IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මිනිස් බළ ප්‍රශ්නය සුව සේවය ලෙඩකරන ලකුණු

ශ්‍රී ලංකාවේ හැම රෝහලක ම ගොඩනැගිලි ඉදිවන බවත්, උපකරණ ද ලැබෙන බවත් කී සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ සුළු සේවකයාගේ සිට දොස්තර දක්වා සියළු දෙනාගේ හිඟයක් පවතින බවයි. දක්ෂිණ සුව විරු අභිෂේක උළෙලේ දී ඒ මහතා මේ බව කීයේය. මේ ප්‍රශ්නයට වහා විසඳුම් නොලැබුණහොත් නොමිළේ සපයන සුවසේවය ගැන අභිමානයෙන් කතා කිරීමට නොහැකිවන බව සෞඛ්‍ය ඇමති කියය. මේ සම්මාන උළෙලේ දී දකුණු පළාතේ හොඳම ප්‍රාදේශීය ‍රෝහල ලෙස බඳගිරිය රෝහලත් හොඳම මූළික රෝහල ලෙස බළපිටිය රෝහලත් සම්මාන ලැබීය.



අදහස් (0)

මිනිස් බළ ප්‍රශ්නය සුව සේවය ලෙඩකරන ලකුණු

දර්ශ Saturday, 28 December 2013 04:10 PM

හිගයට වඩා තිබෙන්නේ නිසිලෙස ඔවුන්ව විමධ්‍යගත නොකිරීම.(අ)

:       0       0

චන්ද්‍රා Saturday, 28 December 2013 04:34 PM

ඇමති කෙනකු පත් කරන්නේ සේවයේ ප්‍රශ්න කියමින් කෙදිරි ගෑමට නොව, ප්‍රශ්න කඩිනමින් විසදා ජනතාවට යහපත් ගුණාත්මක සේවාවක් ලබා දීමටය.(නදී)

:       0       0

අසංක ජයවීර Saturday, 28 December 2013 05:52 PM

සමහර වෛද්‍යවරු සමග වැඩ කිරීම ඉතා අපහසුයි ඔවුන් නියම කළමනාකරුවන් නොවුණත් , ඔවුන්ට කළමනාකරණය ලබාදී ඇත, නිදසුන : රෝහලේ ප්‍රශ්නයක් ඇති වූ සැනින් රෝහල වසාදැමීම , නියම කළමනා කරුවෙක් එසේ නොකරයි (අ)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 28 December 2013 06:30 PM

පොලොන්නරුව පැත්තේ රැකියා හිඟය උග්‍රයි වගේ ඒ ගමන ?(අ)

:       0       0

කලන Sunday, 29 December 2013 08:13 AM

කොහොමත් ඕක නැති කරලා ඉවරයිනේ, ටිකක් හරි ඉතුරු වෙලා තියෙනවනම් එකත් නැති කරලා දාන්න තමයි උත්සාහ කරන්නේ. ප්‍රවාහනය, අධ්‍යාපනය, සෞඛ්‍ය විනාශ කරලා ඉවරයි. ගිහින් බලන්න නවලෝකේ කොච්චර මිනිස්සු පෝලිමේ ඉන්නවද සල්ලි ගෙවල බෙහෙත් ගන්න ඇවිත්.(අ)

:       0       0

ධම්ම Sunday, 29 December 2013 09:56 AM

පොඩ්ඩක් ඉන්නකෝ පුද්ගලික වෛද්‍ය විද්‍යාලවලින් හරිහැටි කට්ටිය පිටවෙනකල් හා පුද්ගලික ශික්ෂණ රෝහල් අරිනකල්. එතකොට ඔය හිඟය අමතක කරලා දාන්න පුලුවන්. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site