නුගේගොඩ දෙල්කඳ සිය නිවස ඉදිකිරීමේ කටයුතුවලට සහභාගීවී සිටියදී පරාලයක් හිසේ වැදී අනතුරට ලක්ව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මේජර් ජනරාල් සුමිත් මානවඩු මහතා අද (6) පෙරවරුවේ මිය ගිය බව රෝහල් ආරංචි කියයි.
යුද හමුදා කාලතුවක්කු බළකායේ කර්නල් සේනා විධායක මේජර් ජනරාල් සුමිත් මානවඩු 2010 ජනපතිවරණයෙන් පසු ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට සම්බන්ධව කටයුතු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෙනට් මහත්තයෝ, නරකද ඔබම මේ ගැන පරීක්ෂණයක් පැවැත්වුවොත්? (නි)
කර්මඵල විපාකයෙන් අපිට ගැළවීමක් නැත (නි)
ශ්‍රේෂ්ඨ විරුවාණනි, ඔබට නිවන්සුව! ඔබ හෙළ බිම රැකගැනීමට කළ කැපවීම සදා සිහිවටනයකි. (නි)
බෙනට්,පරාලයක් හිසේ වැදී සිදුවූ මරණයක් නිසා ඔය සැකය අඩුකර ගන්න බලන්න. (නි)
ඔබ මිනිසුන් අතර සිටි සැබෑ මිනිසෙකි... ඔබට නිවන් සුව අත්වේවා...! (ර)
අපිට හරිම කණගාටුයි (නි)
මෙතුමාට නිවන් සැප ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමි. එහෙත් මෙතුමා සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගත් ආකාරය ඉතාමත් පිළිකුල්සහගතයි. ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් එය ශාප කරමින් ප්‍රතික්ෂේප කරන්නට ඇති. ඉදිරියටත් එවැනි දේ කරන නිලධාරීන් කෙනෙකුගේ ගෞරයට හානි නොවී එම දේ කළා නම් හොඳයි. (නි)
අජන්ත, කාට කාටත් මේවා හොඳ පාඩම්.
වීරෝධාර රණවිරුවාණෙනි, ඔබ තුමා අප රටට මහත් ගෞරවයක් ගෙන දුන් නිල පුත්‍ර රත්නයෙකි. ඉතා අවංක, නිහතමානි, නිර්භීත නිලධාරිතුමෙකි. සසර වසනා තෙක් මෙවන් අකල් මරණයකට පත් නොවේවා ! ඔබතුමාට නිවන් සුව !!! (බ)
භව ගමන කෙටි වේවා,සුගතිගාමී දිවියකට මං සැලසේවා සියලු පාපයන්ගෙන් දුරුවී කුසල් රැස්කළ හැකි භවයකට ලං වේවා!අධර්මිෂ්ට ,පාපතරයන් හමු නොවේවා!! (බ)
නිවන් සුව පතමි ඔබ තුමාට , රටට කල අගනා සේවයට ජාතියේ ගෞරවය. (ර)
සර්ට නිවන් සැප ලැබේවා. මෙවන් මරණයකට මතු උපදින කිසිම බවයක අත් නොවේවා.! (ර)
නිවන් සුව පතමු. අපිට මරණය එන්නේ කවදද කොහෙදිද දන්නේ නැහැ (නි)
එතුමාට නිවන් සැප ලැබේවා (ම)
මරණයට පත් වූ කෙනෙකුට ගරහන එක එතරම් සුදුසු නැහැ. නමුත් බුදුන් වහන්සේ දේශනා කළ ධර්මයේ අඩංගු දිට්ට ධර්ම වේදනිය කර්මය කියන වචන ටිකත්, ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගත් ආකාරයත් සිහියට නැඟුනා (නි)
මේජර් ජනරාල් සුමිත් මානවඩු මහතානෙනි ඔබට ජාතියේ ගෞරවය (ම)
දුක සැප නීති පෙරලේ. රිය සක ලෙස ලෝකේ. කල කි දෑ වැපුරු ලෙසම අස්වන්න ලබත්. (ම)
කර්මය මෙලොවදීම පටිසන් දෙනවා කියන්නේ මේවට තමයි. (නි)
තතො නං දුක්ඛමන්වෙති – චක්කංව වහතො පදං. (ම)
මට නම් සැකයි මේ මරණය (බ)
දිලිප් සහ නිශාන්ත මරණය කියන්නේ කාටත් පොදු දෙයක් වටිනා ජීවිතයක් නැති වුනාම අඩුම තරමේ එතුමාට නිවන් සැප ප්‍රර්ථනා කරන්න පුරුදුවෙන්න (බ)
මෙහෙම විපත් වෙන්නේ ගේ හදන නැකත ගෙහිමියාට මාරක වෙන විදියට හැදුනහමයි. පොඩ්ඩක් හොයලා බලන්න (නි)
ඔබට නිවන් සුව! (නි)
සර්ට නිවන් සුව අප අතරම ඉපදේවා (ම)
නිවන් සැප ලැබේවා (ම)
වැඩබිමක පළඳින ආරක්‍ෂිත හිස්වැස්මක් පැළඳ හිටියනම් එතුමාට මාරක අනතුර වලක්වා ගන්ට තිබුණා. සමහරක් වෙලාවට අතපසුවීම් වෙනවනේ. බොහොම කණගාටුදායක මරණයක්. එතුමාට නිවන් සුව පතමි. (ම)