ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට තමා සමඟ දේශපාලනමය ගැටළුවක් තිබෙනවා නම් විශ්වාසභංගයක් ගෙන ඒමට තිබූ බවත් එසේ නොකර අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පරාජය කර පළාතේ මහ ජනතාවගේ සෞඛ්‍ය හා සමාජසේවා ආදී කෙරෙහි බලපෑම් වන සේ කටයුතු කිරීම මහජන නියෝජිතයින්ට නොගැලපෙන්නක් බවත් බස්නාහිර පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස හා ළමා රක්ෂක, කාන්තා කටයුතු අමාත්‍ය නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පැවසීය.
පසුගිය කාලයේදී ජාතික හෙළ උරුමය ගත් දේශපාලන තීන්දු තීරණ සම්බන්ධයෙන් විරසකව සිටි මන්ත්‍රී කණ්ඩායමක කුමන්ත්‍රණයක් ලෙස තම වැය ශීර්ෂය පරාජය කැරුණු බව ද ඇමතිවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයකු ලෙස කටයුතු කිරීමේ දී මන්ත්‍රීවරුන්ගේ ප්‍රාණ ඇපකරුවෙකු ලෙස කටයුතු කිරීමට තමන් සූදානම් නැතැයි කී අමාත්‍යවරයා ඉදිරියේදී තම පක්ෂය වන ජාතික හෙළ උරුමය සමගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමගත් සාකච්ඡා කර ජනතාවගේ සුභසිද්ධිය උදෙසා තීරණයක් ගන්නා බව ද සදහන් කළේය.
ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් තනතුරු තාන්න මාන්න අත් හැරීමට වුවද තමා සූදානම් බවද ඇමතිවරයා පැවසීය.
බස්නාහිර පළාත් අමාත්‍ය නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා මේ බව පැවසුවේ ඔහුගේ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පරාජයවීම සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට ආදරය කරන නියම ශීලාචාර මන්ත්‍රීවරුන් පත්වෙනතුරු මේ රටේ සුපිරි දේශපාලනයක් බලාපොරොත්තුවීම බොහෝදුරට සිහිනයක් පමණක් වියහැකිය. (නි)
ඔබට සුදුසුම ලැබිය යුතු දෙයම වී ඇති බව මගේ අදහසයි. ඉදිරියට තව හොඳ දේවල් බලාපොරොත්තුවෙන්න පුළුවන් (නි)
අනේ අපි නම් ඕවා දන්නෙ නැහැ මහත්තයෝ (නි)
රට ප්‍රාණ ඇපයට ගන්නත් එපා (නි)
මන්ත්‍රීධුරය තුටු පඬුරක් සේ ලැජ්ජාවකින් තොරව ලබාගත් අය අප අතර ඉන්නවා. ඒ වගේ අයට මිනිසුන්ගේ ශාපයෙන් ගැළවීමක් නැහැ. (නි)
මම නම් හිතන්නේ මේ හැමකෙනාම ජනතාවගේ ප්‍රාණ ඇපකරුවන් වියයුතු බවයි (නි)
කෙසේ නමුත් මෙය වැරදි පුර්වාදර්ශයක්. (කෞ)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
ඔබේ කතාව අගය කරනවා (නි)
වැය ශීර්ෂයේ ඇති ජනතා හිතවාදී ප්‍රවණතා ගැන ත් කියන්න, කුමන්ත්‍රණයක් ද නැද්ද කියල ජනතාව තීරණය කරාවි. පරද්දලා තියෙන්නෙ යෝජනාව නෙව. (ස)