‘ඉන්දියාවට එරෙහිව මිනිසුන්ට සල්ලි දීලා උද්ඝෝෂණ කිරීමෙන් වැඩක් වෙන්නේ නෑ. ඒවාට උත්තරේ මාර්තු මාසේ වෙනකොට මහජනතාවම දේවි. ඊට පස්සේ ඉන්දියාව, චීනය ඇතුළු හැම රටක් එක්කම අපිට සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන්‘ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (16) බත්තරමුල්ලේ අපේගම පරිශ්‍රයේදී පැවසීය.
ශ්‍රී ලංකාවේ දුගී බව හා සෞඛ්‍ය පිළිබඳ ලෝක බැංකුවේ පර්යේෂකයන් සොයාගත් තොරතුරු වාර්තාව එළිදැක්වීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතා ලෙස එක්වෙමින් අගමැති වික්‍රමසිංහ මහතා එසේ කීවේය.
ලෝක බැංකුවේ ශ්‍රී ලංකා නියෝජිත ෆ්‍රාන්සුවා ක්ලොට්, ජ්‍යෙෂ්ඨ ආර්ථිකවේදී ඩේවිඩ් නිව්හවුස් ද අමාත්‍යවරුන් වන එස්.බී.දිසානායක හා ආචාර්ය හර්ෂ ද සිල්වා ද එම අවස්ථාවට එක්වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාව ඇත්ත (නි)
සුමනපාල, නාමල්, වගේ මොලේ ගොඩක් තියන අයට මේවා පෙන්නේ හොද විදියට තමයි... ටිකක් ඉන්දියාව ගැන හොයල බලලා තමුන්ගේ අදහස් දාන්න මොකද මට ඉන්නවා ඉන්දියාවේ ගොඩක් උගත් මිතුරෝ ඉතා අඩු මුදලට වැඩ කරන. (ර)
නාමල් ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ උපාධිදාරීන් ලක්ෂ 20ක් විතර රස්සා නැතුව ඉන්නේ ඇයි. (ර)
කට ඇරියොත් කියන්නෙම ගොන් කතාමයි. බලාගෙන ඉන්නකෝ ඊලග ඡන්දෙ එනකන්. (බ)
මොවුන් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වන දිනය වැඩි ඈතක නොවන බව පැහැදිලිය (නි)
තොප්පිගල කියන්නේ කැලෑවක්. (ර)
කැලුම්, පාටලී, මම ජීවිතේට සිරිකොට පැත්තේ ගිහිල්ලත් නැහැ, සිරිකොත දැකලත් නැහැ. නමුත් මම කියන්නේ ඇත්ත. දැනට ලංකාවේ ඉන්න උගත් දේශපාලකයෙක් මෙතුමා. එනිසා බයවෙන්න එපා. (නි)
මේ රට ගොඩගන්න නම් ඉන්දියාව වගේ රටකින් බුද්දිමතුන් ගෙන්නලා රටේ ආර්ථිකය ගොඩගන්න වෙනවා. එයාල මෙහෙ ඇවිත් හැමදාම ඉන්න එකක් නැහැ. වැඩිම අවුරුදු 10-15. ඉන්පසු යන්න යාවි. නමුත් ඔවුන්ගේ දැනුම අපේ ඉංජිනේරු දොස්තර පරිඝනක උදවියට ලැබුනම මේක සුර පුරයක්. අපේ නායකතුමා ගත් තීරණයක් ආපසු හරවන්නේ නැහැ. රටට ජය ! (ර)
රටට අයෙත් ගැලවෙන්න බැරි මොකක්හරි අවුලකට ඇදලා දාල කස්ටිය මිය පරලොව යයි. මේවට කෑ ගහල දැන්නම් වෙහෙසයි. අර නිරුවතුන්ගේ ලෝකයේ ඇදුම් ඇදගෙන ඉන්න එකා පිස්සෙක් කියනවනේ. අන්න ඒ වගේ වැරදි දේට හරි කියන්න පුරුදුවෙමු. (ර)
