දේශපාලනඥයා කියන විටම හොරා, තක්කඩියා, මිනීමරුවා, චෞරයා, භීෂකයා ආදී සමාන පද කියවෙන තත්ත්වයට වර්තමානයේදී රටේ දේශපාලනය පිරිහී ඇතැයි  එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පැවසීය.

වර්තමානයේදී මඩගොහොරුවක් බවට පත්ව ඇති දේශපාලනය යහමගට මෙහෙයවීම සදහා දේශපාලනඥයින්ට, පක‍ෂවලට මෙන්ම රටේ පුරවැසියන්ට ද එක හා සමාන වගකීමක් ඇතැයි මන්ත්‍රීවරයා සදහන් කළේය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුමේ කමිටු ශාලා 8හිදී අද(9) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

පිරිසිදු දේශපාලනයක් සදහා වූ මාර්තු 12 ව්‍යාපාරය මගින් මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබිණි.

මාතිවරණවලදී අපේක්ෂකයින්ට නාමයෝජනා ලබාදෙන විට දේශපාලන පක්ෂ සැලකිලිමත් විය යුතු නිර්ණායක ඇතුළත් කරමින් මාර්තු 12 ව්‍යාපාරය පසුගිය වසරේ මාර්තු 12 වැනිදා එළිදැක්වූ යෝජනාවලියට වසරක් සම්පූර්ණවීම නිමිත්තෙන් මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබිණි.