IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මානව හිමිකම් කමිසුරු ලක් වැඩපිළිවෙළ අගයයි

ප්‍රතිසන්ධානය, වගවීම සහ කල්පවත්නා සාමය ඇතිකිරීම සඳහා ශ්‍රී ලංකාව ඔවුන්ගේම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු පවසයි.

ශ්‍රී ලංකා රජය විසින් මේ වන විටත් වැදගත් පියවර රැසක් ගෙන ඇති බව ඔහු පෙන්වා දී ඇත.

ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 31 වැනි සැසිවාරයට සිය වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමින් සෙයිද් රාද් අල් හුසේන් කුමරු මේ බව සඳහන් කර ඇතැයි ජිනීවා තානාපති ආරංචි මාර්ග පවසයි.

විශේෂයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ, ස්වාධීන ආයතන ස්ථාපිත කිරීම, නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට සහ විවාද සඳහා සුදුසු පරිසරය නිර්මාණය කිරීම වැනි කරුණු ශ්‍රී ලංකා රජය විසින් ගෙන ඇති වැදගත් පියවර ලෙස හැඳින්විය හැකි බව මහකොමසාරිස්එහිදී පවසා ඇත.

ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම ප්‍රතිසන්ධානය වෙනුවෙන් ගත් වැදගත් පියවරක් ලෙස ද මහකොමසාරිස්සඳහන් කර තිබේ.

කෙසේවෙතත් රැඳවුම් භාරයේ පසුවන පුද්ගලයින්ට අදාළ නඩු කඩිනමින් විසඳීම, අතුරුදන්වූවන්ගේ ගැටලු විසඳීම, ආරක්ෂක අංශ භාරයේ පවතින ඉඩම් නිදහස් කිරීම යන කරුණු ද කඩිනමින් ඉටු කළ යුතුව පවතින බව සෙයිද් රාද් අල් හුසේන් කුමරු කියා සිටියේය.

එමෙන්ම මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා සම්පුර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට අදාළව ශ්‍රී ලංකාවේ නීති ක්‍රියාවලියේ වෙනසක් සිදු කිරීමට නියමිත බැවින්  ඉදිරි මාස කිහිපයක කාලය ශ්‍රී ලංකාවට වැදගත් කාල සීමාවක් වනු ඇති බවත්, ශ්‍රී ලංකාවේ ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ලබන ජුනි මාසයේ පැවැත්වෙන සැසිවාරයට ඉදිරිපත් කරන බවත්, මානව හිමිකම් මහකොමසාරිස්වරයා කවුන්සිල සැසිවාරයේ දී ප්‍රකාශ කර තිබේ.

 



අදහස් (0)

මානව හිමිකම් කමිසුරු ලක් වැඩපිළිවෙළ අගයයි

සොපි Saturday, 12 March 2016 08:35 AM

මෙයාලා එන්නේ මොකාටද කියලා දැන් දැන් හොඳට රටවැසියාට තේරෙනවා. නඩුයි බඩුයි දෙකම හාමුදුරුවන්ගේ තමයි (නි)

:       0       0

චමල්කා Friday, 11 March 2016 07:37 PM

කවුරු මොනවා කිවුවත් කමක් නැහැ, අන්තිමේදී මගේ රටට වෙන්නේ යහපතක් නම් එච්චරයි අපිට ඕනෑ. (නි)

:       0       0

ඉන්දු Friday, 11 March 2016 10:57 PM

බොහොම සතුටු ඇතිනේ කොහොමත් ඉතින්. මොකද කලින් මෙහෙම වුණේ නැහැනේ (නි)

:       0       0

නුවන් Friday, 11 March 2016 10:18 AM

කලිනුත් අපේම වැඩපිළිවෙලක් කරගෙන ගියා උගත්පාඩම් කොමිටිය හරහා එක දැක්කත් නොදැක්කවාගෙ විවෙචනය කළා දේශපාලන කාලසටහන් තමයි මේ ඹක්කොම. (ර)

:       0       0

පිටබැද්දර ජයා Friday, 11 March 2016 10:17 AM

කොහොමද වෙනස ? යහපත් ප්‍රතිචාරයක්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 646 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 311 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site