මන්නයක් හා පිස්තෝලයක් පෙන්වා කොට්ටාව සතොස සාප්පුවෙන් රුපියල් එක් ලක්ෂ හැට දහසක් පැහැර ගත් පිරිසක් සොයා පොලිසිය පරීක්ෂණ අරඹයි.
සෙනසුරාදා සවස මේ කොල්ලය සිදු වෙද්දී ආරක්ෂකයන් ඇතුළු සේවකයන් හත් දෙනකු එහි සිටි බව කියති.
මන්නයක් හා පිස්තෝලයක් පෙන්වා කොට්ටාව සතොස සාප්පුවෙන් රුපියල් එක් ලක්ෂ හැට දහසක් පැහැර ගත් පිරිසක් සොයා පොලිසිය පරීක්ෂණ අරඹයි.
සෙනසුරාදා සවස මේ කොල්ලය සිදු වෙද්දී ආරක්ෂකයන් ඇතුළු සේවකයන් හත් දෙනකු එහි සිටි බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුහුණ අාවරණය කළ හෙල්මට් දාගෙන හොරකම් කරන නිසා හෙල්මට් තහනම් කළා වගේ කැපෙන මුවහත තිබෙන මන්න පිහිත් තහනම් කළා නම් හරිනේ. (නි)
මේ යන ක්‍රමයට පොළට ගිහින් අරගෙන එන එළවලු මල්ල මන්න පිහි පෙන්වලා උස්සාගෙන දුවන කාලයක් ලංකාවට එයි.හරියට පිලිපීනයේ වගේ. (නි)
මංකොල්ල නොකා දැන් ජීවත් වෙන්න හරි පුලුවන්ද? (අ)
එහෙනම් සතොස මංකොල්ල කන තවත් අය ඉන්නවා?? (නි)
අපේ ගරු ජනාධිපතිතුමාට මා හැමදාමත් ඉතා ඉහලින් ගරුකරන්නේ. සෑම මැතිවරණයකදීම මේ රජය ජයග්‍රහණය කරවන්න මා දායක වුනා. ඒ ගරු ජනාධිපතිතුමා මේ රට එක් සේසත් කල වීර චරිතයක් නිසා පමණක්. නොව මාගේ පියා ප්‍රබල ශ්‍රී. නි. පාක්ෂිකයෙක් නිසාත්. නමුත් අපේ රටේ ආර්ථිකය ගැන හිතල බලනකොට මට දුකක් හා බියක් ඇතිවෙනවා. රටේ සිදුවෙන මංකොල්ල කෑම් පැහැරගැනීම් මුදල් මත සිදුවෙනවා. මිනිසුන්ට ජීවත් වෙන්න අපහසු තත්වයක් උදා වෙලා. දිනෙන් දින අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල ඉහල යනවා. මෙහෙ ඉන්න අපිට එතරම් බලපෑමක් නොතිබුනත් අහිංසක දුප්පත් මිනිසුන් කෙසේ ජීවත් වේද? අපිටත් හැමදාම විදේශ ගත වෙලා ඉන්න බැහැ. අපේ රටට ඇවිල්ල නිදහසේ දරුවන් සමඟ සතුටින් අපිත් ජීවත් වෙන්න ඕනේ. නමුත් ඒ තීරණය ගන්න මා හිතන්නේ තවත් කාලයක් අපට අවශ්‍යයි කියලා. අතිගරු ජනාධිපති තුමනි සමස්ත ලාංකික ජනතාව වෙනුවෙන් මේ පුවත ඔබේ නෙත ගැටේවා. එමෙන්ම කරුණා කරලා හැකි අයුරින් අපට සහන සැලසීමට ඔබේ අවධානය යොමුවේවා. මේ අදහස් මා මෙසේ සටහන් කලත් මුදල් මංකොල්ල කෑම සාධාරනීකරණය කරන්නේ නැහැ. දැඩි දඩුවම් ලබා දිය යුතුය එත් කෝ......නීතිය? (නදී)
