ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිනුවන්ගොඩ ආසන සංවිධායක ලෙස කටයුතු කළ ප්‍රසන්න රණතුංග මහතා කිසිදු දැනුම්දීමකින් තොරව එම තනතුරින් ඉවත් කිරීමට විරෝධය පළ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍ය බල මණ්ඩලයේ ලේකම් පද්මකුමාර අරංගල්ල මහතා පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු මධ්‍යම කාරක සභාවට අද (02) ලිපියක් යවමින් දැනුම් දී ඇත.
මිනුවන්ගොඩ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සංවිධායක ලෙස රුවන් රණතුංග මහතා පිළි නොගන්නා බවත්, ඔහු සමග දේශපාලනය කළ නොහැකි බවත් අරංගල්ල මහතා එම ලිපියේ සඳහන් කර තිබේ.
ප්‍රසන්න රණතුංග මහතා යළි මිනුවන්ගොඩ ආසන සංවිධායක ලෙස පත් කළ යුතු බව ද, එලෙස පත් නොකරන්නේ නම් තව දුරටත් පක්ෂයේ කටයුතු කිරීම ගැන නැවත සිතා බැලීමට සිදුවන බව ද ඔහු සඳහන් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද හිතන්නේ? ඔය වගේ අය ප්‍රසන්න රණතුංග එක්ක එකතුවෙලා අලුත් පක්ෂයක් හදාගන්නකො. (නි)
දෙයියනේ කියලා යන්නකෝ ඉතින් මේ ශ්‍රී ලංකා එක සුද්දකරගන්න දීලා. තව ගොඩක් අය ඉන්නවා එළියට දාන්න. (නි)
ශ්‍රී ල නි ප ය දෙකට කඩලා, බෙදලා විනාශ කරන අය එම පක්ෂයේ තියාගන ඉන්න එක එම පක්ෂයට කරන බරපතල අපරාධයක්. විනයක් නැති කිසිම සංවිධානයකට පැවැත්මක් නැහැ. ඒක තේරුම් ගන්න බැරි අය මොකටද පක්ෂයක තියාගෙන? (ම)
දී කිරට බළල්ලුත් සාක්කිලු.එක වර්ගයක කුරුල්ලෝ එකට ලගිනවලු.(ම)
ශ්‍රී ල නි ප ය බලයට එන්න නම් ජනතාවගේ යහපතට ගන්න හොඳ තීරණ වලට විරුද්ධවෙන පක්ෂයේ ඉන්න ජනතාව පිළිකුල් කරන අය ඉවත්කළ යුතුයි (නි)
අමාවක දිනයක අහස දෙස බලා සඳ ඉල්ලන මහත්වරුනේ. පක්ෂ නායකත්වය සමඟ ඉන්න. (ර)
ඔය කව්රුත් පිළි නොගෙන හිටිය නම් තමයි (ම)
ඔව් නැවත සිතා බලන එක හොඳයි. එතකොටවත් තේරෙයිද බලන්න පක්ෂ නායකත්වයට බැන බැන ඉන්න, පක්ෂ විනය මොකක්දවත් නොදන්නා අය එක්ක ඉන්නවද, නැත්නම් පක්ෂයෙන් පත් කල සංවිධායක එක්ක ඉන්නවද කියලා. (ර)
ඔව් ඉතින්, ඉන්න බැරි නම් යන එක තමයි කරන්න වෙන්නේ (නි)