සියඹලාණ්ඩුව මනාභරණ පුරාණ රජමහා විහාරයේ ඉපාරැණි දැගැබේ කැණීම් කැරගෙන යද්දී තාරා දෙවඟනගේ බවට විශ්වාස කැරෙන කිරිගරුඬ පිළිමයක් සොයාගත් බවත් සෙන්ටිමීටර් දහයක් උසැති එම පිළිමය අනුරාධපුරයුගයේ 7/8 සියවස්වලට අයිති බව පෙනෙන බවත් මහාචාර්ය රාජ් සෝමදේව පවසයි. මුලින්ම ප්‍රකාශ වුයේ මෛත්‍රි බෝසතුන්ගේ වැනි පිළිමයක් සොයාගත් බවයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කියන්නද මන්ද ..මටත් පිස්සු වගෙයි ...
මේ ආචාර්ය තුමා හොදයි කුඹුරු හාන්න
මම සුජත් හේවගේ මහතාට ස්තුතිය පුදකරමි.. පාඨකයන්ට වැදගත් දෙයක් දීමට උත්සාහ කිරීම ගැන...
මටත් නගුලට බදින්න හරකෙක් නැතුව හිටියෙ.... හික් හික් හික්
ලංකාදීප පත්තරෙන් කරන පොඩි ඉල්ලීමක්. නිදන් සොරුන්ට සහ කෞතුකවස්තු සොරුන්ට ඒවා තියන තැන් පෙන්වාදීම නතර කරන මෙන් ඉල්ලාසිටිමි..අචාරිතුමාට දේශනයක් දෙන්න කව්රුත් නැතිනිසාද කොහෙද පත්තරේ කොමෙන්ට් දාන්නේ
මටත් පිස්සු වගේ...
අපි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ විශේෂ ශාස්ත්‍රවේදී ගෞරව (ප්‍රථම පංති) උපාධියට බෞද්ධ කලා ශිල්ප හා පුරා වස්තු යන විෂය හදාරනකොට අපිට දේශන කළ කථිකාචාර්යවරිය මහාචාර්ය රාජ් සෝමදේව මහතාගේ ශිෂ්‍යාවක්.අපිට මතකයි ඇය නිරතුරුව ඇගේ විශ්වවිද්‍යාල ආචාර්යතුමා වූ මහාචාර්ය රාජ් සෝමදේව ගුරුතුමා පිළිබඳව ඉමහත් බැතිමත් සිතින් අපට කියාදෙනවා.මේ තාරා දෙවඟන අවලෝකිතේශ්වර බෝධිසත්වයන් වහන්සේගේ ශක්ති ප්‍රතිමාවයි.අවලෝකිතේශ්වර යනු දිශාවන් අවලෝකනය කරන්නා යනුයි.එයින් අදහස් වන්නේ මේ බෝසතුන්ට සියළු දිශාවන් එක්වර දැකගත හැකි බවයි.වෙනත් විදිහකින් කිවහොත් සෑම කල්හිම සෑම තැනකම එක හා සමාන අයුරින් දර්ශනයවීමට හැකියි. එවිට බෝසතුන්ගේ පුරුෂ ස්වරූපයෙන් මහා ප්‍රඥාව නිරූපණය වන අතර තරා දේවියගෙන් නිරූපණය වන්නේ බෝධිසත්වයෙකුතුළ තිබිය යුතු මහා කරුණාවයි.මෙහිදී සැබෑම කාන්තාවක් වෙනුවට මෙහි සංකේතාත්මකව භාවාර්ථවත්ව කලාත්මකව චිත්ත සංකල්පයක් ඉදිරිපත් කෙරෙන බව කාරුණිකව සලකන්න.මේ ගැන ගැඹුරු පුරා විද්‍යාත්මක විශ්ලේෂණයක් කළ හැකි වුවද මෙහි දැක්විය යුත්තේ සරළ කමෙන්ට්ස් එකක් නිසා මෙතැනින් නතර වෙමි.තෙරුවන් සරණයි !!!
මටනං නිකං පිස්සු වගේ අනේ
අනේ කවුරැහරි මට වතුර ටිකක් දෙනවාද? මට කලන්තෙ වගේ..!!
