
(රංජන් කටුගම්පෙළ)
අමාත්‍යවරුන් වන මනුෂ්‍ය නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන මහත්වරුන් සමගි බලවේගය පක්ෂයෙන් නෙරපීම නීතියානු කූල බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මීට සුළු වේලාවකට පෙර තීන්දු කළේය.
විජිත් මළල්ගොඩ, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබාදී ඇත.
සමගි ජනබලවේගයේ පක්ෂ සාමාජිකත්වය අහිමි කරමින් සමගි ජන බලවේගය ගත් තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මනුෂ නානායකාර සහ හරින් ප්‍රනාන්දු යන අමාත්‍යවරු ගොනු කළ පෙත්සම් නිෂ්ප්‍රභ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව ලබා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දෙපිටකාට්ටෝ දෙන්නාට මරු වැඩේ
පක්ෂයක නමින් ඡන්ද අරන් පයින හැම එකාම එවත් කරන්න ඕනෑ...
සැප්තැම්බර් 21 න් පස්සේ බොහෝ අය සජබ දාලා යනවා, එතකොට සජිත්ට ඉතිරි වෙන්නෙ ආර්යාව විතරයි.
නියමයි.අධිකරණයට ගරුකරනව.sjb ඡන්ද අරගෙන චන්දෙ දීපු මිනිස්සුන්ට පයින් ගහල වාසිය සහ බලය වෙනුවෙන් පනින මේ වගේ ගෙම්බන්ට නීතිය පිලිතුරු දීල.හොද වැඩේ.මුන් හැමදාම කරපු සෙල්ලමක් මේ නීතිය නවත්තල තියෙන්නෙ.මනූස කියන කෙනා මහින්දගේ දෑත් සක්තිමත් කරන්නත් පැන්න.
බලයට තන්හාවෙන් පිලිපැන්න මැත කාලයේ ජුඩාස් හොද පාඩම
ඒ කියන්නේ මේ දෙන්නගේ මන්ත්‍රීදූර අහෝසි වෙනවා.ඊට පස්සේ වෙන දේ බලමුකෝ..
ගෙඹි සංස්කෘතියට තිත. ඡන්ද දායකයන් තදින්ම බලාපොරොත්තු වූ දෙයක්
ප්‍රතිපත්තියක් නැති අවස්ථාවාදීන්ට හොද පාඩම... ළඟදීම මේ දෙන්නා දේශපාලනයෙන් අතුගෑවිලා යනවා.
මේ දෙන්නාට පුදුම අමාරුවක් තිබුණේ.. දැන් සනීප වේවිනේ...
නඩු තීන්දුව ගැන හොඳටම දුකෙන් වගේ ඉන්නේ...!
රනිල් නම් පිට පිටම සොහොන් ලකුණු. ගොක් කොළත් දකීවි තව ටික දොහකින්...!
ශ්‍රේෂ්ඨාධිකරණයට හිස නමා ආචාර කරමි. ජනතාවට ඇති එකම ගැලවුම්කරු. මොවුන් දෙන්නාව මීට කලින් පන්නා දැමිය යුතුයි. Dislike කරපු ගොබ්බයෝ ගැන පුදුම වෙන්න දෙයක් නෑ
නීතියේ දෙවඟන දෑස් වහගෙන හිටියේ අපක්ෂපාති වෙන්න. ඒත් ඒකෙන් මේ මිනිස්සු අයුතු ප්‍රයෝජන ගත්තා. මේක දැනුණු දෙවඟන රෙදි කඩ ඉවත් කරලා ටිකකට රට දිහා බැලුවා. සත්‍යය දැකලා කම්පා වුණා. නැවත ඇස් වසාගත්තත් මේ අපරාධකාරයන්ට දඬුවම් කරන්න තීරණය කළා. මේ ඒකෙ ප්‍රතිඵල. පොලිස්පතිගේ ප්‍රශ්නෙදී රනිල්ටත් ලැබුනේ ඒ ප්‍රතිඵලයමයි. වීසා නිකුත්කිරීම සම්බන්ධයෙනුත් ලැබුනේ ඒකේ ප්‍රතිඵල...