මන්නාරම තිරුකේතීෂ්වරම් මාන්තෙයි මංසන්ධියේ  සමුහ මිනී වළේ  කැණිම්  අද  (05) සිට නතර කළ බව  මන්නාරම පොලීසිය කියයි.

මන්නාරම මහේස්ත්‍රාත්  ආනන්දි කනගරත්නම්  මහත්මිය, අනුරාධපුර  අධිකරණ විශේෂඥ  වෛද්‍ය එල් ඩී වෛද්‍යරත්න  මහතා ඇතුළු  කැණිම් භාර නිලධාරීන්  හා මන්නාරම් පොලීසිය  එහි දෙවන අදියර යටතේ විද්‍යාගාර  පරීක්ෂණ හා ඉදිරි  පරීක්ෂණ පිළිබඳ  සාකඡාවේදී මෙම තීරණය ගත් බව  පොලීසිය සඳහන් කරයි.

සිරුර 81 ඇට කටු එම වළෙන් ගොඩට ගැනිණි.