අතුරු නියෝග නිකුත් කිරිම ,අපහාස නඩු අභියාචනාධිකරණයේ හෝ මහාධිකරණයේ පැවරිම ඇතුළු ප්‍රධාන සංශෝධන පහක් මගින් මානව හිමිකම් නීතීය තවත් බල ගැන්වීමේ යෝජනා ජනපතිට හා අධිකරණ අමාත්‍යංශ්‍යයට යැවු බව එහි ආරංචි කියයි.
මානවහිමිකම් කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා පැවසුයේ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකරන නිලධරයන් කොමිසමට අපහාස කළා සේ සලකා නඩු පැවරීමට මේ සංශෝධන මගින් ඉඩ කඩ ලැබෙන බවයි.
පරීක්ෂණ අවසන් වන තුරු අතුරු නියෝග නිකුත් කිරීමේ බලය යටතේ කොමිසමට ලැබෙන බව ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන බලතල තිබුනත් හැන්ද වෙන අයගේ අතේ නේ. (ස)
හොද වැඩක්. බලමු මොකද වෙන්නේ කියලා. (නි)
අධිකරණ බලතල ලබා දෙනවා නම් එහි පත්වීම් සිදු කිරීමත් විධිමත්ව පිරිසිදුව කළ යුතුයි (නි)
බලතල වැඩි වීම අත්‍යාවශ්‍ය වූවක්. නමුත් ඒකී බලතල ක්‍රියාත්මක කිරීමට පූර්ණ ස්වාධීන ප්‍රවේශයක අවශ්‍යතාවක් ඇත.(නදී)
ඒකත් නරක නැහැ (නි)
කැලුම් හරි, බලේ ඕනේ තරම් දීල තියෙද්දී මොනවත් කෙරෙන්නේ නැහැ? රටම අවමන් ලබනවා. යටත් විජිතෙකට වගේ අපිට අණ දෙන්නේ සුද්දෝ? මේ කරනවා ඇත්තේ අපේ කාට හරි මුකවාඩම් දාන්න වෙන්නැති? හොයල බලන්න. (ස)
ඒක හොදයි (නි)
බලතල දෙනවා වගේම හරියට ක්‍රියාත්මක වියයුතුයි (නි)
ඔය කොමිෂන් වලින් ඇත්තෙන්ම ඇති ඵලය කුමක්ද? (නි)
මොනවා දුන්නත් අපේ රජ තුමාගේ කීමට යටයි නේ.(නදී)
අපි හරියට වැඩක් නොකරන නිසා නේද මේ ඔක්කොම ? (නදී)
වැඩි බලතල දුන්නේ ඇයි? (නදී)
මේ වැඩි බලතල නෙමේ තිබිය යුතු බලතල මේවා. මෙතුවක් කල් දීලා තිබුනේ නැහැ හංගගෙන හිටියේ. ලෝකයාගේ බලපෑමට තමයි මේවා දුන්නේ. (නදී)
බලතල අණ පනත් නම් ඕනෑතරම් තියෙනවා අනේ (නි)
මේ ඉල්ලන බලතල වෙන රටවලත් දෙනවද , ? මේ කට්ටිය බටහිර රටවල හෝ ඇමරිකාවේ සිදුවන සහ දැනටත් සිදු කරන මානුෂික අයිතීන් කඩ කිරීම් ගැන කතා කරනවද ? මේවා ඔක්කොම අපේ රටට නැති නම් තුන්වන ලෝකයේ දුප්පත් රටවලට පමණද ? (ස)