ෆස්රුල්-ගපුර් ඇතුළු මේ ආකාරයට හිතන සැමදෙනා වෙතයි! දවසක් යාගහෝමයක් කර දෙවියන් සැනසීමට හිතු බ්‍රාහ්මණයෙක් එළු පැටවෙකු බිලි දෙන්න සුදානම් වූ විට කපටි හොරෙක් එතන තිබු ගසක අතු අතර සැඟවී සිට දෙවියන් කතාකරන ලෙසට ඒ මෝඩ බමුණාට මෙසේ සැරවුණා. "එම්බල බමුණ! ලුණු නැතුව කෙසේ මා මේ මස් අනුභව කරම්ද? අසල ගමකට ගොස් වහා ලුණු රැගෙන එව". ඒ මෝඩයා ද ඒ බහට රැවටී ලුණු රැගෙන ආපසු එනවිට ගසේ බැඳ සිටි පුජාවට ගෙනා එළුවා අන්ත්‍රස්ධාන වී තිබුනි. මන්ද ඒ අතරතුර හොරා ගහෙන් බැස එලුවාත් සොරකම් කරගෙන මාරු වී තිබීමයි. මොළය පෑදුන බමුණා එවිට "දෙවියන් අමතමින් " එම්බල දෙවිය! තට පුද දෙන්න ගෙනා එළුවා රැකගන්න නුඹට බැරි වී නම්, මා වැන්නෙකු තා කෙසේ රකින්නද" කියා ආපසු හැරී ගෙදර බලා ගියා. ඔබලා කැමති කැමති අන්දමට මේ කතාවේ එන චරිත තම තමාට හා රටේ පාලකයින්ට ආදේශ කරගන්න. එතකොට වර්තමාන සමාජ යතාර්ථය පිළිබද ලස්සන පින්තූරයක් මැවී පෙනේවි. ඔබ සැමගේ ඇස් පැදේවා! (නි)
අප්‍රිකාවේ දුප්පත් දිවයිනක් තිබෙනවාලු. එහි ජීවත් වෙන්නේ අන්ත අසරණ මෝඩ තකතීරු මිනිසුන්ලු. ඒ රටේ 95% ක්ම එදා වේල හොයන් කන දුප්පත්ම මිනිසුන් කොටසක්ලු. දවසින් දවස බඩු මිල ඉහල යන නිසා කන්න අදින්න හොරකමේ යනවලු. තවත් කොටසක් කුඩු ගහන්න හොර කමේ යනවලු. නමුත් රජතුමාගේ නඩත්තුවට කෝටි ගනන් වියදම් කරනවලු. ඒ වගේම රාජ උපදේශකයන්ටත් කෝට් ගනන් වියදම් කරනවලු. අප්‍රිකාවේ එහෙම වුනාට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ.(නදී)
රටේ නීති තිබුනාට නීති රකින අයත් මංකොල්ල කනවා.(අ)
ගෆුර්,කවදාවත් ඉටු නොවෙන බලාපොරොත්තු තියාගෙන ඉන්න එපා.අපේ ජනාධිපති තුමා ඒ දේවල් කරනවානම් මෙලහටත් මතට තිත තියලා.අපේ අවාසනාවටද කොහෙද .... ඒවා තවමත් කෙරෙන්නේ නැහැ. (අ)
අපගේ නිදහස් අදහස් ඒ ලෙසින්ම පළකර නිදහස් ලොවකට දොරටු විවෘත කරන ලංකාදීප කර්තෘ මණ්ඩලයට අපගේ කෘතඥතා පුර්වක ස්තුතිය. (නි)
ඉස්සර නම් මිනිස්සු සතොසට ගියේ මල්ලක් හා පොඩි මුදලක් අරගෙන සහනදායක මිළකට යමක් අරගන්න. දැන් හැම දෙයක්ම අහස උසට නැගලා හින්දා මිනිස්සු කඩවලට යන්නේ කඩු, කිනිසි, පිස්තෝල අරගෙන. ආශ්චර්යක අසිරිය මෙයින්ම බලා ගන්න පුළුවන්. (නි)