ව්‍යාජ වවුචර් සහ ලිපි ද්‍රව්‍ය ඉදිරිපත් කර රුපියල් තුන් කෝටියක් වංචා කළැයි සැකපිට මත්තේගොඩ පෞද්ගලික කර්මාන්ත ශාලාවක කාර්යාල කාර්ය සහායකයකු වන මහින්ද කුමාර ධර්මවංශ රුපියල් ලක්ෂ 300ක ශරීර ඇප සහ පෞද්ගලික ඇප මත මුදා හරින ලෙස නියම කළ හෝමාගම මහේස්ත්‍රාත් වයි ආර් බී නෙළුම්දෙණිය මහතා ඔහු විදේශ ගත වීම ද තහනම් කළේය.

  හොර වවුචර් 1276ක් සහ හොර ලිපි ලේඛන 2605ක් සොයා ගත් බව රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.