පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම සම්බන්ධ ගැටළුවකට මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටි නුගේගොඩ අනුලා විද්‍යාලයයේ හිටපු විදුහල්පතිනියගෙන් ඊට අදාල නොවන සිද්ධියක් ගැන කරුණු විමසා බලපෑම් කළැයි කියන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරයකුට එරෙහිව ලංකා ගුරු සංගමය පැමිණිලි කළේය.
සභාපති ප්‍රියන්ත පෙරේරා මහතා වෙනුවෙන් එම කොමිසමේ නීති ලේකම් නිමල් පුංචිහේවා මහතා පැමිණිල්ල බාර ගත්තේය.
පාසලේ ශිෂ්‍ය නායකයන් පත්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම බලපෑම කළ බවට විදුහල්පතිනිය ලොග් සටහනක් තබා ඇතැයි ද ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු විදුහල්පතිනිය ස්ථිර පත්වීමක් ගනිපු කෙනෙක් නොවෙයි නේද? අලුතින් පත්වූ නීත්‍යානුකූල විදුහල්පතිතුමියට එම තනතුර බාර නොදීමට කෙතරම් උත්සාහ ගත්තේද? (නදී)
කොමිසම මානව හිමිකම් කොමිසම උනත්, කවුරුත් නීති කඩන එකේ මෙතුමා ඒක කලාම මොකටද කලබල වෙන්නේ. (නදී)