සියඹලාණ්ඩුව ඓතිහාසික මනාභරණ පුරාණ රජමහා විහාරයේ ඉපරැණි දැගැබේ කැණීම් වලින් කිරිගරුඬ පිළිමයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින කරඬු දෙකක් හා පබළු කිහිපයක් සොයාගත් බව මහාචාර්ය රාජ් සෝමදේව පවසයි. අනුරාධපුර/පොළොන්නරු යුගවලට අයත් බව විශ්වාස කරන එම පිළිමය සෙන්ටිමීටර් විස්සක් උසකින් යුක්තය. තාරාදේවියගේ පිළිරුවට සමාන ප්‍රතිමාවක් මුලින්ම සොගැනිණි. ලංකාවේ දාගැබකින් එවැනි පිළිරුවක් හමුවූ ප්‍රථම අවස්ථාව මෙය බව සෝමදේව මහතා කියයි.
චෛත්‍යයේ මැද නිදන් කැර ඇති මහා මේරු ගල ද හමු වී ඇත. එම ගලේ සුදු හුණු පිළියන්ම් කර ඇති බවත් තැනින් තැන නොයෙක් වර්ණයේ සායම් වැනි දේ ද තිබෙන බවත් මෙම චිත්‍ර මොනවාද මෙතෙක් අනාවරණය වී නොමැත බවත් මහාචාර්ය සෝමදේව පවසයි.
ලංකාවේ සිදු කළ කැණීම් වලින් මෙවැනි ගල් හමුවී ඇත්තේ පහක් පමණ බව ඔහු කියයි.

1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි පෞරාණික දේවල් තව කොපමණ ඇද්ද? මෙවැනි ජාතික සම්පත් රැක ගැනීම අප කාගේත් යුතුකමයි
අන්තිම පින්තූර ඉන්න එක්කෙනා රාජ පරම්පාරාවකට නෑ කම් කියනවා වගේයි පේන්නේ
මේකෙ පළවෙලා තියන අදහස් වලින්ම පෙනෙනවා රටේ මිනිස්සුන්ගේ තරම, ඉතින් මේ වගේ රැලකට හරියන්නේ කොහොමද? වැඩි හරියකට අසහනේ තව ටිකකට ඊරිසියාව ඉතුරු ටිකට මාන්නය, ඉන්ටර්නෙට් යන්න දන්නේ ටිකක්වත් අකුරු ඉගෙන ගත්ත අය. එයාලට තියෙන්නේ මුඩුක්කු චින්තනයක් , ස..ක..ල සිරින් පිරි සිරි ලංකාව අනේ අනේ...!
කවුරු උනත් කල වැඩේ ගොඩාක් හොඳයි....
අර කානුව ඇතුලෙ ඉන්න අනිත් කෙනා කවුද?
කාණුව ඇතුළේ ඉන්න අනික් කෙනා මට නම් පේන්නේ තාරා දේවියක් වගේ
කැනීම් කටයුතු වලින් ලබාගන්නා මෙවැනි පුරා විද්‍යාත්මක වටිනාකමින් යුතු දේ ආරක්ෂා කිරීමත් නිසි ලෙස සිදු කල යුතුයි. නැතිනම් කෞතුකාගාරය තුල ආරක්ෂිතව තිබු කඩු වලට අත් වූ ඉරණම මේවාටත් අත්වන්න පුළුවන්.
මේවා පරිස්සම් කරන්න ඕනේ අපේ රට පාලනය කරන ලොකු ලොකු අයගෙන්ම තමයි.
කැළණි විශ්වවිද්‍යලයේ හා රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් සමග ආචාර්ය රාජ් සෝමදේව මහත්මා ජාතියට කරන මේ සේවය අගය කළ යුතුයි.. අනවශ්‍ය මඩගැසීම් නතර කර පුදබිමට පැමිණ සත්‍ය අවබෝධකරගන්න..
නිධානයක් හාරන්න ගිහිං හම්බවෙච්ච එකක්ද?
දුටු ගැමුණු රජුගේ කඩුව හම්බ වුනේ නැද්ද තවම
1989 කාලේ මොණරාගල පැත්තේ නිධානයක් ගොඩ ගත්ත කෙනා ළග ඕකේ ඉතුරු ටික ඇති
සෝමදේව මහත්තය ටිකක් පරෙස්සමෙන් .ඔරටත් පිටරට තානාපති කමක් ඕන වෙලා වගේ
ප්‍රභාත්, ක්ලැරන්ස්, මේ වගේ උතුම් උත්සාහයන් විහිලුවකට ගන්න එපා
හරි එකටත් හරි .
මෙවැනි ඉතිහාසගත කරුණු පිළිබඳ නූතන පරපුරට දැනුමක් ලබා දීම සඳහා පළකර ඇති ප්‍රවෘත්ති ඉතාමත් වැදගත්ය.ඒවා ඉතා අපහසුවෙන් දුක් විඳ රැස් කර ඡායාරූපද සහිතව පළකිරීම පිලිබඳව අදාළ අයහට ස්තූතිවන්ත වෙමි.
ඔය භාණ්ඩ පරිස්සම් කරගන්න එක තමා ප්‍රශ්නෙ.