හලාවත මුන්නේෂ්වරම් කෝවිල අසළ ලබන 22 දක්වා පෙළපාලි උද්ඝෝෂණ හා විරෝධතා පැවැත්වීම තහනම් කරමින් හලාවත අතිරේක මහේස්ත්‍රාත් කේ.කේ.ලියනගේ මහතා විසින් නියෝගයක් නිකුත් කරනු ලැබීය. සත්ව බිලි පූජාවට එරෙහිව කෝවිල ඉදිරිපිට කිසියම් පාර්ශවයක් උද්ඝෝෂණයක් කිරීමට සූදානම් බව සැකයැයි පොලීසිය කළ ඉල්ලීමකට අනුව අධිකරණය මේ නියෝගය ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දේවල් ලංකාවෙ පවත්වන්ඩ දීමෙන් වෙන්නෙ නොදියුණු ගෝත්‍රිකයන් ලංකාවෙ ඉන්නව කියා මුළු ලෝකයටම පණිවිඩයක් යෑම. (ස)
බිලි පුජාව තියන්නේ නැහැ කියල කෝවිලෙන් පොරොන්දු වුනා කියල කලින් පුවතකින් දැක්ක..මෙයාල දැන් හදන්නේ පුජාව තියන්න වගේ මට පේන්නේ. (ස)
අපේ සේනාව කෝ ? (නි)
දෙවියන්ගේ අණ බිලිපුජාව. එය නතර කලොත් රටට දේව සාප ලැබෙයි. (ස)
මිනී ඔළුවක් රුපියල් දෙලක්ෂයයි.කොළඹ ගුරුකම් වලට රුහුණේ සොහොන් හාරයි. .මැරිලත් නිදහසක් නැහැනේ (නි) 2013 අගෝස්තු මස 16 14:10:48
පව් කරන අයට ඇති තරම් පව් සිදුකරගෙන දුක් විඳින්න දෙන්න. පවට අකමැති අය මෛත්‍රී සිත් ඇතිව කටයුතු කරගන්න. ඔබ ඔබ ගැන හිතා කුසලයේම හැසිරෙන්න. යමෙකු පවින් වලක්වා ගැනීම හොඳ දෙයක් නමුත් ඒ වෙනුවෙන් ගැටුමකට නොයන්න. හැකි තරම් ඉක්ක්මනට සසරින් එතෙර වන්න. අද තිරිසන් සතුන් වී බෙලි කැපුම් ලබන්නේ පෙර බෙලි කැපු අයමයි. අද බෙලි කපන අයටද බෙල්ල කපාගන්න මෙතනටම එන්න වෙනවා. මෙය චක්‍රයක් ලෙස නැවත නැවත සිදුවෙනවා. මේ අයට කවදානම් දුකෙන් මිදෙන්නට ලැබේවිද? (ස)
ආගම්වාදී සහ ජාතිවාදී ගැටුම් නැවත්වීම සදහා පෙළපාළි උද්ඝෝෂණ හා විරෝධතා තහනම් කල යුතු වගේම 21 වෙනි සියවසේ අමු අමුවේ අහිංසක සතුන් ම්ලේච්ච ලෙස ඝාතනය කිරීම නැවත්වීමට ඉදිරිපත්වීමට මිනිසුන්ට අයිතියක් තිබිය යුතුමය.එසේ නොමැති නම් එවැනි නියෝගයක් දිය හැකි අයට මෙය නැවැත්වීමටත් නියෝගයක් දියහැකි විය යුතුය.කැකිල්ලේ නඩු තීන්දු 21 වැනි සියවසට නොගැළපේ. (ස)
