පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ට සිදුවන ලිංගික හිංසන ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම් දෙදරවන ගෝලීය ප්‍රශ්නයක් වී ඇතැයි අන්තර් පාර්ලිමේන්තු සංගමය පවසයි.
මෙම තත්ත්වය සමස්ත ලෝකයේම අවධානයට ලක්විය යුතු බව එම සංගමයේ මහලේකම් මාටින් චුන්ගොන් කියයි.
රටවල් 39 ක මන්ත්‍රීවරියන් 55 දෙනෙකු සමඟ සිදුකළ දීර්ඝ සම්මුඛ සාකච්ඡා මඟින් සැකැසූ සමීක්ෂණ වාර්තාවක් ජිනීවා නුවරදී නිකුත් කරමින් ලේකම්වරයා මේ බව සඳහන් කළේය.
නියැඳියට භාජනය කෙරුණු මන්ත්‍රීවරියන්ගෙන් සීයට 65 ක්ම වාචික ප්‍රකාශන මගින් සිදුව ඇති හිංසන ගැන පැමිණිලි කරද්දී සීයට 20 ක් ලිංගික හිංසනමය ක්‍රියා ගැන සඳහන් කර ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියවන්නාවේ කට්ටියගෙන් නියැදියක් අරන් බැලුවොත් වාර්තාව වෙනස් කරන්න වෙනවාමයි (බ)
ගණිතය අමාරු නිසා උත්තර වරදියි නේද? (බ)
මේ පැමිණිල්ල නම් බරපතලයි (නි)
මේ ගැන අහලා හරියටම දැනගන්න පුලුවන් කෙනෙක් නම් ඉන්නවා (නි)
අපේ රටෙනම් ඔකේ අනෙක් පැත්තද කොහෙද සිද්ධ වෙන්නේ බලන් යද්දී. (ම)