අපි ඡන්දය දුන්නේ ඔබ තුමාට නෙමේ ... (ර)
ඇයි අපේ මිනිස්සුන්ට තේරෙන්නේ නැත්තේ ඇයි මෙතන ආණ්ඩුවේ කකුලෙන් ඇදීමක් සිදුවෙනවා කියල. මේ ආණ්ඩුවට තවම අවරුදු එකයි. පසුගිය ආණ්ඩුව අවුරුදු 12 අරගෙනත් රටේ දියුණුවට හරිහැටි ස්තිර සැලෙස්මක් ඇතිකලාද? (ර)
නියම කතාව! (නි)
එක්කෙනෙකුට අඩුම ගානේ 2000ක් වත් ගෙවලා තියෙන්න ඕනෑ. එතකොට 10,000කට මිලියන 20කට වඩා වියදම් කරලා තියෙන්න ඕනෑ. විහිළුව හොඳයි (නි)
සුමනපාල, ඔක්කොටම ඉස්සරවෙලා දැනටමත් ක්‍රියාත්මක ඉන්දු ලංකා නිදහස් වෙළඳ ගිවිසුමෙන් මුල ඉඳලම වාසි ලැබුනේ කාටද කියලා හොයලා බලලා ඉන්න. (නි)
අනේ අම්මපා නාමල්, සුමනපාල වගේ අය ලංකාවේ නෙමෙයි ඉන්න තිබුණේ. ඉන්දියාවේ පහළ වෙන්න තිබුණු සුපිරි මොළගෙඩි දෙකක්. අපරාදේ මෙහෙ නිකන් නාස්ති වෙනවා. (නි)
ජනවාරි 08 වෙනසටත් කවුරුහරි සල්ලි දුන්නද එතකොට? (නි)
උත්තර දෙයි. එතකොට තමා උණ ගන්නේ කාට කාටත්. බලාගෙන ඉන්නකෝ (නි)
ඉන්දියාවේ දුප්පත්කම නැති කරන්න ලංකාවේ අනාගතය බිල්ලට දෙන එක අපි අනුමත කරන්නේ නැහැ. (නි)
අපේ සමහරු දැන් ඉන්දියාවේ කවුරුහරිද කියලා හිතෙනවා අපිට (නි)
අපි බලමුකෝ ජනතා තීරණය මොකක්ද කියලා (නි)
අගමැති තුමනි ඉන්දියාව සමග ගනු දෙනු ඉතා ප්‍රවේශමෙන් , දැනටත් අපේ වෙළඳ පොළ කාර් , මෝටර් බයිසිකල් වලින් අල්ලාගෙන ඉවරයි. ඒවායේ ප්‍රමිතිය ගැන කියන්න ඕන නෑ නේ.......මැද පෙරදිග සියලුම රටවල් වල ප්‍රධාන තනතුරු, ඉංජිනේරු, වෛද්‍ය සිට අතු පතු ගාන සේවකයා දක්වාම සියලුම වෙළඳ ව්‍යාපාර ඔක්කොම අත් පත් කරන් ඉන්නේ ඉන්දියානුවන් ඉතාම පහළ වැටුප් වලට. (බොහෝ උපාධි ඉංජිනේරු වරුන්ට පවා අපේ කාර්මික විදුහලකින් එන සිසුවෙක් තරම් වත් දැනුමක් නෑ.) (බ)
වෛද්‍යවරයෙක්ගෙ හෝ ඉංජිනේරුවෙක්ගෙ දවසක් සල්ලි වලට ගන්න කීයක් වියදම් කරන්න වෙයිද? එහෙම මිනිස්සු දහ දොළොස්දාහක් ගෙන්වන්න ඔය සංවිධායකවරු රුපියල් කෝටි කීයක් වියදම් කරන්න ඇද්ද? මම හිතන්නෙ අගමැතිතුමනි මේකත් අර මුල්‍ය අපරාධ එකට යන විදිහේ කේස් එකක්! හැමදාම ඉන්න හදපු අයට වැරදුනෙත් මිනිසුන්ගෙ විරෝධය තේරුම් ගන්න බැරිවුණ හින්දා. (නි)
නාමල් හිතා ඉන්නේ අපිත් ඔයා වගේ කොණ්ඩේ බැඳලා කියලද? ඔයාගේ නායකයා ප්‍රශ්න විසඳපු හැටි අපි දැකලා නැහැ කියලද හිතන්නේ? (නි)
ඔබතුමා බොහොම බුද්ධිමත් කෙනෙක් කියලා අපි දන්නවා (නි)
