
(සුජිත් හේවාජුලිගේ)
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සෙසු පක්ෂවල සභිකයන් මුදල් හෝ වෙනත් වරප්‍රසාද හෝ ලබාදී නොගන්නා බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේ යැයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හෙරත් මහතා පැවසීය.
කොළඹ මහ නගර සභාව ඇතුළු ජාතික ජන බලවේගය ඉදිරියෙන් සිටින ආයතනවල බලය ඉදිරියේදී පිහිටුවන බවද ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ජාතික ජන බලවේගය ගම්පහ දිස්ත්‍රික්ක කාර්යාලය යක්කල නගරයේ විවෘත කිරීමෙ උත්සවයේදීය.
මෙම උත්සවය අද පෙරවරුවේ පැවැත්විණ.
COMMENTS
අනේ ඔව්. වැටුප පක්ෂ අරමුදලට යනවා වගේ තමයි.
එහෙම නම් කොහොමද ගන්නේ? ඩුබායි ඉඳලා පානි ලවාද?
මන්ත්‍රිලා සල්ලි වලට ගන්න තරම්. මොලයක් තියෙන කට්ටිය ඉන්නවද සේරම හොරුනේ...
සල්ලි හා වරප්‍රසාද වලට මන්ත්‍රීලා ගන්නේ හොරකමේ, වංචාවේ මුල කියන එක හැමෝම දන්නවා.
ෂාහ්, ජාතික ජන බලවේගය වගේම පරාර්ථකාමී මිනිස්සු නේද ඇමැතිතුමා...? ඇහැට කඳුලුත් එනවා, වැටුප් නොගෙන විශ්‍රාම පඩි නොගෙන දිනය පුරා වැඩකරන මිනිස්සුන්ටනේ අපි මේ බනින්නේ, සොරි සර්...!
5/6 රූල් කරලා ඒක උඩ ඉඳගෙන සීටීම අශ්වයා පැන ගියට පස්සෙ ඉස්තාලේ වාසනවා වගේ වැඩක්.
හීනෙන්වත් අමතක වෙලා මේ අය කාට හරි සල්ලි දුන්නොත් බලන්න පුළුවන් විපක්ෂයේ කට්ටිය රෙදි උස්සන් එන හැටි.
සල්ලි වලට ගත්තා නම් ප්‍රශ්නයක් නෑ. සල්ලි ගත්තා වැඩේ ඉවරියි... නමුත් සල්ලි නොගෙන ගහපු ඩීල් එක තමා තවත් භයානක...!