ශ්‍රී ලංකාවේදී සිදු වී ඇතැයි කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විදවත් කමිටුවේ අවසන් වාර්තාව ලබන මස ඇරඹෙන ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට ඉදිරිපත් කිරීමට පෙර මානව හිමිකම් පිළීබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු මෙරට නිල සංචාරයක නිරත වීමට අවධානය යොමු ව ඇතැයි ජීනීවා ආරංචි පවසයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල තිස් වැනි සැසිවාරය ලබන මස 14 වැනිදා ජීනීවා නුවරදී ඇරඹීමට නියමිත අතර ඊට ප‍්‍රථමයෙන් ඔහු දිවයිනට පැමිණීමට අපේක්ෂාවෙන් පසුවන බව එම ආරංචි මාර්ග කියයි.
මානව හිමිකම් මහකොමසාරිස්වරයා ඔහු පැමිණෙන දින වකවානු පිළිබඳ අවසන් තීරණයකට එළැඹී නැතැයි ද කියති.
මේ අතර ශ්‍රී ලංකාවේදී සිදු වී ඇතැයි කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විදවත් කමිටුවේ අවසන් වාර්තාව ලබන මස 30 වැනිදා ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසියට ද ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාර කවුද මංගල යෝජනාව ගේන්නේ? (අ)
ලංකාවේ පහුගිය කාලේ මානව හිමිකම් උල්ලංඝනය වීම් වෙලා තියෙනවා... ඒක පිලිගෙන ඒවාට වැරදිකරුවන් වූ අය සොයාබලා දඩුවම් කිරීම රටට නම්බුවක් මිස මදිකමක් නෙමේ... (බ)
ගියපාර මර්වින් සිල්වාගේ දඬු මොනරේ පෙන්නන්න ගිහිල්ල වැඩේ අල උනා. ඒක පොඩි වැඩිලු. මේ පාර ලොකු දඬු මොනරයක් තියන කෙනෙක්ව හොයාගන්න කල්තියාම. (නදී)
අලුත්ම මානව හිමිකම් උල්ලංඝණය තමයි ඡන්දෙන් පැරදිච්ච අය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යවපු එක.(ම)
මේ ඊනියා මානව හිමිකම් නියෝජිතයින් මේ රට කොටි ත්‍රස්තවාදයෙන් නිදහස් කර ගත් නායකයින් සහ හමුදා නිලධාරින් දන්ගෙඩියට ගෙන යාමට සහ රට බෙදා වෙන් කිරීමට නිවට පාලකයින්ට උපදෙස් දෙන්න එන බව ජනතාව තේරුම් ගත යුතුයි (අ)
ඇයි, ප්‍රදීප් එක්නැලිගොඩ ඝාතනය මානව හිමිකම් උල්ලංගනයක් නොවෙයිද ? (නදී)