නාමල් ......අපේ රටේ මිනිස්සුන්ට තියන රැකියා ටිකත් ඉන්දියාවට දුන්නම...රටේ ආර්ථිකය ගොඩ ඒවි? එහෙ සමහර උපාධි ඇති අය අපේ ඒ ලෙවල් කරන ළමයින් ගේ තරම්වත් සුදුසු කම් වත් නෑ....මෙහෙත් ඉන්නවා කීපදෙනෙක් දැනුම තියෙන්නේ සහතිකේ විතරය් ....වැඩ බැරි ටාසන්ලා....ඉන්න තැන්වල වටේම කෙල ගහ ගන්නවා ... (බ)
අපරාදේ ඡන්දෙ දුන්නේ අපි (නි)
ඔබතුමාට ජයවේවා! (නි)
මෙයාට වැඩි ආයුෂ නෑ..(බ)
ඉන්දීය න් ඔයිල් කොම්පැනියට පෙට්‍රල් ෂෙඩ් දුන්නේ කවුද (බ)
කට අරින්න එපා ඔබ තුමා කිව්වොත් කියන්නේ ඔය වගේ නොගැලපෙන දෙයක්මයි (බ)
රනිල් වික්‍රමසිංහ කියන්නේ ඔයාල හිතන තරම් මෝඩයෙක් නෙවෙයි. මතකද ප්‍රබාකරන් කිවුවා හිවලෙක් වගේ කපටියෙක් කියල. ඉතින් බය වෙන්න එපා. (බ)
ඔබ තුමාට හිටපු අයට නැති එකක් තියනවා ... ඒ තමා බුද්ධිය ....එ්ක නිසා වරදින එකක් නෑ (බ)
අහෝ දුකකි ඉරකි තිතකි !!! (බ)
රටේ අනාගතය දකින්න පුළුවන් ඔබ තුමන් වැනි නායකයෙක් ලබන්න අපි පින් කරලා තියනවා. විවේචන එල්ලවෙයි. අපි ඔබ සමගයි. (බ)
මාර මෝඩකමක් කළේ මෙයාලට ඡන්දේ දීලා (බ)
අගමැතිතුමාගේ කතාව නියමයි (නි)
සරත්, ඔයා මහින්දටද ඡන්දෙ දුන්නේ? (නි)
වෛද්‍ය, ඉංජිනේරු, කළමනාකාර ඇතුළු පිරිස් ඔබ සමඟයි. ඉදිරියට නොසැළී යන්න. අප වෙලාවට පිළිතුරු දෙන්නම් නීතිගරුක නායකයාණෙනි. (නි)
වෘත්තීය සංගම් වල නායකයන්ට සල්ලි දීලා උද්ඝෝෂණ නැවැත්වීමෙනුත් වැඩක් නැහැ (නි)
ජාත්‍යන්තර වෙළද ගිවිසුම් ගැන ජාතික ප්‍රතිපතියක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඔබ තුමා කාලය ලබා දී නැත, අගමැතිතුමා, කොහෙද ඔබ කිව්ව ප්‍රජාතන්ත්‍රවාදය , (බ)
ඉදිරියටම යන්නේ, අපි ඔබ සමඟමයි (නි)
මාර්තු ඡන්දෙද? ගෙදර යන්න සූදානම්වෙලා ඉන්න වෙයි. අපි දෙන්නම්කෝ ගානට (නි)
ප්‍රබාකරන්ට රට ගියානම් හිත හදා ගන්න තිබුන එ්කා කොටියෙක් කියල.(බ)
අණට ලංකාවේ ඉන්දියානුවන්,පකිස්තානුවන් රැකියා කරනවාදැයි නැද්දැයි බලන්න කොළඹම නගරයේ ඇවිදලා කඩේකින් කාලා. ඉන්දියන් වාහන චීන වාහන වර්ජනය කරමු. පිටරට කාර් බලපත්‍ර එපා කියමු . මහපු ඇඳුම් ගෙන්වීමේදී ඉහළ බද්දක් ගහමු .කැමතිද? දෙන්න ඔක්කොම හයියෙන් හූවක්. ,සද්දේ මදියි මුළු රටටම ඇහෙන්න හූවක් (බ)
අපිට නම් සල්ලි දුන්නේ නෑ මාත් ඕකට ගියා ජොබ් එක බේරාගන්න අපි ගියා. ඉන්දියාවේ කාලකන්නි මෙහෙට ගෙන්න එපා (බ)
ඉන්දීයන් ආක්‍රමනික ගිවිසුම්වලට එරෙහිව එකා මෙන් නැගීසිටිය යුතු කාලයයි මේ. (බ)
ඔබ තුමාට සාපවෙයි ලංකාවේ ඉන්න මිනිසුන්ට ජිවත් වෙන්න බැරි වුණාම (බ)
අනුන්ගේ ඡන්දයෙන්, එහෙමත් නැතිනම් ජනපති තුමාගේ පිහිටෙන් සුළුතර ජයග්‍රහණයක් ගැන, දේශපාලන බලපෙරේත ඇමතිකම් ගත්තවුන්ගේ පිහිටෙන් සහ පරාජිතයන් පාර්ලිමේන්තුව ගෙන ශක්තිමත් රජයක් අගමැති වූ නායකයෙකුගේ කතාවක. හැටි ලබන මැතිවරණයේදී ප්‍රතිපල ලැබේවි. (බ)
බොහෝ අයට මේ ගිවිසුම් ගැන අබමල් රේණුවක තරම්වත් අවබෝධයක් නෑ. නමුත් ඒවාට විරුද්ධ වෙන්නේ අර අපේ පරම්පරා ගානක් තිස්සේ එන පුරුද්දට මිසක් වෙන දේකට නෙවේ. වෛද්‍යවරු සහ සමහරක් පුද්ගලයන් මේවට විරුද්ධ වෙන්නේ තමන්ගේ අරමුණු ඉටු කරගැනීමට මිසක් පොදු අරමුණු වලට නෙවේ. මතක නැතුව ඇති ඔය ගොල්ලොම තමයි ලෙඩ්ඩුන්ව ඇපේට තියන්න වුනත් පසුබට වනේ නැත්තේ කාර් පර්මිට් වෙනුවෙන්, නමුත් දැන් බොරුවට කගහනවා. ළිං මැඩි මානසිකත්වයෙන් මිදිලා දැන්වත් රටේ දියුණුව ගැන හිතමු. (බ)
අයවැයක් එක්වරම හදාගන්න බැරි අය මේ වගේ බරපතල ගිවිසුම් වලට එනකොට ඒක ගැන බයක් තියෙනවා (බ)
අපිට තුන්වේලටම බාස්මති හාලේ බත් කතෑකි කට වහගෙන ඉන්නම් සර් (බ)
ඔබ තුමා තමා නියම නායකයා .(බ)
රනිල් ගෙදර යන එක ඉක්මන් කරන වැඩක් මේක .(බ)
පළාත් පාලන ඡන්දය ඉක්මනට තියන්නකෝ මහතයෝ. එතකොට උත්තර දෙන්නම් (නි)
නාමල් ඉන්දියාවේද ? මට මතක් වෙනවා පෙර සංවාදෙකත් මේ ගැන හොදට පැහැදිලි කර දුන්නා. තාම තේරෙන්නේ නැද්ද ? ගිය සුමානේ මුළු වෘත්තික එකතුවම කොළඹ විරෝධතාවයක් පල කළා. දැක්කේ නැද්ද ? නැතිනම් පාට කන්නාඩිය දාගෙන නිසා පෙන්නේ නැද්ද ?කරුණා කර මේ ගිවිසුමෙන් වෙන දේවල් අධ්‍යයනය කරන්න එජාපෙ ඩයස්පෝර හවුලට ඡන්ද දුන්න ට කමක් නැහැ. මේක හුදකලා සිද්ධියක් නොවේ රටේ අනාගතය ගැන ප්‍රශ්නය ක්. ඔන්න පාලමත් ආය දාන්න යන්නේ. කෝ මේ රතු අලි ? එදා 2012 දී මහින්ද මහතා ට නම් විරුද්ධව උඩ පැන්න. (බ)
ඉන්දියාව සමග ගනු දෙනු ඉතා ප්‍රවේශමෙන්. (ර)
අපි ඉන්දියාවටවත් ඉන්දියාව සමග ඇතිකරගන්න හිතකර වෙළද ගිවිසුම්වලටවත් විරුද්ධ නැහැ අපි විරුද්ධ වන්නේ, ඉන්දියානුවන්ට අපේ රටේ රැකියා දීමට. (ර)
ජනක එතකොට ඔයා ප්‍රබාකරන් කියන ඒවා විශ්වාස කරනවද ? (ර)
වැඩි කල් ආණ්ඩුව ගෙනියන්න ඕන නැහැ වගේ.(බ)
මෙයා 2003 ත් ආණ්ඩුව අරගෙන කරගෙන යන්න බැරි වුණා. මේ පාරත් එ්කම කරගන්න හදනවා. අපරාදේ මේකට අපි ඡන්දෙ දුන්නේ.(බ)
අනේ අපේ දරුවන්ගේ රැකියා ටික! (නි)
නාමල්, ඇයි ඉන්දියාවේ ඉංජිනේරුවෝ නැද්ද? විකාර කතා කියන්න එපා (නි)
