දෙල්කඳ තම නිවසේ ඉදි කිරීම් සොදිසියට ගොස් සිටියදී පරාලයක් හිසේ වැදී මිය ගිය මේජර් ජෙනරාල් සුමිත් රෝහණ මානවඩු ගේ දේහය බොරැල්ල කනත්තේදී ත්‍රිවිද හමුදා උත්තමාචාර හා වෙඩි මුර 21 ක් මැද අවසන් ගමන් ගියේය. ලබන ජූනියේ ඔහු විශ්‍රාම යන්නට සිටියේය.
ඔහු මහින්ද රාජපක්ෂ රජය සමයේ ශ්‍රී ලංකාවේ මලයාසියා තානාපති කාර්යයාලයේ සේවය කළේය.
ඔහුගේ වියෝවෙන් බිරිය හා දරු තිදෙනෙක් වියොවට පත්ව සිටිති.
යුද හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් මේජර් ජෙනරාල් මානවඩුගේ හමුදා ආම්පන්න මානවඩු මහත්මියට ලබා දුන්නාය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කණගාටුයි මේ සිද්ධවුණ දේ ගැන. කෙසේනමුත් කළකම් පළදෙනවා කියන්නේ ඕකට තමා. (නි)
සුනිල් ඔය තරම් කුහක වෙන්න එපා. රණවිරුවාණෙනි, ශ්‍රී ලාංකික අපට ජීවිත ලබාදී අපෙන් වෙන්වුනු ඔබට අපගේ ආචාරය! (බ)
සුනිල් මම ඔබ සමගයි (බ)
මාරයා අපේ හෙවනැල්ල වගේ.කොයි මොහොතේ හරි ඩෑහෑ ගන්න බලන්නේ වෙලාව ආවාම.ඔබට නිවන් සුව පතමි! (බ)
එතුමා යුද්ධ සමයේදී එඩිතරව ත්‍රස්තවාදයට මුහුණදුන්, යුධපිටියේදී නිර්භීතව ත්‍රස්තයත් සමඟ සටන් කළ සෙන්පතියෙකි. එතුමා, අපි සියලු දෙනා නිවන් සුව පතමු! (නි)
අපි මොන කරලා ජීවත් වුණත් මැරෙනවා කියල තේරුම් අරගෙන ජීවත් වුණොත් හොදයි. මිනිසත් භාවය ඉතාම දුර්ලභයි. ඉන්නකම් පින් කම් කරන්න. (අ)
අපිට විශිෂ්ට විරුවෙක් නැතිවුණා (නි)
ගෞරවනීය විරුවාණනි, ඔබට නිවන් සුව! (නි)
රණවිරුවාණෙනි, ඔබට අපගේ ආචාරය! (නි)
ඔබට අපගේ ආචාරය! (බ)
ඉතා දක්ෂ, අවංක හොඳ රණවිරුවෙක්. නිවන් සැප ලැබේවා!! (නි)
අපි කාටත් මේ ගමන යන්න වෙනවා. කවුද හිතුවේ සුමිත් මානවඩු මහත්තයාට මෙහෙම වෙයි කියලා. මේක තමි අනිත්‍යය කියන්නේ. අපි සැවොම මතකතබා ගතයුතු කරුණක් වන්නේ, තමා කොපමණ ලොක්කෙක් වුණත් නිහතමානීව ජීවත්විමයි (නි)
අපිටත් හරිම කණගාටුයි මේ සිද්ධවුණ දේ ගැන (නි)
නිවන් සුව ලැබේවා! (නි)