
(නිමල් ජයරත්න සහ ක.ග.කරුණාරත්න )
මනම්පිටිය කොටලීය පාලමෙන් පහළට වැටුණු බසය අද පෙරවරුවේ ගොඩ ගත් අතර තවත් සිරුරු ඇත්දැයි සොයා මෙහෙයුමක් ආරම්භ කළ බව පොලිසිය කියයි.
නාවික හමුදාව,යුද හමුදා, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිසිය එක්ව මෙම මෙමෙයුම ආරම්භ කළ බව දපොලිසිය සඳහන් කරයි.
මෙම අනතුරින් 11 දෙනකු මියගිය අතර 41 දෙනෙක් තුවාල ලබා පොලොන්නරුව සහ මනම්පිටිය රෝහල්වලට ඇතළත් කරනු ලැබ සිටිති.
මියගිය පිරිස අතර නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනකු සිටින බව පොලිසිය කියයි.
මියගිය අය අතර කාන්තාවක සහ 16 හැවිරිදි දරුවකු ද සිටින බව පොලිසිය සඳහන් කරයි.
එම පිරිස කල්මුණේ සහ අක්කරෙයිපත්තු ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. මෙම අනතුරට හේතුව රියැදුරාගේ අනාරක්ෂිත රිය ධාවනය මෙම අනතුරට හේතු විය හැකි බව පොලිසිය සැකකරයි. අනාරක්ෂිත පාලමක් වූ මෙම පාලම මත දී මීට පෙර අවස්ථා කීපයකදීම අනතුරු සිදුව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වගකියන්න ඕනෑ මාර්ග සංවර්ධන අධිකාරිය. අනාරක්ෂිත පාලමක් තබාගෙන මිනී මැරීමට ඕකේ ප්‍රධානියාට එරෙහිව නීතිමය කටයුතු කරන්න.
සිරා මැතිතුමාගේ ආසනේ. ඒක එතුමාගේ කාලේ හිටු කියලා දියුණු කළා. හැබැයි මේ මිනිසුන් බිලිගන්නා මකර කට පෙනිලා නැහැ. ටිකිරි මොලේ හැටි...