අපි විවාහ වුණේ 1986-ඔක්තෝබර් 25 වැනිදා. ඒ කියන්නේ මීට අවුරුදු 30කට පෙරදීයි. අවුරුදු තිහක් ගෙවිලා ගියා. ඒ වෙද්දි අපි දෙන්නා ආච්චි - සීයා වෙලා. ආපස්සට හැරිලා බලද්දි, ඒක ඇත්තටම සුන්දර ගමනක්. බොහෝ සුන්දර ගමනක් ආ වග තමයි හැඟෙන්නේ.
ජීවිතයේ අපි පටන් ගත්තේ පුංචි තැන් වලින්. අපට සියල්ල සම්පූර්ණ වෙච්ච පරිසරයක් තිබුණෙ නැහැ. මහා මන්දිර - සඳළු තල තිබුණෙත් නැහැ. ඒත් අපි දෙන්නට ප‍්‍රාර්ථනා තිබුණා. ඒ ප‍්‍රාර්ථනාවන් ඔස්සේ ගියා. හැබැයි ඒවා බිඳ වැටෙන්න ඉඩ දුන්නේ නැහැ. ඒවා එක්ක එල්ලිලා ගමන් කළා. ඒ අතරේ දුක් කරදර නොපැමිණියාම නොවෙයි. ඒ සියල්ලට මුහුණ දීලා ආපු ගමනක් මේ.”
යුගදිවි ගමනේ 30 වසරක් කියන්නෙ සුළුපටු කාලයක් නොවෙයි. ඒ විදියට ගමනක් එන්න නම්, ආදරය වගේම ඊට එහා ගිය ගෞරවයකුත් දෙදෙනා අතර තිබිය යුතුයි. මේ ප‍්‍රවීණ රංගන ශිල්පී යුවළ ඊට කදිම උදාහරණයකැයි කිව හැකිය. ස්වකීය යුග දිවි ගමනේ තිස් වසරක් සපිරෙන මොහොතේදී, ශ‍්‍රියන්ත - කුසුම් යුවළ නැවතත් මනාල යුවළක් ලෙස හැඩවුණා. අවුරුදු තිහක සැමරුම ඇයි ඒ විදියට සනිටුහන් කළේ?
ශ‍්‍රියන්ත ඇයි නැවතත් මේ විදියට මනාලයකු වෙන්න හිතුවේ?
ඒක ඇත්තටම කුසුම්ගෙ අදහසක්. හැබැයි අපි එදා 1986 දි මංගල ඡුායාරූපයකට පෙනී සිටියට පසුව ඉන් වසර පහළොවකට පස්සේ නැවතත් මනාල යුවලක ලෙස හැඩ වීමට අපි දෙන්නට අවකාශය ලැබුණා. සෝමරත්න දිසානායක ශූරීන්ගේ ”පුංචි සුරංගනාවී’’ චිත‍්‍රපටය වෙනුවෙන් තමයි ඒ විදියට හැඩ වුණේ.
”කුසුම්” ඇයි ඔබට මේ විදියෙ අදහසක් ඇති වුණේ?
නව පරපුරේ දක්ෂයින්ට අපි ශක්තියක් වෙන්න ඕනෑ. මේ වගේ අදහසක් අපට තිබුණෙ නැහැ. නමුත් මේ දක්ෂ ළමයි ටික එකතු වෙලා තමයි මේ සියල්ල සම්පාදනය කළේ.
කවුද මේ කියන දරුවෝ?
ඇඳුම් නිර්මාණ ශිල්පී ප‍්‍රනීත් රණවීර පුතා තමයි මේ අදහස ගෙනාවේ. එතකොට මම කිව්වේ, පුතේ ශ‍්‍රියන්ත මාමාව මේ වැඬේට කැමති කරවා ගන්න එක ලෙහෙසි දෙයක් නෙවෙයි. එයා මේකට කැමති වෙයිද දන්නෙත් නැහැ කියලයි. නමුත් අතිශය කාර්යබහුලව සිටින අතරේ ශ‍්‍රියන්ත ඊට අවකාශය ලබාදුන්නා. ඒ අනුව ප‍්‍රනීත් පුතා මා වෙනුවෙන් උඩරට ඔසරි නිර්මාණය හරි අපූරුවට කළා. ශ‍්‍රියන්ත වෙනුවෙන් නිලමේ ඇඳුම සම්පාදනය කළේ සඳකඩ නිලමේ ඇඳුම් ආයතනයයි. වත්මනෙහි අපට සිටින දක්ෂතම රූපලාවන්‍ය ශිල්පියකු වන ලක්කිත උක්වත්ත මාව හැඩගැන්වීම් කළා. ඔය දරුවො ටික එකතු වෙලා තමයි මේ වැඬේ සාර්ථකව කළේ. ඒ නිසා එයාලගෙ නිර්මාණ කටයුතු වලට ලොකු ආලෝකයක් ගෙන දීම අපේ අරමුණ වුණා. ඒ වගේම අපි කලින් සැලසුම් නොකළත් නැවත අපි දෙන්නා මනාල යුවළක ලෙස හැඩගැන්වීම සිදුවුණාම අපිට ලොකු සතුටක් ඇති වුණේ. ඒ හින්දාම ඒ මොහොතේ අපි දන්නා කියන අපේ මාධ්‍ය ක්ෂේත‍්‍රයේ කීප දෙනෙකුට ආරාධනා කළා. අපේ හිටපු ලෝ ප‍්‍රකට ක‍්‍රීඩක ඩිල්ෂාන්ගෙ D-Pavillion ස්ථානයට එන්න කියලා. එතැනදි තමයි අපි ඡුායාරූප වලට පෙනී සිටියේ.