අගමැතිතුමනි,නොමිලයේ මුදල් දෙන ස්ථානයේ ලිපිනය සඳහන් කරන්න. (බ)
මේ කතා නවත්තලා ගිවිසුම කියවපු කෙනෙක් ඉන්නවා නම් ෆේස් බුක් එකට ෂෙයා කරන්න. (නි)
සුමනපාල කෙකර ගන්නේ නැතුව ඔය ගිවිසුම ගැන අපට ඉගෙන ගන්න ගිවිසුම කොහෙන්ද කියවන්න පුළුවන් කියල කියන්නකෝ. අපේ වන්දනා නඩවලටයි ක්‍රිකට් ක්‍රීඩකයින්ටයි ගහපු සිංහලයින්ට විරුද්ධව පෙළපාලි ගිය ඉන්දියානුවන් පිළිගන්න අපි සූදානම් නැහැ අපි එතරම් නිවට නැහැ. (බ)
නාමල්,ඔබ ඔච්චරම මෝඩද? එහෙම නැත්තන් හෙනම ගැත්තෙක්. මොකෙක් වුනත් රටට වැඩක ඇති එකෙක් නං වෙන්න බැ (බ)
සුමනපාල , අපිද ඔබද මැඩියෝ කියලා කතාවෙන් තේරෙනවා. අපි ඉන්දියන්කාරයෝ එක්ක වැඩ කරන අය. දන්නා නිසයි කියන්නේ. කවුරු කළත් මේ වැඩේ හොඳ නැහැ. (නි)
සුනිල් කුරුවිට මම මේ බලාගෙන උන්නේ මේ අවුරුද්දේ කාර් එකක් ගන්න. තම පොල් ගස් ගලවනවද? එහෙනම් ඉස්සර වෙලා පොල් ගස්ටිකක් ගන්න පුළුවන් වෙයි ද දන්නේ නැහැ ගේ හදා ගන්න එතකොට පස්සේ කාර් එක ගන්න පුළුවන්නේ. වැඩ දෙකම කෙරෙනවා එතකොට . (ර)
ජනක සිරිකොත පැත්තේ එහෙම යනවා වගෙයි. (ර)
සුමනපාල ,ඔයා මේකෙන් ලැබෙන එක වාසියක් දන්නවාද ? ඉන්දියාවෙන් ලංකාවට ඇවිත් වැඩ කරන කොට කොච්චර විදේශ විනිමය එලියට යනවද ? (ර)
කේෂලී බය වෙන්න එපා. හිටපු අනිත් අයට නැති බුද්දියක් මෙයට තියෙනවා කියෙන්නේ ... (ර)
බොහෝ අය දන්නේ නෑ මේ ගිවිසුමෙන් අපේ ඉන්ජිනේරුවන්ටත් ඉන්දියාවේ රැකියා ලබාගත හැකි බව. ඉන්දියාවේ තාක්ෂණ අංශයේ රැකියා අතිරික්තයක් තිබෙනවා. ලංකාවට කවදාවත් එතියි කියා ඉතාන්න බැරි සමාගම් ඉන්දියාවේ තිබෙනවා. ලාංකිකයින්ටත් මේවායේ රැකියා ලබාගත හැකියි. (ර)
අපි දන්නේ නෑ. අපි ළිං මැඩියෝ.ඉතින් ප්‍රඥ්ඥාවන්ත සුමනපාල මත්මයා අපිට දැන් ඔය ගිවිසුමේ තියෙන දේවල් තේරුම් කරල දෙන්නකෝ? (බ)
ඔව් ඔව් , අපිට සල්ලි ගොඩක් දුන්නා එට්කා වලට විරුද්ධව පෙලපාලි යන්න . මම ඒ සල්ලි වලින් දැම්මා ස්ථාවර තැන්පතුවක් .... ලංකා බැංකුවේ (බ)
වෛද්‍යවරු , ඉංජිනේරුවෝ 10 000 ක් විතර පැය 3 - 4 ක් තියාගන්න හෙන ගානක් ගෙවන්න ඇති නේද ? (බ)
කිසි දිනක ඉන්දියාව විශ්වාස කරන්න බෑ. අනුරාධපුර යුගේ ඉඳන් අපිව නැති කළේ ඉන්දියාව . අනික ඔය කියවන අය වගේ නෙවෙයි මේ උද්ගෝෂණයට අාවේ ලංකාවේ හොඳම මීටර් ටික (බ)
කුලියාපිටිය පැත්තේ විශාල පොල් වත්තක් විනාශ කරනවා වොක්ෂ්වගෙන් කර්මාන්ත ශාලාවේ වැඩ අරඹන්න (බ)