IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


‘මිනීමරුවා = දේශපාලනඥයා‘

 දේශපාලනඥයා කියන විටම හොරා, තක්කඩියා, මිනීමරුවා, චෞරයා, භීෂකයා ආදී සමාන පද කියවෙන තත්ත්වයට වර්තමානයේදී රටේ දේශපාලනය පිරිහී ඇතැයි  එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පැවසීය.

වර්තමානයේදී මඩගොහොරුවක් බවට පත්ව ඇති දේශපාලනය යහමගට මෙහෙයවීම සදහා දේශපාලනඥයින්ට, පක‍ෂවලට මෙන්ම රටේ පුරවැසියන්ට ද එක හා සමාන වගකීමක් ඇතැයි මන්ත්‍රීවරයා සදහන් කළේය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුමේ කමිටු ශාලා 8හිදී අද(9) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

පිරිසිදු දේශපාලනයක් සදහා වූ මාර්තු 12 ව්‍යාපාරය මගින් මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබිණි.

මාතිවරණවලදී අපේක්ෂකයින්ට නාමයෝජනා ලබාදෙන විට දේශපාලන පක්ෂ සැලකිලිමත් විය යුතු නිර්ණායක ඇතුළත් කරමින් මාර්තු 12 ව්‍යාපාරය පසුගිය වසරේ මාර්තු 12 වැනිදා එළිදැක්වූ යෝජනාවලියට වසරක් සම්පූර්ණවීම නිමිත්තෙන් මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබිණි.



අදහස් (0)

‘මිනීමරුවා = දේශපාලනඥයා‘

අතුල Wednesday, 09 March 2016 11:38 AM

මේක ඔබට තේරුනාට මේ රටේ තණකොළ කන අයට නොතේරෙන එකයි ප්‍රශ්නය.(කෞ)

:       0       0

සුරනිමල Thursday, 10 March 2016 06:40 AM

සල්ලාලයා විශේෂන පදය අමතක වෙලා .එකත් එකතු කරන්න. (ර)

:       0       0

නිල්හාන් Wednesday, 09 March 2016 11:13 PM

උත්සාහය සාර්ථක වේවා! මගේ සුබ පැතුම්. (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 09 March 2016 01:01 PM

අතුල අපට තෙරුණා කියලා මොනවා කරන්නද? (හේ)

:       0       0

ඩීබී Thursday, 10 March 2016 06:50 AM

1956දි පොඩි මිනිහට තැන දෙන්න කියා ඇතිකළ වැඩ පිළිවලින් නොගැලපෙන මිනිස්සු පාර්ලිමේන්තුව ආවා. එයට පෙර පාර්ලිමේන්තුවට පත්වී ආවේ රටේ කීර්තිමත් ජනතාවට සේවයක් කල කීර්තිමත් බොහෝ දුරට ඉඩම් හිමි වැවිලි කරුවන් .මේ අයව ජනතාව ඇමතුවේ සර්. (ර)

:       0       0

ඩබී Thursday, 10 March 2016 07:16 AM

මේ තත්වය ඇතිවුනේ න 1956දි පොඩි මිනිහට තැන දෙන්න කියා බණ්ඩාරනායක මහතා ඇතිකල වැඩ පිලිවල තුලින්. මේ තැනදී නොගැලපෙන මිනිසුන්ට පාර්ලිමේන්තුවට එන්න මඟපෑදුන.එයට පෙර පාර්ලිමේන්තුවට පැමිණියේ ජනතාවට සේවය කල කීර්තිමත් පුද්ගලයින් .මේ අය පාර්ලිමේන්තුවට එන්න පෙරත් ජනතාව ඇමතුවේ සර් කියා.නමුත් වර්තමානයේ පාර්ලිමේන්තුවට එන සමරුන්ට එහෙම කිර්ති නාමයක් නැත.මුල් කාලයේ පාර්ලිමේන්තුවට පැමිණි අයට අල්ලස් දුෂණ චෝදනා නැත.අද වගේ වාහන ඉන්දන නිවාස කොමිස් ආදී කිසිවක් රජයෙන් බලාපොරොත්තු වුයේ නැත. (අ)

:       0       0

කුමාර Thursday, 10 March 2016 07:25 AM

කවද හරි ජවිපෙ බලයට අපු දවසට ඔයාල හැමෝම බලාපොරොත්තු වෙන හොද රට නිර්මාණය වෙනවා. (අ)

:       0       0

තිස්ස Thursday, 10 March 2016 07:23 AM

ඔබතුමා විතරයි නේද ඔහොම කියන්නේ? ඇයි අනිත් පාලකයන්ට ඕව හිතෙන්නේ නැත්තේ. ඇත්තටම හොරුද දන්නේ නැ.(අ)

:       0       0

ජනක Thursday, 10 March 2016 02:17 AM

අනේ අතුල, මේ රටේ ඡන්දදායකයන්ට අපහාස කරන්න එපා. (නි)

:       0       0

දීපාල් Wednesday, 09 March 2016 02:21 PM

අනේ මැතිතුමෝ මිනීමරුවන්ට අපහාස කරන්නත් එපා, මොකද ඒ අය මිනිස්සු මරලා ලැජ්ජාවට හැංගිලා ඉන්නවා, එත් අනෙක් කණ්ඩායමට ඒ ලජ්ජාවවත් නැහැ.(කෞ)

:       0       0

රොකී Thursday, 10 March 2016 02:50 AM

මිනීමරුවන්, ගණන්කාරයන්, පගාකාරයන්, හොරුන්, දූෂකයන්, තැරැවුකාරයන් ආදී සමාජ පිළිල වලට නාමයෝජනා ලැබෙනතාක් කල්, මෝඩ ඡන්දදායකයන් ඉන්න තාක්කල් මේ තත්වය වළක්වන්න බැහැ. ආසියාවේ ආශ්චර්යය! (නි)

:       0       0

අමිත් Wednesday, 09 March 2016 02:42 PM

ලෝකයම වශිවෙන අපේ මේ සුන්දර දිවයිනේ යම් අප්‍රසන්නම දෙයක් වේනම් දේශපාලනයයි. අතිශයම පිළිකුල් සහගත අයෙක් සිටිනම් දේශපාලකයෝය් (බ)

:       0       0

නිශාර්ඩ් ප්රීනා Thursday, 10 March 2016 03:10 AM

රටට ආදරය කරන ගුණ ගරුක අවංකව වැඩ කරන්ට කැමති හොඳ මහත්වරුන් දේශපාලනයට වැද්ද ගැනීමට අවශ්‍ය නම් කලයුතු හොඳම දේ තමා දේශපාලනඥයින්ට දෙන වරප්‍රසාද අහෝසි කර දැමීම. එදාට නියම මහත්වරුන් දේශපාලනයට පිවිසෙනු දැකිය හැකිය. ඒ සඳහා කැමති සහ සුදු පුද්ගලයින් ඕනෑතරම් අප සමාජයේ සිටින්නේය. (ර)

:       0       0

සමන් Wednesday, 09 March 2016 04:26 PM

අමිත් මල්ලි ඔයා හරියටම හරි (කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site