මම නම් කිසිම සත්ව ඝාතනයකට කැමති නැහැ.මං දන්නවා ලෝකේ සත්තු ඉන්නේ අපිට බිලි පූජා සඳහාවත්,ආහාර සඳහාවත් නොවේ.මේ රටේ සම්පූර්ණයෙන්ම සතුන් මස් සඳහා බිලිපූජා සඳහා මැරීම නැවැත්වීමට රජය ක්‍රියාකළ යුතුය.පොඩ්ඩක් හිතලා බලන්න.අපි වගේම තමයි සත්තුත් ජීවත් වෙන්න ආසයි.මරණයට බයයි.මෙහෙ අරාබිය නොවේ.මෙහෙ ගස් කොළන් ඇති ශ්‍රී ලංකාව නමැති සිංහල බෞද්ධ රටයි.මං නම් දැන් මස්,මාළු,බිත්තර වලින් වැළකිලා ඉන්නේ. (නි)
චමින්ද අවුරුදු 60 තිස්සේ රට කොහෙටද යන්නේ කියල බලපුවහම පේනවා ගෝත්‍රිකයෝ මිට වැඩිය හොඳයි කියලා. (ස)
මෙවන් සංකල්ප වලින් බැහැරවන්න කියලා සිංහල බෞද්ධ සහෝදරයන්ගෙන් ඉල්ලා සිටිනවා.සැබෑ දෙවිවරු සත්ව ඝාතනය අනුමත කරන්නේ නැහැ. (නි)
සත්‍යපාල කියන්නේ සත්‍යයක්.! හරියටම හරි.(ස)
කට්ටියට ආයේ වෙඩි කන්න හිතිලා වගේද? (ස)
මර්වින් සිල්වා මහත්තයාවත් එන්නකෝ (නි)
දේවාති දේව වූ මිනිසුන්ට ශ්‍රේෂ්ට වූ තථාගතයන් වහන්සේ කියලා අපේ නාමික බෞද්ධ නායකයෝ දන ගහලා බුදු පිළිම වලට වැන්දට දේව සංකල්ප වලට පණ බයේ ඉන්නේ කියලා කවුරුත් දන්නවා. (ස)
අපි බෞද්ධයෝනේ...අපි සත්ව ඝාතනය පව්කාරකමක් ලෙස සලකනවා. නමුත් වෙනත් ආගම්වල තියෙන දේ වෙනස්....එක අපට අයිති නැහැනේ...ඔවුන් කරන අපරාධ වලට දඞුවම් ඔවුන්ට ලැබේවි.... (ස)
හේමන්ත ගැන ආඩම්බරයි. අවබෝධයෙන් යුතු බෞද්ධයන් අද ඉතා විරලයි. (නි)
සුරේෂ්, අපි දන්නා විදියට ලේ ඉල්ලනේ, බිලිපුජා තියන්නේ යක්කුන්ට. මුන්නේෂ්වරමේ ඉන්නේ කවුද? තේරෙන්නේ නැති නිසය් අහන්නේ. (නි)
පෙර අඟනක් එක් එළු දෙනක හිස සිඳා.... සියොළඟ වැළඳී ගිනිදැල් නිරයේ දුක් විඳා.... ඇය ඇඟ ලෝම ගණනේ හිස් කැපුම් ලදා.... මෙම රඟ වේය කාටත් අකුසලේ ලෙදා...(ලෝවැඩ සඟරාව ) (නි)
මනෝහරන්, කෝ ඔයාට පෙනෙන දේ රට බහුතරයකට පෙනෙන්නේ නැහැනේ! (නි)
දේව සංකල්පය මිනිස්සුන්ගේ ඔලුවලට පැටෙව්වේ බුද්ධාගමේ මිනිස්සු නෙමෙයි අසේල.බුද්ධාගම කවදාවත් දේව සංකල්ප වලට යටත් නෑ.... (ස)
ගිය අවුරුද්දේ නම් අපේ ඇමතිතුමා මේක නැවැත්තුවා (නි)