ප්‍රසන්න ඔබ දක්වා ඇති පරිදි තාරා දේවඟන ප්‍රතිමාවෙන් මහා ප්‍රඥාව හා අවලෝකිතේශ්වර බෝසතුන්ගෙන් මහා කරුණාව නිරූපනය වන බව දක්වා ඇති සඳහන නිවැරදිය.ඒ අනුව මා ඉහත දක්වා ඇති සටහනේ ඒ කරුණ එපරිදි විය යුතුය. වරද නිවැරදි කිරීම පිළිබඳව ස්තූති වන්ත වෙමි. මෙහි අනෙක් සටහන් යොදා ඇති භවත්හු අතර පුරා විද්‍යා විෂය පිළිබඳව උනන්දුවක් දන්වන අයද සිටින බව වැටහේ.
මේ තාරා දේවියගේ ප්‍රතිමාවල මුද්‍රව ලෙස විතර්ක හා වර මුද්‍රව දැක්වේ. සංකේතය නම් උත්පලයයි.එසේම මෙම ප්‍රතිමා සුදු හා පළාවන් පැහැයෙන් දක්වා ඇත.මේ ප්‍රතිමාවල තාන්ත්‍රික වර්ණය නම් කළු,කහ සහ රතු වර්ණයි.මේ තාරා දේවියගේ ස්වාමියා වශයෙන් අවලෝකිතේශ්වර බෝසතුන් දැක්වේ. තාරා දේවියට පර්යාය වශයෙන් ජාඞ්ගුලී, ඒකජටා, භාකුටී, කුරුකුල්ලක වන නම් භාවිතා වේ. මැයට තාරා යන නම භාවිතා වන්නේ සංසාරයෙන් එතෙර වන්නී යන අදහස ඇතිවය. (@ තා ණිව් අච් ටාප්-තාරා) තාරාගේ සම්භවය පිළිබඳ විවිධ කතා ඇත. අමිතාභ බුදුන්ගේ ඇසින් නිකුත් වූ නීළවර්ණ රශ්මිකින් උපන්බව කියති. අවලෝකිතේශ්වර බෝසතුන්ගේ ඇසින් වැටුණු කඳුළකින් පොකුණක් මැවුණු බවද මැය එහි හටගත් පද්මයකින් උපන්බවද කියති.සෑම ටිබෙට් ජාතිකයෙකුම උදේ හවස “ඕං මණි පද්මේ හුම්“ යන මන්ත්‍රය මතුරා තාරා දේවිය වන්දනා කරති.සියලුම යහපත් කාන්තාවන් මවන්නේ මැය බව ටිබෙට් ජාතිකයින්ගේ විශ්වාසයයි.සකල ලෝකයාගේම මව මැය බව මොන්ගාලියානු ඇදහීමයි.ආරම්භයේදී එකම තාරා බිසව කල්යාමේදී තාන්ත්‍රික දහමේ බලපෑම නිසා 1.සිත තාරා 2.හරිත තාරා 3.රක්ත තාරා 4.නීල තාරා වශයෙන් ප්‍රභේදවී ගොස් තිබේ.මින් බෝධිසතුන් හා සමඟ සිටිනුයේ සිත තාරා හා හරිත තාරා පමණි.සාධනයක විස්තර වන පරිදි සිත තාරා බිසවගේ දකුණු පස මාරීචි දෙවඟනද, වම්පස මහා මයුරී දෙවඟනද සිටිති. හරිත තාරා බිසව අන්සියල්ලටම වඩා ආදීතම යැයි කියති.ඈ එක් පයක් මඳක් නමා විවිධ ආභරණ සහ ඔටුන්නක් පැළඳ පද්මාසනගතව සිටින්නීය.ඇගේ කිරීටයෙහි අමෝඝ සිද්ධි බෝසතුන්ගේ ප්‍රතිමාවක්ද, නළලෙහි උර්ණ රෝමයක්ද ඇත.
මට නම් පිස්සු වගේ
ඉතා උසස් විස්තර කිරීමක් හේවගේ මහත්තයෝ.. ඔහොම යං...
