පසුගිය දෙවසරේ දී අත්අඩංගුවට ගත් මොනර පිහාටු 6000 ක් ද කිලෝ 50 ක වැහිලිහිණි කුඩු ද රේගු ජෛව විවිධත්ව ඒකකය අද (18) පුළුස්සා දැමීය.
කටුනායක ගුවන් තොටුපළ , වරාය හා රේගුවට සම්බන්ධ වෙනත් ස්ථාන වල දී මෙම තහනම් සත්ව කොටස් රාජසන්තක කළ බව රේගු අධ්‍යක්ෂ ධර්මසේන කහඳව මහතා කියයි.
ශාන්තිකර්ම හා දේවාල සැරසිමට මොනර පිහාටු යොදා ගැනේ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා දැක්කා නම් ඉන්න මොනරු ටිකත් දිවි නහ ගන්නවා. (ර)
සත්ත්ව අභයභූමි වල පදිංචි වෙනවා, පරිසරයට ආදරය කරන පරිසරවේදීන්ගේ අදහස් ගණන් නොගෙන මෝඩ උද්දච්ච පාලකයෝ මහාපරිමාණ ව්‍යපෘති පටන් ගන්නවා, වන සත්තු ලංකාවෙන් වඳ වේගෙන යනවා, එහෙම වුනත් මේ මෝඩ පාලකයෝන්ට ආශීර්වාද කරන්නත් උත්තමයෝ ටිකක් ඉන්නවා. රටකට යන කලක්! (හේ)
ප්‍රයෝජනයක් ගන්න පුළුවන් මේ දේවල් පුච්චන්නේ මොකද. මේවා මේ රටේ සම්පත්. මේවා මහා මෝඩ වැඩ. තාම මේ රටේ මිනිස්සු සත්තු වගේ මෝඩ වැඩ කරන්නේ. (අ)
කල යුතුව තිබුනේ පිළිස්සීම නොවේ !! පුළුස්සා දැමු දේ රජයට පවරාගෙන නීට්‍යනුකුලව විකුණා එම මුදල් මෙවෙනි දේ නැවත නොවන්න ආයෝජනය කලා නම් මීට වැඩිය වටිනවා. (ර)
මොන තරම් අපරාධයක්ද? සතෙකුට නිදහසේ ඉන්න දෙන්නේ නැහැ. (නි)
මොනර පිල් 6000 ක් පුළුස්සන වැඩේ කරන්න තිබුනේ, මත්තල වී ගබඩා කිරීම සඳහා යොදාගන්නා, හිස් ගුවන් පථයේදී නොවේද? එහෙම වුණානම් ඔය පැත්තේ පළාතට මොනරු ඇවිත් ගුවන් ගමන් නවත්තන එකක් නැහැ (නි)
මොනරුන්ගේ කාලෙකට පිල් ගැලවෙනවා කියලා මම අහලා තියෙනවා (නි)