සනත්, බිලිපුජා කිරීම සදහා බෞද්ධයනුත් විශාල වශයෙන් සහභාගී වෙනවා.හැකිතරම් බෞද්ධයන් ඒ පව්කාරකමෙන් බේරාගන්නයි ඕන. (ස)
සුරේෂ්ගේ දෙවියෝ කැමති ලේ වලට නම් අහිංසක සතුන්ව අතහැරලා ඔබ බිල්ල බවට පත් වෙන්න.මිනිස් බිල්ලට ඔබේ දෙවියෝ වඩාත් කැමති වේවි....!මේවට කියන්නේ 21 වන සියවසේ අන්ධ විශ්වාස කියලයි. (ස)
හේමන්ත, ඔබ කියන විදිහට "පව් කරන අයට ඇති තරම් පව් සිදුකරගෙන දුක් විඳින්න දෙන්න.යමෙකු පවින් වළක්වා ගැනීම හොඳ දෙයක්. නමුත් ඒ වෙනුවෙන් ගැටුමකට නොයන්න." යමෙකු ඔබගේ දරුවා,බිරිද,මව මරන්නට ගියහොත් ඔහුට පවු කරන්නට ඉඩ දී ගැටුමකට නොයා සිටිනවාද ?තේරුමක් ඇති දෙයක් කියන්න.නන් විකාර දොඩවන්න එපා ! (නි)
ලියනගේ නම් එළු මස් නැතුව ආහාර ගන්නෙම නැහැ වගෙයි (නි)
සියලු සත්ව ඝාතන තහනම් කළ යුතුය. එසේම සියළු අන්තවාදයන් නැතිකොට සිංහල බෞද්ධයන්ගේ සංස්කෘතියට අනුව ඔවුනට ජීවත් වීමට ඉඩ දිය යුතුය. (නි)
මේක බෞද්ධ රටක්. මේ රටේ සත්ව හිංසාව පිටු දැකිය යුතුමයි. සදාචාර සම්ම්පන්නව මේක නවත්තන්න බැරිනම් නීති ගෙනත් හරි මේ අසරණ සතුන්ට දෙන වදහිංසා නවත්වන්න කාලේ හරි. (නි)
සුරේෂ් වගේ අය මේ ලෝකෙ තව ඉන්නවා (නි)
මේ සැරේ බලාගතහැකි, ආර්ය දෙවියන්ට කොච්චර බයද කියලා, සබැ වීරයෙක් නම් එළුවෝ ටිකයි කුකුළෝ ටිකයි මරණෙන් බේරාගනී.... (ස)
ලංකාව පුරා කොතරම් බිලි පූජා තියෙනවද ...කුකුළන්, එළුවන්, හරකුන් වගේම මිනිසුන්ද මේ බිලි පූජා වලට ගොදුරු වෙනවා.බොරුවට පෙළපාළි ගිහින් ලකුණු දමාගන්න හදනවා. (ස)
දෙවියන් කැමති යහපත් දේවලට.අහිංසක සතුන්ගේ බෙල්ල කපනකොට, බෙරිහන් දෙන විලාපය දෙවියන්ටවත් ඇහෙන්නේ නැද්ද?සාමකාමි උද්ඝෝෂණයට ඉඩ දෙන්න... (නි)
එතකොට විසි එක්වෙනි සියවසේ දිනපතා සිදුවෙන මිනීමැරුම්, ස්ත්‍රී දුෂණ, ළමා අපචාර, ගණිකා මඩම්, තැබෑරුම්, මංකොල්ලකෑම් වැනි අපරාධ වලට එරෙහිව කවදාද නැගී සිටින්නේ? (නි)
උද්ගෝෂණ නෙමෙයි ඔය පැත්ත පළාතක යන්න එපා. කවුරු හරි යුදකාමී මානසිකත්වයක් තිබෙන කෙනෙක් එහෙම හිටියොත් දෙවියන්ගේම පිහිටයි අපිට. දැන් විධිමත් පරීක්ෂණත් නැතිලුනේ (නි)
