යුද සමයේදී ආරක්ෂක හමුදාව වෙත බාර වී අතුරුදහන් වූවන් සොයා දීම සම්බන්ධයෙන් රජය සැලකිල්ලක් නොදක්වන නිසා අතුරුදහන් වූවන් සොයා දෙන්නැයි බලකරමින් ලබන ඉරිදා (22) මාරාන්තික උපවාසයක් අරඹන බව දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රීනි ආනන්දි ශෂිදරන් මහත්මිය පවසයි.
අවසන් යුද සමයේදී ආරක්ෂක හමුදාව වෙත බාරවී අතුරුදහන්ව සිටින තම සැමියා ඇතුළු ලක්ෂ සංඛ්‍යාත අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා රජය කිසිදු සැලකිල්ලක් නොදක්වීම තම මාරාන්තික උපවාසයට හේතු වූ බවද ඇය කියා සිටින්නීය.
කොටි සංවිධානයේ ත්‍රීකුණාමලය බාර නායකයාව සිටි සින්නදුරෙයි ශෂිදරන් හෙවත් එලීලන් ද අවසන් යුද සමයේදී 58 වන සේනාංකය හරහා ආරක්ෂක හමුදාව වෙත බාර වූ බවත් ඔහු අදට පවා අතුරුදහන්ව සිටින බවත් විශේෂයෙන් ඔහු පිළිබද දැනගැනීමේ අරමුණින් තමා මෙම තීරණය ගත් බවත් ඇය කියා සිටින්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලගේ මතකය මැකිලා. අවුරුදු කීපයකට කලින් කොහෙද හිටියේ. යන්නේ කොහෙද මල්ලේ පොල්! (නි)
මේ වගේ වැඩ වලින් වෙන්නේ නැති ප්‍රශ්න ඇතිවෙන එක (නි)
මෙයාලා හරියට කතාකරන්නේ එල්ටීටීඊය පූස් පැටවු ගානට දාලනේ (නි)
හොඳ හොඳ සෙල්ලම් තියෙයි තව ඉස්සරහට (නි)
ඔය පුද්ගලයා සමහරවිට මෙහේම ඇති. නැත්නම් යුරෝපිය රටකට පැනලා ඇති.මම දන්නේ නැහැ යහපාලනය ඔබලාට මොන පොරොන්දු දීලා තියෙනවද කියලා. අනික වඩා හොඳ නැද්ද අහිංසක දමිළ ජනතාව වෙනුවෙන් යම් සේවයක් කරන එක? (නි)
මේ අය කවදාවත් මේ රට නිදහස් සාමකාමී රටක් වෙන්න දෙන්නේ නැහැ. (නි)
නොදන්නා දේවල් ගැන කතානොකරනවා නම් හොඳයි. ට්‍රම්ප් මේ රටට ආදරය කරන මිනිහෙක්. ඇමෙරිකාවේ 200%ක් ට්‍රම්ප්ට විරුද්ධව බේගල් අැදබාන්නේ එ්ක තමා. මතකද ඡන්දෙට ඉස්සර තිබුන ජනමත විචාරන? ඔක්කොම දිනුවේ හිලරි. (නි)
2015 ජනවාරි 8ට කලින් ඔය සෙල්ලම් තිබුනද. (නි)
ප්රභාකරන් තමන් යටතේ සිට, පසුව ඔහුගෙන් පළායාමට තැත්කරපු තරුණ තරුණියන් කොච්චර නම් අතුරුදහන් කළාද? ඇයි ඒ අයව සොයලා දෙන්න කියන්නේ නැත්තේ? තමන්ගේ සැමියා තමන්ට ලොකු වගේම අසරණ දෙමවුපියන්ට තම දරුවන් කොච්චර වටිනවද? පුළුවන් නම් ජාති බේදයකින් තොරව අතුරුදහන් නොවෙයි, දැනට ඉන්නා තැනක් සොයාගැනීමට නොහැකි වී ඇති අය ගැන සොයන්න කියලා ඉල්ලුවොත් වඩා වැදගත්. (නි)
