සම්පූර්ණ නම: අයිෂාරා අතුකෝරළ
නමුත් ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රකටව සිටින්නේ?
‘‘අයිෂ්’’ කියලා.
ගම:- බොරලැස්ගමුව
පාසල:- විශාඛා. උසස් අධ්‍යාපනයට ලන්ඩන් ගියා
මොනවද ඉගෙන ගත්ත විෂයයන්
A/L වාණිජ අංශයෙන්. ලන්ඩනයේදී නීති උපාධිය කළා ලංකාවේ නීති විද්‍යාලයේ නීතිය හදාරණවා.
- ඒ කියන්නේ වෘත්තිය ලෙස නීතිඥ වෘත්තියද?
ඔව්. LLB උපාධිය ඉවරයි. නමුත් ලංකාවේ නඩු කතා කරන්න නම්, ලංකාවේදී හැදෑරීම කරන්න වෙනවා. මේ දිනවල ඒ විභාග වලට ලැහැස්ති වන්නේ.
- ඒ අතරෙදීද මේ නිරූපන කටයුතු කරන්නේ?
ඔව්. වෙලාව ලැබෙන හැටියට, නිරූපණය සහ නිවේදනය කරනවා.
- නිවේදිකාවක ලෙස මොනවද කරන්නේ.
ස්වර්ණවාහිනියේ zLive Sunday' වැඩසටහන.
- එතකොට අයිෂ් ගැන වැඩි දෙනා කතා කරන්න ගත්තේ?
නිරූපන ක්‍ෂේත‍්‍රය සහ නිවේදන අංශය නිසා.
- නිතරම ‘මනාලියක ලෙස පෙනී සිටිනවා නේද?’
වැඩිපුර කරන්නේ විලාසිතා නිරූපණයයි. ඒ අතරේදී බ‍්‍රයිඩල් අවස්ථා සඳහා පෙනී සිටිනවා.
- නිරූපන ක්‍ෂේත‍්‍රය නිසා හොඳ වෘත්තීය වටිනාකමක් ලැබෙනවාද?
වෘත්තියක් ලෙස නොවෙයි කරන්නේ. එහෙම වුණොත් ලැබෙන සියලූ අවස්ථා බාර ගන්න වෙනවා. ඒකට අකමැතියි. නිර්මාණාත්මක සහ ගුණාත්මක සහ මට ගැලපෙන කළ හැකි දේට තමයි මේ දක්වා දායකවුණේ. ඉදිරියටත් එහෙමයි.
- සමහරු හිතන්නේ ඔබ ලංකාවේ කෙනෙක් නොවෙයි කියලයි?
ඔව්... ඒක ඇත්ත. එක දිගටම ලංකාවේ වසර 12ක් විතර හිටියෙත් නැති නිසා මගේ පෙනුම නිසාත් එහෙම හිතනවා. මල්ලියි-මායි එහේ හිටියේ. සැරින් සැරේ අම්මා තාත්තා ආවා.
- අයිෂ් කොහොම චරිතයක්ද?
සරලයි, සාමාන්‍යයි.
- කලාවේ වෙනත් අරමුණු තියෙනවද?
රඟපෑමට අවස්ථා ලැබී තිබෙනවා. දැන් ඒ ගැනත් හිතෙනවා.
- රඟපෑම ගැන හිත ගියේ?
චිත‍්‍රපටවලට ගොඩක් ආසයි. සෑම චිත‍්‍රපටයක්ම වගේ නරඹනවා. ලංකාවට ආ විගස ‘සමනළ සංධ්ව්නිය’ බැලූවා. කලාත්මක අංශයට වඩා ආසයි.
- සංගීතයටත් උනන්දු වග ආරංචියි?
ඔව් සංගීතයට ගොඩක් ආසයි. අමරසිරි පීරිස්, මාලනී බුලත්සිංහල, නන්දා මාලනී, පණ්ඩිත් අමරදේව මහත්ම-මහත්මීන්ගේ ගීත වලට අසයි. නිතරම එයාලගේ ගීත අහනවා. ඉංග‍්‍රීසි ගීතත් අහනවා.
- නිරූපණය කියන වෘත්තිය දෙස බලන පැති තියෙනවා. ඒ අංශය මොන විදියට හිතෙනවා නම්ද ඔබ කැමති?
ලංකාවෙ දකුණු ආසියාතික, සීමා එක්ක පවතින සංස්කෘතියක් පවතින නිසා මේ රටේ ජීවත් වෙන්න ඕනෑනම් එක් සීමාවක සිට තමයි නිරූපණය කළ යුත්තේ. ඒක ඉදිරියටත් එහෙම වේවි. බාහිරව මොඞ් වීමට වඩා අපි අපේ ඇතුළාන්තයෙන් මොඞ් වෙන්න ඕනෑ. ගතානුගතික සිතිිවිලි නිතරම හරි යන්නෙත් නැහැ. නමුත් සම්ප‍්‍රදාය ඇතුළේ ජීවත් වීම කළයුතු වෙනවා.
- තව මොනවද කියන්න තියෙන්නේ? ඉදිරි බලාපොරොත්තු මොනවාද?
‘අයිෂ් ක්ලෝතින්’ නම් වූ. විලාසිතා නිර්මාණ සහිත වූ ආයතනය කරගෙන යනවා. එකිනෙකාගේ කැමැත්ත පරිදි නිර්මාණ එහිදී සිදුකර දීම වෙනවා.
(ඩිසයිනර් වෙයාර්) එය දියුණු කරගැනීම අරමුණයි.
හැඩගැන්වීම: ලක්කිත උක්වත්ත දේවිකා පි‍්‍රයදර්ශනී









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම ලස්සනද? (බ)
මේ නිකමට අහන්නේ අර ඔයා ලන්ඩන් ඉද්දි වුණු වැඩේ කොහොමද (බ)
ඇත්තටම ලස්සනයි.(හේ)
මම දන්න තරමින් මෙයා ඉස්කෝලේ ගියේ ලින්ඩ්සේ බාලිකා විද්‍යාලයට සාමාන්‍ය පෙළ වෙනකන්. විසාක ගියේ උසස් පෙලට අවුරුදු 2ක්. ඒ උනාට පාසැල විසාකා. මුල අමතක වෙලා. (ස)
සායම් බකට් එකකට වැටිච්ච අයිස් කැටයක් වගෙයි පෙන්නේ. (ස)
ලස්සනයි (නි)
සඳුන් අයියා හොඳට ෆොටෝ ටික අරගෙන තිබෙනවා. (නි)
මේකප් ටික හේදුනොත් හරි වැඩේ වෙන්නේ. (ර)
හරිම ලස්සනයි. (නි)
මෙයාගේ අදහස් වලට කැමතියි, මොකද ලංකාවේ සංස්කෘතිය හදුනන කෙනෙක්. එත් මෙයාට දීපු මේකප් එකනම් මෙයාව හොල්මන් කරලා තියෙන්නේ. වම් ඇහි බැම අනිකට වඩා මීටර් එකක් විතර උසයි වගේ පෙනෙන්නේ. කරාබු දාල තියෙන තැන දැක්කම, අපේ මේකප් කාරයොන්ගේ චින්තනයේ හැටි හිතාගන්න අමාරු නැහැ. (ර)