IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මන්නාරම අධිකරණය ඉදිරිපිට වෙඩිතැබිමකින් දෙකක් මරුට

( රොමේෂ් මධුසංක සහ සිතුම් චතුරංග )

මන්නාරම අධිකරණ සංකීර්ණය ඉදිරිපිට අද (16) උදෑසන සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව මන්නාරම පොලිසිය පවසයි.

අධිකරණයේ නඩු කටයුත්තක් වෙනුවෙන් පැමිණි සැකකරුවන් පිරිසකට එලෙස වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලසිය සඳහන් කළේය.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූවන් මන්නාරම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති අතර, තුවාලකරුවන්ට පිස්තෝලයකින් වෙඩි තබා ඇති බව විශ්වාස කරන බව ආරක්ෂක අංශ සඳහන් කරයි

මන්නාරම උයිලන්කුලම ප්‍රදේශයේ සිදුවු ඝාතන සිදුවීම් දෙකක් වෙනුවෙන් සැකපිට අධිකරණයට රැගෙන ආ සැකකරුවන් පිරිසකට එලෙස වෙඩි ප්‍රහාර ඒල්ලවී ඇතැයි කියයි.

කලෙක පටන් මන්නාරම උයිලන්කුලම ප්‍රදේශයේ දෙපිරිසක් අතර පවතින ගැටුමක් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් සිව්දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවද ආරක්ෂක අංශ කියයි . 



අදහස් (5)

මන්නාරම අධිකරණය ඉදිරිපිට වෙඩිතැබිමකින් දෙකක් මරුට

pj Thursday, 16 January 2025 11:10 AM

අගමැතිලට රටේ මේ වාතාවරණය කජ්ජක් නිසාද මන්දිරය අවට ආරක්ෂක කුටි විනාශ කර දැමුවෙ....

:       20       5

Damith Thursday, 16 January 2025 11:48 AM

පොලිසිය බුදි ද ?

:       0       7

Perera Thursday, 16 January 2025 12:33 PM

මිනී මරුවන්ට නියමිත දඬුවම ලැබිලා තියනවා

:       2       8

fairoos Thursday, 16 January 2025 02:27 PM

අලුත් ආණ්ඩුවට තියන තවත් හිසරදයක්...

:       0       1

kamal Koyrala Thursday, 16 January 2025 02:45 PM

මහජන ආරක්ෂාව පට්ටයිනේ... දැන් තාම තමන්ගේ ආරක්ෂාව සලසා ගන්නද? පස්සේ කියන්න එපා මහජනතාවට නීතිය අතට ගන්න බැහැ කියලා...

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site