IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මානාභරණ සෑය ඉතිහාසය අලුත් කරයි

සියඹලාණ්ඩුව ඓතිහාසික මනාභරණ පුරාණ රජමහා විහාරයේ ඉපරැණි දැගැබේ කැණීම් වලින් කිරිගරුඬ පිළිමයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින කරඬු දෙකක් හා පබළු කිහිපයක් සොයාගත් බව මහාචාර්ය රාජ් සෝමදේව පවසයි.  අනුරාධපුර/පොළොන්නරු යුගවලට අයත් බව විශ්වාස කරන එම පිළිමය සෙන්ටිමීටර් විස්සක්  උසකින් යුක්තය. තාරාදේවියගේ පිළිරුවට සමාන ප්‍රතිමාවක් මුලින්ම සොගැනිණි.  ලංකාවේ දාගැබකින් එවැනි පිළිරුවක් හමුවූ ප්‍රථම අවස්ථාව මෙය බව සෝමදේව මහතා කියයි. චෛත්‍යයේ මැද නිදන් කැර ඇති  මහා මේරු ගල ද හමු වී ඇත. එම ගලේ සුදු හුණු පිළියන්ම් කර ඇති බවත් තැනින් තැන නොයෙක් වර්ණයේ සායම් වැනි දේ ද තිබෙන බවත් මෙම චිත්‍ර මොනවාද මෙතෙක් අනාවරණය වී නොමැත බවත් මහාචාර්ය සෝමදේව පවසයි. ලංකාවේ සිදු කළ කැණීම් වලින් මෙවැනි ගල් හමුවී ඇත්තේ පහක් පමණ බව ඔහු කියයි. මහාචාර්ය රාජ් සෝමදේව  



අදහස් (0)

මානාභරණ සෑය ඉතිහාසය අලුත් කරයි

ප්‍රභාත් Tuesday, 03 July 2012 09:02 PM

නිධානයක් හාරන්න ගිහිං හම්බවෙච්ච එකක්ද?

:       0       0

ක්ලෑරන්ස්-ඉතාලිය Tuesday, 03 July 2012 09:10 PM

ඔය භාණ්ඩ පරිස්සම් කරගන්න එක තමා ප්‍රශ්නෙ.

:       0       0

පියන්ත Thursday, 05 July 2012 09:06 AM

මේකෙ පළවෙලා තියන අදහස් වලින්ම පෙනෙනවා රටේ මිනිස්සුන්ගේ තරම, ඉතින් මේ වගේ රැලකට හරියන්නේ කොහොමද? වැඩි හරියකට අසහනේ තව ටිකකට ඊරිසියාව ඉතුරු ටිකට මාන්නය, ඉන්ටර්නෙට් යන්න දන්නේ ටිකක්වත් අකුරු ඉගෙන ගත්ත අය. එයාලට තියෙන්නේ මුඩුක්කු චින්තනයක් , ස..ක..ල සිරින් පිරි සිරි ලංකාව අනේ අනේ...!

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 03 July 2012 10:23 PM

මෙවැනි ඉතිහාසගත කරුණු පිළිබඳ නූතන පරපුරට දැනුමක් ලබා දීම සඳහා පළකර ඇති ප්‍රවෘත්ති ඉතාමත් වැදගත්ය.ඒවා ඉතා අපහසුවෙන් දුක් විඳ රැස් කර ඡායාරූපද සහිතව පළකිරීම පිලිබඳව අදාළ අයහට ස්තූතිවන්ත වෙමි.

:       0       0

රොෂාන් කොඩිකාර Tuesday, 03 July 2012 10:15 PM

හරි එකටත් හරි .

:       0       0

රෝහිත Tuesday, 03 July 2012 10:57 PM

ප්‍රභාත්, ක්ලැරන්ස්, මේ වගේ උතුම් උත්සාහයන් විහිලුවකට ගන්න එපා

:       0       0

මනබරණ Tuesday, 03 July 2012 10:38 PM

සෝමදේව මහත්තය ටිකක් පරෙස්සමෙන් .ඔරටත් පිටරට තානාපති කමක් ඕන වෙලා වගේ

:       0       0

මානාභරණ Tuesday, 03 July 2012 11:20 PM

1989 කාලේ මොණරාගල පැත්තේ නිධානයක් ගොඩ ගත්ත කෙනා ළග ඕකේ ඉතුරු ටික ඇති

:       0       0

රංග Tuesday, 03 July 2012 11:58 PM

දුටු ගැමුණු රජුගේ කඩුව හම්බ වුනේ නැද්ද තවම

:       0       0

අතපත්තු Wednesday, 04 July 2012 12:26 AM

මෙවැනි පෞරාණික දේවල් තව කොපමණ ඇද්ද? මෙවැනි ජාතික සම්පත් රැක ගැනීම අප කාගේත් යුතුකමයි

:       0       0

ආනන්ද ලෙකුබාලසූරිය Wednesday, 04 July 2012 01:16 AM

කැළණි විශ්වවිද්‍යලයේ හා රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් සමග ආචාර්ය රාජ් සෝමදේව මහත්මා ජාතියට කරන මේ සේවය අගය කළ යුතුයි.. අනවශ්‍ය මඩගැසීම් නතර කර පුදබිමට පැමිණ සත්‍ය අවබෝධකරගන්න..

:       0       0

ජයා Wednesday, 04 July 2012 05:28 AM

මේවා පරිස්සම් කරන්න ඕනේ අපේ රට පාලනය කරන ලොකු ලොකු අයගෙන්ම තමයි.

:       0       0

ආචාර්ය එම් සිල්වා Wednesday, 04 July 2012 05:56 AM

කැනීම් කටයුතු වලින් ලබාගන්නා මෙවැනි පුරා විද්‍යාත්මක වටිනාකමින් යුතු දේ ආරක්ෂා කිරීමත් නිසි ලෙස සිදු කල යුතුයි. නැතිනම් කෞතුකාගාරය තුල ආරක්ෂිතව තිබු කඩු වලට අත් වූ ඉරණම මේවාටත් අත්වන්න පුළුවන්.

:       0       0

ඉතිහාසය Wednesday, 04 July 2012 06:22 AM

කාණුව ඇතුළේ ඉන්න අනික් කෙනා මට නම් පේන්නේ තාරා දේවියක් වගේ

:       0       0

ඉතිහාසය Wednesday, 04 July 2012 07:01 AM

අර කානුව ඇතුලෙ ඉන්න අනිත් කෙනා කවුද?

:       0       0

pilipino Thursday, 05 July 2012 04:34 PM

අන්තිම පින්තූර ඉන්න එක්කෙනා රාජ පරම්පාරාවකට නෑ කම් කියනවා වගේයි පේන්නේ

:       0       0

එම්.පී Wednesday, 04 July 2012 03:51 PM

කවුරු උනත් කල වැඩේ ගොඩාක් හොඳයි....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site