ඡන්ද පොරොන්දු රටටම වෙන ඒවා. නැතුව එක කොටසකට වෙන ඒවා නොවෙයි. රටට මෙහෙම පොරොන්දුවක් වුණ බව අපි දන්නේ නැත. (නි)
සිංහලයින් වගේ පෙනීසිටිමින් දමිළයන්ට වුණ පොරොන්දු ඉෂ්ට කරන්න කියන අය තව විදිහකින් කියන්නේ ඊළමත් දෙමු කියලයි. (නි)
අනේ හොඳයි. පන ටික යනකම්ම ඔය උපවාසේ කරන්න. (නි)
දේශපාලන වාසි ගන්න හිතාගෙන මේ දේවල් කරනවා නම් වැරදියි (නි)
අනේ හොඳයි. පුලුවන්නම් ඔය සන්ධානේ අනිත් කට්ටියත් ඕකට හවුල් කරගන්න. දිගටම අත්නොහැර කරන්න. ජයවේවා! (නි)
ඔයාලගේ කාලේ අතුරුදන් කළ මිනිස්සු ඉල්ලා අපිත් උපවාස කරන්නද? (නි)
ඔන්න හොරෙන් හොරෙන් කන්න බොන්න එහෙම බැහැ හොඳේ. රටට යහපතක් වේවා! අපේ සුබ පැතුම්. (නි)
උපවාස එකක් බැරි නම් දෙකක් කළත් අපි නම් ඒ ගැන හිතන්නෙ නැහැ (නි)
උපවාස කළා කියලා අපිට නම් ගානක්වත් නැහැ (නි)
පුළුවන් දෙයක් කරන්න කියන්න (නි)
ඔය අතුරුදහන් වුණ කියන කොටි සමාජිකයෝ බහුතරයක් ඉන්නේ කටාර් වල. ඉතුරුටික ඉන්නේ ඩුබායි වල. විධිමත් සොයාබැලීමක් කළොත් දැනගන්න පුළුවන් වේවි (නි)
තමලිනිගේ පොතේ ලියල තියෙන විදියට මාවිල් ආරු සොරොව්ව වහන්න මුලිකත්වය ගත් කෙනෙක් එලිලන් කියන්නේ. එ්කෙන් තමා කොටින්ගේ අවසානයේ ආරම්භය ඇතිවුණේ. එ්කට හිතට දුක ඇති (නි)
දැන් හරි නේද? සනීපද අපේ කට්ටියට? (නි)
මොවුන් ගොරවන්නේ අපේ පාලකයෝ ඍජු තීරණ නොගන්නා නිසා නොවේද? (නි)
මෙය ගොරවනවා නොවේ දැන් කෙඳිරි ගානවා. හිලරි ආවා නම් මෙයාලගේ ගණන් බලන්න තිබුනා (නි)
බස් බෝම්බ, දුම්රිය බෝම්බ වලින් සදාකාලිකව අතුරුදහන් කළ අය වෙනුවෙන් කතාකරන්න කවුරුත් නැහැ. (නි)
අනේ! මතක ඇතුව අර විමල් සහෝදරයාගෙන් ලෙමන් පෆ් ටිකක් ඉල්ලගන්න. කොහොම වුණත් හමුදාවට බාරවුණාට පස්සේ අතුරුදහන් වුණා නම් ඒක ආණ්ඩුවේ වගකීමක්! (නි)
අනේ අපිට නම් කමක් නැහැ (නි)
ඉක්මනට ඔය කෙනාව හොයාදෙන්න. (නි)
බණ්ඩාර ඒක තමා ඒවා වහගන්න ඔය රඟපෑම කරන්නේ. (බ)
මැරෙන්න අරින්න හලෝ මැරෙන්න අරින්න, (බ)
රටේ බහුතරයක් වූ සිංහල ඡන්ද මැතිවරණයකදී වැදගත් නොවන සමීකරණය සොයාගත්තේ කවුදැයි අපි දනිමු. ඒ සමීකරණය බමුණුආරච්චි වගේ අය නොදුටු එක පුදුමයක්. (නි)
යහපාලනය කියන්නේ කුමනාකාරයේ පාලනයක්ද බව දැන් මුළු රටවැසියෝම දන්නවා. මැතිවරණයක් තිබ්බොත් අපි එතුමන්ලාට හොඳට සළකන්නම්. (නි)
