අංක තහඩු නැති හෝ ගරාජ් අංක වලින් ධාවනනය වන වාහන වලින් යන තුවක්කු කරුවන් මොනරාගල හා වැල්ලවායේ එක්සත් ජාතික පක්ෂයේ හා ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාල වලට පහර දෙතියි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වු මැතිවරණ ව්‍යාපාරය මැතිවරණ කොමසාරිස්ට හා පොලීසියට දන්වා ඇත.
එහෙත් එවැනි ප්‍රහාරකයින් හෝ අංක නැති වාහන හෝ අත්අඩංගුවට ගැනීමට පොලීසිය ක්‍රියා නොකරන බව ද කැෆේ සංවිධානය පවසයි.
අගෝස්තු 29-30 යන දිනයන්හි ජවිපෙ කාර්යාල පහකට ද එජාප කාර්යාල හතරකට ද පහර දී ගිනි තබා ඇතැයි ද කාර්යාල තුනක් මුළුමනින්ම වනසා ඇතැයි ද එම සංවිධානය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ නීතිය අනුව කාගේ වාහනයක් වුණත් අංක තහඩු නැතුව මහ පාරක ධාවනය කරන්න තහනම්. එහෙම වාහන දැක දැකත් පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ කියන්නේ ලංකාවේ නීතියේ ආධිපත්‍යය පිරිහී, දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය පුස්සක් වී, මැර බලය ඉස්මතු වී ඇති බවයි. රට මේ තත්ත්වයට වැටිලා තියෙන්නේ සමහර ඡන්දදායකයින්ගේ අනුවණ තීරණ හේතුවෙන්. (නි)
සමහරවිට පොලිසියට නිවාඩු දීලාද දන්නෙත් නැහැ (නි)
ලෝකෙන්ම උතුම් යැයි කියාගන්නා රට, බුදුන් තෙවරක් වැඩියායැයි කියන රට බලය රැකන්න ඡන්දයක් ආ විට රිසි රිසි දේ කරන පුදුම රට, මගේ රට. (නි)
ලංකාවේ මිනිස්සු කොහොමත් ඡන්දෙ දෙන්නේ වැඩිම මැර බලය ඇති පක්ෂයටනේ. ඒක නිසා මේ පාරත් මේ අය වැඩ පටන් අරගෙන (නි)
මේවා ඒගොල්ලත් නොකළ දේවල් නොවෙයිනේ. දැන් ඉතින් තමන් වපුරපු වී වල අස්වැන්න නෙලා ගන්න එකයි තියෙන්නේ. (නදී)
මේකට තමයි දේශපාලන වියරුව කියලා කියන්නේ. (නි)
මානව හිමිකම් කඩ කරනාවා කියන්නේ මේවට තමා. දන්නා මිනිහෙක් දාමරිකයින්ට ඡන්දෙ හෝ මනාප දෙන්ඩ එපා. (නදී)
අවාසනාවකට වගේ අපි ලියන මේ දේවල් කියවන්න ලැබෙන්නේ අන්තර්ජාලයට පිවිසෙන්න පුළුවන් ශ්‍රී ලාංකිකයින්ට පමණයි. නැත්නම් මේ මාධ්‍ය හරහා අපි කෑගහලා කියනවා මේ මැර දේශපාලනය එක කතිරයකින් අවසන් කරදමා සාමය ස්ථාපිත කරන්න පෙරට එන්න කියා. (නි)
මේක නවත්වන්න පුළුවන් ඡන්දදායකයන්ට පමණයි (නි)
වැඩක් වෙන්නේ නැහැ පොලිසියට කීවට (අ)
ආණ්ඩුව බයේ ඉන්නේ උෟවෙන් පල්ලම් බහින්ඩ වෙයි කියලා. කොහොමටත් එයාලට පරාද වෙන්න වෙනවා. එ්කේ දෙකක් නැහැ. (නදී)
මේ අයගේම වැඩ ඕවා පොලිස් ගියොත් බොරුව හෙළිවෙනවා. යන්න මිනිස්සු කෝ. අනික අපිත් ඔය පාඩම කියවලා තියනවා (නදී)
ඔය මොනවා කළත් අන්තිමට මිනිස්සු ඡන්දෙ දෙන්නේ ඔය චණ්ඩින්ටම තමයි. අනේ මන්දා මිනිස්සු කවදා මේවා තේරුම් ගනීවිද කියලා. (නි)