පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ලබන වසරේදී විමධ්‍යගත ප්‍රතිපාදන ලෙස රුපියල් ලක්ෂ 150ක මුදලක් ලබා දෙන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂණ පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
2015 වසර සදහා ගෙවිය යුතුව තිබූ රුපියල් ලක්ෂ 50 ක මුදල සහ 2016 වසරේ ගෙවිය යුතු රුපියල් ලක්ෂ 100ක මුදල වශයෙන් එම ප්‍රතිපාදන ලබා දෙන බව අමාත්‍යවරයා කීවේය.
මාතර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සංධාන මන්ත්‍රී ඩලස් අලහප්පෙරැම මහතාගේ පැනයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන්ත්‍රීවරුන් කියන්නේ මහජන නියෝජිතයින්. එබැවින් මෙම මහජන මුදල් යොදා තම ඡන්ද කොට්ඨාශ වල පක්ෂ විපක්ෂ භේදයකින් තොරව පොදු ජන අවශ්‍යතා ඉටුකිරීමට වගබලාගත යුතුය (නි)
හොඳයි හොඳයි (නි)
අපි බලමු ප්‍රතිඵලයක් තිබෙයිද කියලා (නි)
ඔය ලක්ෂ 150 කීදෙනෙක්ගේ පුද්ගලික බැංකු ගිණුම් වලට යයිද කියලා බලාගන්න පුළුවන් 2016දී. රටේ ප්‍රශ්න ලබන අවුරුද්දෙදිත් එහෙමම තිබේවි. බලන්න බොරුද කියලා? (නි)
කාගෙවත් සාක්කු වලට යන්නේ නැතුව මහජන සේවයට යෙදුනා නම් හොඳයි. (නි)
එහෙනම් ඉදිරියට රට වේගයෙන් සංවර්ධනය වෙයි (නි)
වෙන වෙන දෙපාර්තමේන්තු, පළාත් සභා හා ප්‍රාදේශීය සභා තිබෙද්දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මුදල් දෙන්නේ මොකටද? මොවුන් වියදම් කරන්නේ ඔවුන්ට ඡන්ද වැඩිකරගන්න ක්‍රමයක් පාදාගැනීමට මිස පළාතේ යහපතකට නම් නොවේ. එබැවින් 50, 60 වලදී වගේ දෙපාර්තමේන්තුවලට මෙම මුදල් දුන්නොත් හොඳ ප්‍රතිඵලයක් ලබාගත හැක. (නි)