ශ්‍රී ලංකාවේදී සිදු වී ඇතැයි කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විදවත් කමිටුවේ අවසන් වාර්තාව ලබන මස ඇරඹෙන ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට ඉදිරිපත් කිරීමට පෙර මානව හිමිකම් පිළීබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු මෙරට නිල සංචාරයක නිරත වීමට අවධානය යොමු ව ඇතැයි ජීනීවා ආරංචි පවසයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල තිස් වැනි සැසිවාරය ලබන මස 14 වැනිදා ජීනීවා නුවරදී ඇරඹීමට නියමිත අතර ඊට ප‍්‍රථමයෙන් ඔහු දිවයිනට පැමිණීමට අපේක්ෂාවෙන් පසුවන බව එම ආරංචි මාර්ග කියයි.
මානව හිමිකම් මහකොමසාරිස්වරයා ඔහු පැමිණෙන දින වකවානු පිළිබඳ අවසන් තීරණයකට එළැඹී නැතැයි ද කියති.
මේ අතර ශ්‍රී ලංකාවේදී සිදු වී ඇතැයි කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විදවත් කමිටුවේ අවසන් වාර්තාව ලබන මස 30 වැනිදා ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසියට ද ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
2025 දෙසැම්බර් මස 18
284
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මානව හිමිකම් මහ කොමසාරිස් ලංකාවට එන ලකුණු
සමිත් Thursday, 27 August 2015 02:16 PM
මේ පාර කවුද මංගල යෝජනාව ගේන්නේ? (අ)
නාමල් Thursday, 27 August 2015 03:30 PM
ලංකාවේ පහුගිය කාලේ මානව හිමිකම් උල්ලංඝනය වීම් වෙලා තියෙනවා... ඒක පිලිගෙන ඒවාට වැරදිකරුවන් වූ අය සොයාබලා දඩුවම් කිරීම රටට නම්බුවක් මිස මදිකමක් නෙමේ... (බ)
ස්මිත් Thursday, 27 August 2015 04:39 PM
ගියපාර මර්වින් සිල්වාගේ දඬු මොනරේ පෙන්නන්න ගිහිල්ල වැඩේ අල උනා. ඒක පොඩි වැඩිලු. මේ පාර ලොකු දඬු මොනරයක් තියන කෙනෙක්ව හොයාගන්න කල්තියාම. (නදී)
චන්න බුවනක Friday, 28 August 2015 08:08 AM
අලුත්ම මානව හිමිකම් උල්ලංඝණය තමයි ඡන්දෙන් පැරදිච්ච අය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යවපු එක.(ම)
ප්‍රකාශ් Saturday, 29 August 2015 07:13 AM
මේ ඊනියා මානව හිමිකම් නියෝජිතයින් මේ රට කොටි ත්‍රස්තවාදයෙන් නිදහස් කර ගත් නායකයින් සහ හමුදා නිලධාරින් දන්ගෙඩියට ගෙන යාමට සහ රට බෙදා වෙන් කිරීමට නිවට පාලකයින්ට උපදෙස් දෙන්න එන බව ජනතාව තේරුම් ගත යුතුයි (අ)
කැනඩා දිසා Friday, 28 August 2015 01:05 AM
ඇයි, ප්‍රදීප් එක්නැලිගොඩ ඝාතනය මානව හිමිකම් උල්ලංගනයක් නොවෙයිද ? (නදී)