හමුදාවට බාර වුන දයා මාස්ටර්උත් ඔය යහතින් ඉන්නේ. මේ මිනිස්සු හමුදාවට බාර වුන ගමන් බයට සයනයිඩ් කන්න ඇති. (අ)
යහපාලනයේ ලොක්කන්ට දැන් මුල අමතක වෙලා. දුන් පොරොන්දු අමතක වෙලා. මතක් වෙයි,ආණ්ඩු බලේ ගිලිහුනොත්. මන්ත්‍රීවරිය ගත්තු තීරණය, සර්ව සාධාරණයි. (අ)
මෙයාට පිස්සු . මෙයා හදන්නෙ යුරෝපය කියන විදියට හමුදාවට මඩ ගහන්න. (අ)
අනේ වාසනාවන් ! (අ)
උම්බලකඩ මාන්සේ කෑව නම් දුක වින්දපිය හොර බළලෝ කිව්වලු. (අ)
අනේ ඔබතුමියට මම මගේ හදපුරාම සහයෝගය දෙනවා.. මැරෙන්න. (බ)
එයාල බාරවුණා කියල සාක්ෂි තියනවද අනික එයා ත්‍රස්ත නායකයෙක් දාස්ගණන් මිනිමරලා දැන් අතුරුදහන් වෙලා හරිම විහිලු කතාවක් මේක හමුදාවට කරන බොරු චෝදනාවක් මිනීමරු ත්‍රස්ත වාදීන් අතින් අතුරුදහන් වුන අහිංසකයන්ව ඔය කොටිදෙන හොයල දෙනවනම් ඔය කියන කොටියාවත් හොයල දෙන්න පුළුවන්. (අ)
මෙයා මැරුණා කියල රටට පාඩුවක්ද? මෙයාගේ මහත්තය රටටත්, ජනතාවටත් කළ හානියට මෙයා වග කියාවිද? මේවා ගණන් ගන්න ඕනේ නැහැ (බ)
ත්‍රස්තවාදියෙක් වෙනුවෙන් ත්‍රස්ත කතක් . (අ)
පොලිස් සේවයේ සිටි එල්.ටී.ටී.ඊ.එකට අයද අතහැර යටත්වූ 600ක් වන නිලධාරි පිරිසත් මතක් කරලා උපවාසේ කරන්න අක්කේ....එතන මගේ සුලුපියාත් හිටියා.ඇට කටු වත් දැක්කේ නැහැ.(අ)
මැරෙනකන් උපවාස කරන්න. අපිට මොකද. ත්රස්තවාදියා ත්‍රස්තවාදියාමයි. හමුදාවට බාරවුණා කියලා කොටියාගේ පුල්ලි මැකෙන්නේ නැහැ (නි)
මෙයාව වහාම අත්අඩංගුවට අරගෙන යුක්තිය ඉෂ්ට කරන්ඩ. (අ)
සිංහල ජාතිය අවුස්සා ගත්තොත්, හමුදාව පොලිසි ලක්ෂ ගානක් දාලවත් බැරිවෙයි පාලනය කරන්න (නි)
එයා හිතන්නේ අතුරුදහන් වුණේ ඒගොල්ලන්ගේ අය විතරයි කියල වෙන්න ඇති මායිම් ගම්මාන වල හිටි අහිංසකයින් කපා කොටා මැරුවා. ඒවා අමතකද බොලාට. (අ)
මේවා පොරොන්දු වෙලා බලය ලබාගත්තා නම් පොරොන්දු ඉටුකරන එකයි ඇත්තේ. (අ)
ඉතාමත්ම සුළු පිරිසක් හැරෙන්නට අනිත් හැම දෙමළ වැසියකුම ඊලමක් පතනවා. මේ කොටියනට,කත් අදින කිරි පොවන හැම එකෙකුම වැනසේවා. සිංහල අයිතිය පාවා දෙන දේසපාලන බල පෙරේතයින්ගේ ඇස දැන්වත් ඇරේවා, (අ)
එයාලට කැමති දෙයක් කරගන්න ඇරලා අපි පාඩුවේ හිටියා නම් හරි (නි)
ඒ කට්ටිය ආයේ කොහේ හොයන්නද? ඔහොම හිටියොත් වෙන්නේ නොකා නොබී මැරෙන්න. (නි)