
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පළාත් පාලන ආයතන තුන්සිය තිස් නවයෙන් සභා දෙසිය හැට හතක බහුතරය ජාතික ජන බලවේගය දිනා ගෙන ඇති හෙයින් ඒ දෙසිය හැට හතේම බලය පිහිටුවන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
කවුරු හරි වෙන වෙන දේවල් කිරීමට හීන මවනවනම් ඒවාට ඉඩ නැති බව පැවසූ අමාත්‍යවරයා මන්ත්‍රීවරු සල්ලි වලට ගන්න හදනවා නම් ඔක්කොම අල්ලා හිරේ දමන බවද සඳහන් කළේය.
රාජපක්ෂවරු වික්‍රමසිංහවරු සල්ලි ටොන් ගණන් බෙදල මන්ත්‍රීවරු බිලිබා ගත් හැටි හොදින් දන්නා බවත් එය බොරුවක් නොවන බවත් ඔහු සඳහන් කළේය.
"බලය පාවිච්චි කරන්නේ නැහැ කියලා ජනතාවත් අපිට චෝදනා කරනවා" ඔහු කීවේය.
රත්නායක මහතා මෙසේ පැවසුවේ රේගු ආඥා පනතේ යෝජනා සම්මතය පිළිබඳ විවාදයේදීය.
ජාතික ජන බලවේගය දිනාගෙන ඇති මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 9927ක් බවද අමාත්‍යවරයා පැවසීය.
COMMENTS
විසාඩ් වැටිලා ඉන්නේ.
උන්නැහේ ඔහෙලට චන්ද ලක්ෂ 20 ක් පමණ අඩුවීම දරාගන්න අමාරු බව තමයි ඔය කුලප්පුවීමෙන් පෙනෙන්නේ . කලබල වෙන්න එපා ඔහේලා ආයේ 3% ටම වැටෙනවා . ඉවසල ඉන්න එතකන් . බහුතරය කියන්නේ 50% ට වැඩ වැඩි නම් විතරයි. ඉතින් 50% හෝ එය ඉක්මවූ සභාවල බලය ඔහේලා පිහිටුවාගන්න . අනිත් ඒවා නිතිය අනුව ඒ ඒ ආයතනවලට පත්වුණු අනෙකුත් පක්ෂ බලාගනිවී.
ඔන්න බළලා මල්ලෙන් එලියට පැන්න. වැඩ බැරි එවුන් තමා වැඩියෙන්ම කියවන්නේ. වික්‍රමසිංහට පැරදිලත් බය ඇයි ඔච්චර. අන්න එයා එකතු කරපු රිසව්ස් ටිකත් ඉවරවේගෙන යනවා.
තගද දන්නේ නෑ මහත්තයෝ... ඔහොම යමු... වැඩිය දුර නැහැ.
එහෙනම් ඉස්සෙල්ලම හිරේට දාන්න වෙන්නේ නාකි ටිල්වින් සීයවයි කප්පම් වසන්තවයි.
අර කන්ටේනර් ටික හොයලා ඒකට අදාල අය අල්ලලා හිරේ දාන්න හිතන්නේ නැත්තේ ඇයි? ඉතිං අයියෝ ඒකටනේ මුලින්ම බලය පාවිච්චි කරන්න තිබුණේ...!
අනිවාර්යයෙන්ම පරණ, ජරා සෙල්ලම් නැවැත්විය යුතුයි. සල්ලි දෙන එකයි, ගන්න එකයි දෙන්නම අල්ලලා හිරේ දාන්න.
උද්දච්චකම තමයි.
අසීමිත බලයක් ලැබුණු හැම කෙනෙකුටම වෙන්නේ ඔය ටිකම තමයි.. ගෝඨාත් බලයෙන් මත්වෙලා උද්ධච්ච කම ඔළුවට ගැහුවා. මිනිස්සු පන්නලා දැම්මා. මෙයාලාත් වැඩිදුර නොගියොත් නොයන්නේ මේ උද්දච්ච හැසිරීම, අහංකාරකම නිසයි. ඕවා මිනිස්සුන්ට දිරවන්නේ නෑ හොඳේ ... මොලේ තියෙන කොට බලේ නෑ, බලේ තියෙනකොට මොලේ නෑ..
ඔය වගේ උද්දච්ච කයිවාරු නිසා තමයි මේ වගේ තත්වයක් උදාවෙලා තියෙන්නේ. දැන්වත් කතාව නවත්වලා පොරොන්දු දේවල් ක්‍රියාවට නංවන්න උත්සාහ කළොත් හොඳයි. විපක්ෂය කියන්නේ කට ඇරගෙන උඩබලාගෙන ඉන්න කට්ටියක් නෙවේනේ. ඔවුන්ගේ උදව්වට ඕනෑතරම් ජන මාධ්‍ය වගේම සමාජ මාධ්‍ය සගයෝ ඉන්නවා. බඩුමිල ඉහළ යන එක, අපරාධවල අඩුවක් නැති එක, ජීවන වියදම, දූෂකයින්ට දඬුවම් දෙන්න අසමත්වෙන එක වගේ දේවල් තමා චන්ද දායකයින් නිරන්තරයෙන් කතාකරන දේවල්. "මාක්ස්වාදයේ ගුණාගුණ" නොවේ සහෝදරයා.
0.3% වැටුණු දවසට මොනවා කියාවිද දන්නේ නෑ...? යුරේකාට දාලා ගැටගහලා හිරේදාවි නේද?
බිමලා පරාජයෙන් වියරු වැටිලා ප්‍රජාතන්ත්‍රවාදයටත් අභියෝග කරනවා. වැරැද්දක් පිළිගන්නවා තියා පරාජයවත් පිළිගන්න කැමැති නැහැ. පල් මෝඩයෙක් වගේ හැසිරෙන්නේ...
පළමුව කජු සීයා. දෙවනුව පුතානේ... මේ ඩබල ඉන්නකම් කකුලෙන් අදින එක තමයි කරන්නේ....
සුජී ඔය ෆෝන් එක පොඩි ළමයෙකුට දෙන්න.