ විශ්වාස කරන කෙනෙක්. මෙයාලව බේරගත්ත අය දෙවියන්ට සමානයි.ඔයාලට ගොඩක් පින්. (ස)
මම ලංකාවට ලබන මාසේ එනවා. හයක් හතරක් නොදන්නා දරුවන්ට එහෙම අපරාධ කරන්න එපා මිනිස්සුනේ මේවා අපිට දරාගන්න බැහැ ...මට දෙන්න මම කොහොම හරි එයාලට උවමනා ආදරය, කරුණාව හැමදේම දෙන්නම්. උපරිම අයුරින් දෙන්නම්ත පොලිසිය ළමයි වෙනුවෙන් ඉන්න සංවිධානයකටම, ආයතනයකටම පරීක්ෂා කරන්නත් එන්න කියන්න එහෙම බැරිනම් කතා කරන්න. මට පුලුවන් විදිහට උදව් කරන්නම්. (ස)
පවුල් ප්‍රශ්න, මානසික ප්‍රශ්නයක් කෙසේ වෙතත්, තිරිසන් සතුන් පවා තම පැටවුන්ට ආදරෙයි. සිංහ රංචුවක් මී හරක් රංචුවකට කඩා පැන්නා. දුවන්න බැරි පැටියෙක්ගේ බෙල්ලෙන්ම අල්ලා ගත්තා. පැටියා තනිවුණා. දුවන්න පුළුවන් අය දුවල ගිහින් හිටගෙන බලා හිටියා. ටිකක් ඈත සිටි තනි මී හරකෙක් එක පාරම දුවගෙන අවුත් පැටියව අල්ලාගෙන සිටි සිංහයට ඇන්නා. සිංහයා මී හරකගේ අං තට්ටුව උඩ ඇමිණිලා. පැටියා ලේ පෙරාගෙන රංචුවට එකතු වුණා. සිංහ රංචුව ඈත සිට බලන් හිටියා. තම පැටියාව බේරා ගන්න ගත්ත තීරණය .... මිනිසෙක් මෙසේ කිරීම තම මව් පිය යුතුකම් පැහැර හැරීමක්. ඝාතනය කිරීමේ චේතනාවේ වරදට හසුවෙනවා. ළමයි දෙදෙනාව බේරා ගත් සැමට ගොඩක් පිං. අපේ ගෞරවය. (ස)
හොඳ වලාවට ගැමුණු හේවා බලකායේ වීර සෙබළු හිටියේ. (ස)
කවුරු මොනවා කිව්වත් ශ්‍රී ලංකා යුධ හමුදාව යුද්ධය තිබූ කාලෙදිත් කළේ මේවගේ පුණ්‍ය කටයුතු තමයි. (ස)
මේ නම් මනුස්සයෙක් නෙමෙයි. (ස)
ගැමුණු හේවා බලකායට අයත් එම වීරෝධාර සොල්දාදුවන්ට රටේම ප්‍රණාමය හිමි විය යුතුය. (ස)
මනුස්සකම කියන දේ දැන් නැත්තටම නැතිවෙලා. (ස)
මේ දරුවන්ට කරන අපරාද වලට වගකිව යුත්තන්ට දැඩි දඩුවම් දිය යුතුයි (දිල්)
මුලින්ම මේ දරුවන් බේරා ගත් ගැමුණු හේවා බළකායේ සෙබළුන්ට මාගේ ස්තුතිය. දෑසට කඳුළු පිරුණු මෝහතක් මේ අහිංසක දරුවන් දකින විට මට මගේ දියණියන් දෙදෙනා මතක් වුණා. පිට රටක හිටියත් දරුවන් ගැන සිතා ඇඩු දිනයක් නොමැති තරම්. කිසිම විශේෂ කෑමක් නොගන්නෙත් ඒ දරුවන් සමඟ මට බෙදා ගැනීමට නොලැබෙන නිසාවෙනි. අපි සියලු දුක් කම්කටොලු ඉවසමින් ජීවිතයට මුහුණ දෙන්නෙත් අපේ දරුවන්ගේ යහපත් අනාගතය වෙනුවෙනි. අපේ ආදරය දැඩි ලෙස බලාපරොත්තු වෙන මේ කුඩා දරුවන් ගඟට විසි කර මරන්න තරම් මොහු හිත් පිත් නැති මනුෂයෙක්ද?මොහුට දැඩි දඩුවම් ලබා දිය යුතුය. (දිල්)
දෙවැනි පින්තුරය බලන්න. දෝනිට මේ මිසීගේ ආදරය, සෙනෙහස හොඳට දැනිල තියෙනවා. මොනවා වුණත් වාසනාවන්ත දරු දෙන්නෙක්. (ස)
සත්තු මරණ හිතම තමයි මිනී මරන්නත් යොමුවෙන්නෙ.ඒක නිසා පන්සිල් රකින්න පුරුදු වෙන්න.(ස)
ළමයි තමයි රටේ සම්පත (නි)
තවත් තාත්තා කෙනෙකුට මෙහෙම අදහසක් තියෙනවා නම්, අනේ ළමයින්ව ළමා නිවාසයකට භාරදෙන්න, පින් සිදුවෙයි (නි)