(යොහාන් භාසුර)
රජයේ මිනින්දෝරුවෝ ඉඩම් අමාත්‍යවරයාට විරෝධය දක්වමින් ලෙස නිවාඩු දැමීමේ එක්දින වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.
මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ වර්තමානයේ පවතින භෞතික සහ මානව සම්පත් ගැටලුවට සහ මිනින්දෝරුවන්ගේ ගැටලුවලට විසඳුම් දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිය ද ඒවා ඉටු නොවීමට සහ මැනුම් කටයුතු පෞද්ගලික අංශයට දීමට කරන උත්සහයට විරෝධය දක්වමින් මෙම විරෝධතාව දක්වන බව රජයේ මිනින්දෝරු සංගමයේ උසස් නිලධාරියෙක් පැවසීය.
මෙම ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමර්ගය පිළිබඳව පසුගිය සතියේ අමාත්‍යවරයට සහ අමාත්‍යාංශ ලේකම්වට දැනුම් දුන්න ද ඔවුන් ප්‍රතිචාරයක් නොදැක්වූ බව ද එම උසස් නිලධාරියා වැඩි දුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක දැක්කම මට අතීත කතාවක් මතක් වුනා ලංකාවෙ ඵලදායිතා සම්මාන සදහා මුලින්ම සාකච්ඡා කරන වෙලාවෙ ඔය දෙපාර්තමේන්තුවෙත් සාකච්ඡා තිබුනා මම සේවයේ කල කාර්‍යාලයේ කෙනෙක් සහභාගිත්වය දැරූ නිසා මේ තොරතුරු අපිට ලැබුනා ඒ වෙලාවෙ ඵලදායිතා සම්මාන දීමෙන් අපේක්ෂා කලේ එක් එක් දෙපාර්තමේන්තුවක් ඔවුන්ගේ කටයුතු රටේ සංවර්ධනය සදහා යොදාගැනීම වුනත් එහි ලොක්කා කියලා තිබුනෙ මුලින්ම පත්වීමක් ගත් ආධුනික මිනින්දෝරු කෙනෙක් පත්වීම් දිනසිට වසරක් තුල ඩබල් කැබ් එකක හිමිකරු වුනොත් ඵලදායිතා සම්මාන ඔහුට ලැබෙනවා කියලා තමයි
මෙය මම හොඳටම දන්න කරුණක්... පුද්ගලිකව වැඩකරන මිනින්දෝරු වරයෙක් දවසකට රජයේ මිනින්දෝරුවරයෙක් කරන වැඩ ප්‍රමාණය මෙන් තුන්ගුණයක් පමණ වැඩ කරනවා.