IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මන්නාරම රෝහලේ ප්‍රසූතියේදී මවත් බිලිදාත් මිය ගිහින්

( රොමේෂ් මධුෂංක)

මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19)  මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.

 එම සිද්ධිය හේතුවෙන් රෝහල් වෛද්‍යවරුන්ට සහ කාර්ය මණ්ඩලයට එරෙහිව මියගිය අයගේ ඥාතීන් දැඩි විරෝධතාවක් දැක්වූහ.

සිය කුලුදුල් දරුව ප්‍රසූත කිරිම සඳහා අදාල මව මන්නාරම් රෝහලේ ප්‍රසව වාට්ටුවට ඇතුලත් කිරීමෙන් පසුව ඇති වූ හුස්ම ගැනීමේ අපහසුතාවයක් හේතුවෙන් දරුවා ප්‍රසූත කිරීමට ආසන්නව ඇති බවට රෝහල් කාර්ය මණ්ඩලය දැනුම් දී අදාල මව ප්‍රසූත කාමරයට රැගෙන ගොස් ඇත.

එහිදී දරුවා ප්‍රසූත කරවීමට ගත් උත්සහයකදී දරුවා සහ මව මිය ගොස් ඇති බවටත් රෝහල් බලධරීන්ගේ නොසැලකිල්ල මත මෙම මරණයන් සිදුව ඇතැයි පවසමින් ඥාතීන් විසින් රෝහල් බලධරින්ට එරෙහිව විරෝධතාව දැක්වූහ.

එහිදී ඥතීන් විසින් චෝදනා කොට ඇත්තේ මිය ගිය මවගේ සිරුර බැලීමට පවාද රෝහල් බලධරීන් විසින් අවස්ථාවක් ලබානොදුන් බවයි.



අදහස් (0)

මන්නාරම රෝහලේ ප්‍රසූතියේදී මවත් බිලිදාත් මිය ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 646 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 309 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site