මේවා දිගු කාලයක් තිස්සේ පැවතෙන ඒවා නේද? දැන් මොකක් ද ඇතිවෙලා තිබෙන ප්‍රශ්නය? (නි)
මෙම ගැටළු වලට නිසි පිළියම් අවශ්‍යයි නේද? (නි)
සතෙකු මරා කරනු ලබන ලේ පුජාවෙන් යම් අදෘශ්‍යමාන කෙනෙකු සතුටු වේද? (නි)
අතීතයේ නගරයේ, ගමේ වෙල්යායේ, කමතේ, වනාන්තර වල මොනතරම් අහිංසක සතුන් ජීවත් වුණාද? අද මුළු ලොව පුරාම මිනිස් ජනගහනයේ ව්‍යාප්තිය ඉහල යන ප්‍රතිශතයට අනුව සත්ව ජනගහනය සීග්‍ර ලෙස පහත යමින් ඇත .මිය යන තිරිසන් සතුන් මිනිස් ආත්ම භාවයන් තුල නැවත පුනරුප්පත්තිය ලබන බව විශ්වාස කළහැකි අතර වර්තමානයේ දුෂිත වුත් විෂම වුත් සමාජයේ මිනිස් ක්‍රියාකාරකම් දෙස බලන විට මිනිසුන් තිරිසනුන් අභිබවා සිටින බව සනාථ කර ඇත . (නි)
ෂෙරිෆ් සමග මමත් එකයි. සතුන් මැරීම නවත්වනවා නම් හොදයි. ගැටුම් එපා. (නි)
ෆාතිමා අබ්දුල්ල කියන්නේ අපේ සිංහල කෙනෙක් කියලා පැහැදිලියි.මේ අන්‍යාගමික නම් පාවිච්චි නොකර තමන්ගේ අදහස් තමන්ගේ නමින් දාන්න. (නි)
සිංහලය කෑ මොර දුන්නේ වෙනත් රටවල් අල්ලන්නද? වෙනත් රටවල ව්‍යාප්ත වෙන්නද? නෑ නේද? සිංහලයා කෑ මොර දුන්නේ සිංහල රට රැකගන්න, එහි සංස්කෘතිය රැකගන්න විතරයි නේද? (නි)
ඔය දේවාලවල පුද පූජා කරන්න වැඩිපුරම ගැවසෙන්නෙත් බෞද්ධ කියාගන්න කට්ටිය තමය (නි)
මේවා දෙවියන් ඉන්නා ආගම්ද? ලේ ඉල්ලන්නේ ලෙයට කැමති අයයි අපි දන්නා විදියට නම්.මේ බෞද්ධ රටේ බිලි පුජා නතර කළ යුතුයි (නි)
යුද්ධය තියෙන කාලෙ කවුරුවත් මේවට කතා කෙරුවෙ නෑ.මොකද මේ දැන් ආයෙමත් රට ගිනිතියන්නද යන්නෙ. (ස)
මෙවැනි ක්‍රියාවන් මම නම් අනුමත නොකරමි (නි)
සුරේෂ් ගේ දෙවින්ගෙන් ඔය බිලිපූජා තියලා ලබන ආශිර්වාදයට වඩා මේ සතුන් මරණයෙන් නිදහස් කරලා ලබන ශාපය මේ රටට හොදයි. (නි)
අපි යහමග යමු, බෞද්ධ දර්ශනය යටතේ නිවන් දකින්නට. බුදු සරණයි සැමට !! (නි)
හේමන්ත, ඔබගේ අදහස අගය කරමි. මම බෞද්ධයෙක් නොවුනත් ඔබගේ අදහස ඉතා අගය කරමි. (නි)
මිනිස් පුජාව, මත් පුජාව, කාම පුජාව, මුසා පුජාව ජයට සිදුවෙනවා. රටට කාගේ පිහිටද? (නි)