දෙල්කඳ තම නිවසේ ඉදි කිරීම් සොදිසියට ගොස් සිටියදී පරාලයක් හිසේ වැදී මිය ගිය මේජර් ජෙනරාල් සුමිත් රෝහණ මානවඩු ගේ දේහය බොරැල්ල කනත්තේදී ත්‍රිවිද හමුදා උත්තමාචාර හා වෙඩි මුර 21 ක් මැද අවසන් ගමන් ගියේය. ලබන ජූනියේ ඔහු විශ්‍රාම යන්නට සිටියේය.
ඔහු මහින්ද රාජපක්ෂ රජය සමයේ ශ්‍රී ලංකාවේ මලයාසියා තානාපති කාර්යයාලයේ සේවය කළේය.
ඔහුගේ වියෝවෙන් බිරිය හා දරු තිදෙනෙක් වියොවට පත්ව සිටිති.
යුද හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් මේජර් ජෙනරාල් මානවඩුගේ හමුදා ආම්පන්න මානවඩු මහත්මියට ලබා දුන්නාය.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
745
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මානවඩුට ත්‍රිවිද හමුදා ගෞරව
සුනිල් Monday, 09 May 2016 03:01 AM
කණගාටුයි මේ සිද්ධවුණ දේ ගැන. කෙසේනමුත් කළකම් පළදෙනවා කියන්නේ ඕකට තමා. (නි)
සුදේශ් Monday, 09 May 2016 04:22 AM
සුනිල් ඔය තරම් කුහක වෙන්න එපා. රණවිරුවාණෙනි, ශ්‍රී ලාංකික අපට ජීවිත ලබාදී අපෙන් වෙන්වුනු ඔබට අපගේ ආචාරය! (බ)
අශෝක ද සොයිසා Monday, 09 May 2016 04:27 AM
සුනිල් මම ඔබ සමගයි (බ)
ඉසුරන්දි Monday, 09 May 2016 04:31 AM
මාරයා අපේ හෙවනැල්ල වගේ.කොයි මොහොතේ හරි ඩෑහෑ ගන්න බලන්නේ වෙලාව ආවාම.ඔබට නිවන් සුව පතමි! (බ)
ජගත් Sunday, 08 May 2016 12:15 PM
එතුමා යුද්ධ සමයේදී එඩිතරව ත්‍රස්තවාදයට මුහුණදුන්, යුධපිටියේදී නිර්භීතව ත්‍රස්තයත් සමඟ සටන් කළ සෙන්පතියෙකි. එතුමා, අපි සියලු දෙනා නිවන් සුව පතමු! (නි)
ආලෝක Monday, 09 May 2016 11:50 AM
අපි මොන කරලා ජීවත් වුණත් මැරෙනවා කියල තේරුම් අරගෙන ජීවත් වුණොත් හොදයි. මිනිසත් භාවය ඉතාම දුර්ලභයි. ඉන්නකම් පින් කම් කරන්න. (අ)
දොන් Sunday, 08 May 2016 12:54 PM
අපිට විශිෂ්ට විරුවෙක් නැතිවුණා (නි)
නයනා Sunday, 08 May 2016 01:11 PM
ගෞරවනීය විරුවාණනි, ඔබට නිවන් සුව! (නි)
කුමාර් (ගල්ෆ්) Sunday, 08 May 2016 02:13 PM
රණවිරුවාණෙනි, ඔබට අපගේ ආචාරය! (නි)
ෆෛරූස් Monday, 09 May 2016 06:35 AM
ඔබට අපගේ ආචාරය! (බ)
හෂාන් Sunday, 08 May 2016 09:37 PM
ඉතා දක්ෂ, අවංක හොඳ රණවිරුවෙක්. නිවන් සැප ලැබේවා!! (නි)
ටිකිරි Monday, 09 May 2016 01:01 AM
අපි කාටත් මේ ගමන යන්න වෙනවා. කවුද හිතුවේ සුමිත් මානවඩු මහත්තයාට මෙහෙම වෙයි කියලා. මේක තමි අනිත්‍යය කියන්නේ. අපි සැවොම මතකතබා ගතයුතු කරුණක් වන්නේ, තමා කොපමණ ලොක්කෙක් වුණත් නිහතමානීව ජීවත්විමයි (නි)
ටෙෂාන් Monday, 09 May 2016 01:22 AM
අපිටත් හරිම කණගාටුයි මේ සිද්ධවුණ දේ ගැන (නි)
ලතා Monday, 09 May 2016 01:43 AM
නිවන් සුව ලැබේවා! (නි)