IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


මන්නාරම දූෂණ මර්දනේට පොලිසියෙන්ම වැලි පහරක්

 බලපත්‍ර නොමැතිව නීති විරෝධි ලෙස මුලතිව් මහ වන මැද සිට වැලි ප්‍රවාහනය කරමින් තිබූ මන්නාරම කොට්ඨාසයේ පොලිස් ස්ථානාධිපතිවරයකුගේ බිරිඳකට  අයත් ටිපර් රථයක් ඇතුළු   වැලි පැටවු ට්‍රැක්ටර් 5 ක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ  මන්නාරම කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසිරුවා ඇතැයි  පොලිස් ආරංචි කියයි.

එහි සේවය කළ පොලිස් පරීක‍ෂකවරයෙක් , සැරයන්වරයෙක් හා කොස්තාපල්වරු පස්දෙනෙක් මෙලෙස ඔවුන් කලින් සේවය කළ ස්ථානවලටම අනියුක්ත කරනු ලැබූහ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ   එම වැටලීම සහ   දූෂණ මර්දන අංශය විසිරුවා හැරීම අතර සම්බන්ධයක් නැති බවයි.

ස්ථානාධිපතිගේ බිරියකගේ වාහන සම්බන්ධ සිද්ධිය ගැන විමර්ශන කරන බවත්,  දූෂණ මර්දන අංශය විසිරුවා හැරියේ එම අංශය ගැන ලැබුණු පැමිණිලි මත බවට ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීන් සඳහන් කරන බවත් මාධ්‍ය ප්‍රකාශක පැවසීය.

එක් එක් පොලිස් ස්ථානවලින් නිලධාරීන් ගෙන එම අංශය පිහිටුවා තිබූ බව ද, පසුගිය දා මන්නාරම කොට්ඨාසයේ පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ රැස්වීමක දී එම විශේෂ ඒකකය ගැන කළ චෝදනා පදනම් කරගෙන නැවත එම නිලධාරීන් කලින් සිටි පොලිස් ස්ථානවලටම අනියුක්ත කර ඇති බව ද හෙතෙම කීවේය.

දීර්ඝ කාලය සිට නීති විරෝධි ලෙස දැව කැපීමේ ජාවාරම් වැලි ගොඩ දැමීම හා ප්‍රවාහනය කිරීමේ ජාවාරම් නිසා මන්නාරම පොලිස් කොට්ඨාසයේ ඉලූප්පුකඩවායි වෙඩිතලතිව් මඩු , සිලා වතුර යන පොලිස් බලප්‍රදේශවලින් වාර්තා වූ නිසා ඒවා මර්දනය කිරීමට මෙම ඒකකය පිහිටුවා තිබිණි.

ඉකුත් පෙබරවාරි 25 වන දින අලූයම සිලාවතුර කල්ලාරු මහ වන මැද ඇති කල්ලාරු ඔයේ සිට ගොඩ දැමු වැලි ප්‍රවාහනය කළ   පොලිස් ස්ථානාධපතිගේ බිරිඳට අයත් ටිපර් රථය ඇතුලු තවත් ට්‍රැක්ටර් 5 වැලි පුරවාගෙන යමින් සිටියදී පොලිස් අත් අඩංගුවට පත්ව ඇත.

මෙහිදි ටිපර් රථයේ රිදුරා පමණක් ප්‍රාදේශීය ලේකම්වරයකු විසින් නිකුත් කරන ලද වැලි බලපත්‍රයක් පොලිස් නිලධාරින්ට ලබාදුන්නද ඒ පිලිබදව සැක සිතු පොලිස් නිලධාරින් අදාල ප්‍රාදේශිය ලේකම් වරයාගෙන් මේ සම්බන්ධව එම කාර්යාලයට ගොස් විමසද්දී ඔහු සඳහන් කර ඇත්තේ පොලිස් ස්ථානාධිපතිගේ ඉල්ලීමට එය ලබා දුන් බවයි.

ව්‍යජ ලේඛන සකස් කිරීම නිසා පෙබරවාරි 26 වන දින අත් අඩංගුවට ගත් ටිපර් රථය හා ට්‍රැක්ටර් රථ 5 මන්නාරම මහේස්ත්‍රාත් වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ට්‍රැක්ටර් 5 රියදුරන් වරද පිලිගැනීමෙන් අනතුරුව වැලි තොග රාජසන්තක කර  ඔවුන් 5 දෙනාට රුපියල් එක්ලක‍ෂ හැටපන්දහසක දඩ නියම කර තිබේග
ටිපර් රථයේ රියදුරා නිවැරදිකරු යැයි පැවසීමෙන් පසු ඔහු ඇප මත මුදා හැර ලබන අප්‍රේල් 3 වන දින නැවත අධිකරණයේ පෙනි සිටින ලෙස මහේස්ත්‍රාත් වරයා නියෝග කර ඇත.



අදහස් (0)

මන්නාරම දූෂණ මර්දනේට පොලිසියෙන්ම වැලි පහරක්

සුජිත් Friday, 28 February 2014 01:23 PM

මිරිහාන පොලිස් නිලධාරීන් සියල්ලම එකවර මාරු කිරීම හා සලාකා සූදු පොළ වැටලීම අතර සම්බන්ධයක් නැත. එම නිලධාරීන්ට එරෙහිව චෝදනා තිබුණු බැවින් කල් ඇතිව ගත් තීරණයක් ලෙස ඔවුන් මාරු කරන ලදී. මාධ්‍ය ප්‍රකාශක. මන්නාරම දූෂණ මර්ධන ඒකකය විසුරුවා හැරීම සහ වැලි ටිපර් ඇල්ලීම අතර සම්බන්ධයක් නැත. මාධ්‍ය ප්‍රකාශක. අනේ අපේ පොලිසිය! (නදී)

:       0       0

සුජිත් Friday, 28 February 2014 01:30 PM

මමත් මල්ලීත් මල්ලිගේ නිවසේ සිට පෙනෙන දුරින් පිහිටි ඔයෙන් වැලි ගෝනි දෙකක් කර තබාගෙන පාර පනින විට පොලිසියෙන් ඇල්ලුවා. මල්ලිගේ වැසිකිලිය හදන්නට සුළු වැලි ප්‍රමාණයක් ගෙනෙන බව කීවද අපව උසාවි දමා 3000ක් දඩ ගෙවීමට සිදුවිය. නීතිය අපට නම් එසේය. (නදී)

:       0       0

සුසන්ත Friday, 28 February 2014 02:28 PM

අපිට අදාළ නැති දේවල් වලට අපි කතා නොකර ඉම්මු (දී)

:       0       0

ජයතිලක Saturday, 01 March 2014 02:20 AM

දුෂණ මර්දන ඒකකය පිලිබදව ලැබුණු පැමිණිලි මොනවද දන්නේ නැහැ නේද,එය විසුරුවා හැරීමට ? නීතිය හරි විදියට ක්‍රියාත්මක කිරීමද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1585 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 555 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 627 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site