ශ්‍රී ලංකාවේ හැම රෝහලක ම ගොඩනැගිලි ඉදිවන බවත්, උපකරණ ද ලැබෙන බවත් කී සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ සුළු සේවකයාගේ සිට දොස්තර දක්වා සියළු දෙනාගේ හිඟයක් පවතින බවයි. දක්ෂිණ සුව විරු අභිෂේක උළෙලේ දී ඒ මහතා මේ බව කීයේය. මේ ප්‍රශ්නයට වහා විසඳුම් නොලැබුණහොත් නොමිළේ සපයන සුවසේවය ගැන අභිමානයෙන් කතා කිරීමට නොහැකිවන බව සෞඛ්‍ය ඇමති කියය. මේ සම්මාන උළෙලේ දී දකුණු පළාතේ හොඳම ප්‍රාදේශීය රෝහල ලෙස බඳගිරිය රෝහලත් හොඳම මූළික රෝහල ලෙස බළපිටිය රෝහලත් සම්මාන ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිගයට වඩා තිබෙන්නේ නිසිලෙස ඔවුන්ව විමධ්‍යගත නොකිරීම.(අ)
ඇමති කෙනකු පත් කරන්නේ සේවයේ ප්‍රශ්න කියමින් කෙදිරි ගෑමට නොව, ප්‍රශ්න කඩිනමින් විසදා ජනතාවට යහපත් ගුණාත්මක සේවාවක් ලබා දීමටය.(නදී)
සමහර වෛද්‍යවරු සමග වැඩ කිරීම ඉතා අපහසුයි ඔවුන් නියම කළමනාකරුවන් නොවුණත් , ඔවුන්ට කළමනාකරණය ලබාදී ඇත, නිදසුන : රෝහලේ ප්‍රශ්නයක් ඇති වූ සැනින් රෝහල වසාදැමීම , නියම කළමනා කරුවෙක් එසේ නොකරයි (අ)
පොලොන්නරුව පැත්තේ රැකියා හිඟය උග්‍රයි වගේ ඒ ගමන ?(අ)
කොහොමත් ඕක නැති කරලා ඉවරයිනේ, ටිකක් හරි ඉතුරු වෙලා තියෙනවනම් එකත් නැති කරලා දාන්න තමයි උත්සාහ කරන්නේ. ප්‍රවාහනය, අධ්‍යාපනය, සෞඛ්‍ය විනාශ කරලා ඉවරයි. ගිහින් බලන්න නවලෝකේ කොච්චර මිනිස්සු පෝලිමේ ඉන්නවද සල්ලි ගෙවල බෙහෙත් ගන්න ඇවිත්.(අ)
පොඩ්ඩක් ඉන්නකෝ පුද්ගලික වෛද්‍ය විද්‍යාලවලින් හරිහැටි කට්ටිය පිටවෙනකල් හා පුද්ගලික ශික්ෂණ රෝහල් අරිනකල්. එතකොට ඔය හිඟය අමතක කරලා දාන්න පුලුවන්. (අ)