ශ‍්‍රියන්ත දැන් මේ වගේ අවස්ථා විලාසිතාවක් වගේ වෙලා. රැුල්ලක් කිව්වත් නිවැරදියි. පසුගිය දිනෙක අපේ ප‍්‍රවීණ ජනප‍්‍රිය යුවළක් මේ විදියට සැමරුවා. මේක නිසා ජනප‍්‍රියත්වයත් සහ සමාජයේ කතාබහකට ලක්වීම අරමුණ කිව්වොත්?
කොහෙත්ම එහෙම දෙයක් නොවෙයි. සාමාන්‍යයෙන් කලාකරුවන්ගේ පවුල් ජීවිත අසාර්ථකයි යන මතය සමාජයේ සමහර අය අතර තිබෙන දෙයක්. නමුත් ජීවිතයේ වටිනාකම දැනෙන විට හරියට උපන්දිනය අවුරුදු පතා සමරනවා. ඒ වගේ අපට විවාහ දිනයත් සමරන්න පුලූවනි. අනෙක කලාකරුවන්ගේ පවුල් ජීවිත අසාර්ථක නැහැ කියන පණිවුඩය අපට සමාජයට දෙන්න පුලූවනි. කුසුම්ට සහ මට ඒ අභිමානය තියෙනවා. අපට අනවශ්‍ය ජනප‍්‍රියත්වයක් ගන්න අවශ්‍ය නැහැ. ප‍්‍රචාරයක් ගන්නත් අවශ්‍ය නැහැ. හැබැයි අපට සමාජයට සාධාරණීය පණිවුඩයක් දෙන්න පුළුවනි. එනම් අද විවාහ වෙලා හෙට දික්කසාද නොවෙන්න කියන එක. අපි දෙන්න තවමත් එදා හිටපු ඒ ජෝඩුවම තමයි.
”කුසුම්” ඇත්තද ඒ කතාව? එදා හිටපු ඒ ජෝඩුවමද මේ?
අපි දෙන්නා අද වන විට ආච්චි සහ සීයා තමයි. ඒ ආච්චි සහ සීයාගේ විවාහය නැවතත් අලූත් වුණා. එදා වගේම අදත් හෙටත් අපි දෙන්නා ආදරණීය ජෝඩුවක්.
මේ තිස් වසර සමරා උත්සවයකුත් ගන්නවා ඇති නේද?
උත්සව නැහැ. සුපුරුදු විදියට අපි දාන - පින්කම් කරන්න කැමතියි. අත්තිඩියෙ ”මෙත් සෙවණ” ළමා නිවාසයට ගොස් ඒ පිංකම කරන්න කටයුතු යෙදුවා. ඒ සතුට තරම් දෙයක් එදාට තවත් නැහැ.
ශ‍්‍රියන්ත මේ කාරණා අතරේ එදා 1986 විවාහයේ සැමරුම් ගැන සිහිපත් කළොත්?
මම කතෝලිකයෙක් වෙච්ච හන්දා දෙව් මැදුරේ චාරිත‍්‍ර උත්සවය එදා පැවැත්වුණේ. බොරැුල්ල සියලූ සාන්තුවරයන්ගේ දේවස්ථානයේදීයි. එදා කලාකරුවන් රැුසක්ම ඊට සහභාගි වුණා. ඒ අතරේ හරි සුවිශේෂි දෙයක් සිද්ධවුණා. එදා වෙනත් උත්සවයකට ඇවිත් සිටි විජය කුමාරණතුංග මහතා සහ පසුකලෙක අමාත්‍යවරයකු වූ ෆීලික්ස් පෙරේරා මහතා අපේ උත්සවයටත් ඇවිත් අපට සුබ පැතුවා. එය අපට සුවිශේෂී මොහොතක් වුණා. දේවස්ථානයේ කටයුතු වලින් පසුව පෝරුවේ චාරිත‍්‍ර සමග මංගල උත්සවය පැවැත්වුණේ ”තැප්‍රොබේන්” (එදා) හෝටලයේදීයි.
අද වගේම හරියට චිත‍්‍රපටයක වගේ නැටුම්, ගැයුම්, රැුඟුම් එහෙමත් විවාහ උත්සවයේදී තියෙන්න ඇති නේද? මොකද අද නම් මුල් තැන දෙන්නෙ ඒවාට නිසා?
සංගීතය නම් තිබුණා. නමුත් උත්සවය හමාර වෙනකල් එයාලට ඉන්න බැරි බව කිව්වා. ඊට පස්සේ මගේ යාළුවා (මනාලයගේ යහළුවා* වූ කමල් අද්දරආරච්චි ඩ‍්‍රම් සෙට් එක වයමින් ගී ගැයුවා.
”සිහින ලොවක් දුටුවා මතකයි
සිහින ලොවින් ආවා මතකයි”
ගීතය ඔහු ගායනා කළ අපූරුව මට අදටත් හරි අපූරුවට මැවී පෙනෙනවා.
ඔබ දෙපොළගේ ඉදිරි සිහිනත්
සැබෑ වෙන්න ඔන්න එහෙනම්
අපෙන් සුබ පැතුම්!
ඔසරි නිර්මාණය - ප‍්‍රනීත් රණවීර
නිලමේ ඇඳුම - සඳකඩ නිලමේ ඇඳුම්
හැඩගැන්වීම - ලක්කිත උක්වත්ත
පසුතලය D-Pavillion
සටහන/ඡායාරූප සඳුන් ගමගේ
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මනාලයයි මනාලියයි වුණු ආච්චියි සීයයි