මමත් නිධානයක් සොයාගන්න උදව් කාරයෙක් නැතිව හිටියේ හේවගේ හවුල් කරගත්තනම් මමත් ගොඩ
හේවගේ ලියල තියෙන දේවල්වලට ඔලුවත් කැරකෙනවා වගේ....
මටත් පිස්සු වගේ
සමහර මිනිසුන් ඉගෙනගෙන ඒවායින් ප්‍රයෝජනයක් ගන්න බැරි උනාම මෙහෙම වෙනවා..මොකද මහන්සියෙන් ඉගෙන ගෙන ඉගෙන ගෙන කාට මේව එලි දක්කවන්නද?
යමෙකු තම වරද පිළිගෙන එය නිවැරදි කිරීමත් අන් මත ඉවසීමට පුරුදුවීමත් ඉතා අගය කලයුතු වන අතර තමා සියල්ල දත් යයි සිතන්නා මෝඩයකු බවත් අප අසා ඇත. " මා හරි උගතා මා හරි ජගතා සිතන මිනිසා මෝඩයෙකි"
මහායාන සංකල්පය වතාවෙන් වතාව එනවා ලංකාවට.. ඒක ඇත්තටම නරක දෙයක්. ඒක බුද්ධ ධර්මයට මහා තර්ජනයක්. හාස්‍යයට ලක් කළ යුතු දෙයක් නෙවෙයි.. මිනිසුනේ මෙයට යමක් කල යුතුයි..
ස්තුතියි හේවගේ මහත්තයෝ. මේක හොද වැඩක් කරගෙන යන්න..
මනාභරණ පුරාණ රජමහා විහාරයේ ... ඉතිහාසය කියාදෙන්න ආචාර්යතුමො?
මනාභරණ ගැන ගැඹුරු පුරා විද්‍යාත්මක විශ්ලේෂණයක් කළ හැකිද ??
සමාජයට තමන් දන්නා දෙයක් කියා දීම පිලීබද සුජිත් මහතාට ස්තූතියි
ගුරැන්ටත් අකුරැ වරදී කිවලු.. මහාචාර්යටනම් වරදිනවා අඩුයි.. නමුත් හේවගේට අද වැරදිලා.. අවලෝකිතේෂ්වර ප්‍රතිමාවෙන් නිරෑපනය වන්නේ කරැණාවයි.. ප්‍රඥාව නිරෑපනය වන්නේ තාරා දේවි ප්‍රතිමාවයි.. අපි නම් ඉගෙන ගෙන ඇත්තෙ එහෙමයි...
බොහොම හරවත් පැහැදිලි කිරීමක්,ඔබට බොහොම ස්තූතියි සුජිත් නිශාන්ත මහත්තයෝ.
රාධි සමඟ මමත් එකඟ වෙනවා (නි)
බොහොම ස්තුතියි සුජිත් මහත්තයෝ.. දැන් අපි මොකද කරන්න ඕන..??
ඉංග්‍රීසි සිංදු අහන, බටහිර තාලෙට කන බොන ලංකාවට වඩා පිටරටට ආවඩන අයට ඉතිං මේවා පිස්සු වගේ තමයි..
මේවා සත්‍ය වශයෙන්ම මේ ලෝ තලයේ සිදුවූ දේවල්ද? නැත්නම් කල්පිත දේවල්ද? එසේත් නැතිනම් අතිශෝක්තියෙන් වර්ණනාකිරීමක්ද?
මටනං මෙලෝ දෙයක් තේරෙන්නෙ නැහැ..
මෙය ගොඩක් දේවල් දන්නවා ......අනේ මන්ද මෙයාගේ මොකක් හරි අවුලක් තියෙනවා ,,ඕන එකක්
මටත් පිස්සු වෙෙග්
ගිරිගෝරිස් වෙත, ඔබතුමාගෙ අදහස තමා හොඳම එක. කරන්න ඕනේ ඉතින් විරේඛය වෙන්න ඇති. ඔය කියන්නේ විරේඛ මුද්‍රාවද මොකක්ද කියලා.