පාර්ලිමේන්තුවේ දී අඟහරුවාදා සිදුවූ ගුටිකෙළිය සම්බන්ධයෙන් මන්ත්‍රීන් දෙදෙනකුට එරෙහිව පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට වාර්තා කිරීමට ඉඩ කඩ ඇතැයි පාර්ලිමේන්තු ආරංචි කියයි.
වරප්‍රසාද කමිටුවට පැණවිය හැකි උපරිම දඬුවම විය හැක්කේ පාර්ලිමේන්තු සැසිවාර හතකට හෝ මාසයකට නොවැඩි කාලයක් සඳහා මන්ත්‍රීට තහනමක් පැණවීමයි.
මන්ත්‍රීන් පාර්ලිමේන්තු භූමියේ දී කරන ක්‍රියාවක් සම්බන්ධයෙන් මන්ත්‍රීන්ගෙන් සමන්විත පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට හැර නීතිය ක්‍රියාත්මක කරන පොලිසියට හෝ කිසිම අධිකරණයකට බලයක් නැති බව නීති විශාරදයෝ කියති.
මේ සම්බන්ධයෙන් කතානායක කරු ජයසූරියමහතාගේ නියමයෙන් නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල හා නියෝජ්‍ය කාරක සභාපති සෙල්වම් අඩෙයිකලනාදන් මහත්වරු වාර්තාවක් සකසා කතානායකට බාර දුන්හ. එම වාර්තාව කතානායකවරයා විසින් වරප්‍රසාද කමිටුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඉන් පසු වරප්‍රසාද කමිටුව යෝජනාවක් සම්මත කර ගත යුතු අතර කතානායකවරයාට ඒ යෝජනාව අනූව පමණක් ක්‍රියා කළ හැකි බව ද පාර්ලිමේන්තු අණ පනත් වල සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට මේ දඬුවම නම් හොඳටම මදි කියලයි මට හිතෙන්නේ (නි)
භද්‍රානි, ජනතාව අකමැතිවෙලා ඉවත් කරපු අයට මොකද වුණේ? සමහර අය පස්ස දොරෙන් ආවා. සමහරු ඉස්සරහ දොරෙන්ම ඇතුළට ගත්තා (නි)
අපේ සීයලාට තිබුන දේශපාලන දැනුම අද අපේ තරුණ පරපුරට නැහැ. කාලයට ඔබින විදිහට මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේදී දෙන දඬුවමුත් වෙනස් කළයුතුය (නි)
සිල්වා, විජය, උපාලි, භද්‍රානි, ඔබ සියල්ලන්ගේ අදහස් ගරුකරමි. (නි)
මෙවන් සමාජයක නැවත නොඉපදේවා කියලා මම පතනවා. (නි)
මේකට සම්පුර්ණයෙන් වගකියන්න ඕනෑ හිස් මිනිසුන් පාර්ලිමේන්තු යැවූ අපිම නේද? (නි)
ඉවසුවා ඇති! යහපාලනය පැත්තක දාලා මේ චණ්ඩි කල්ලියට එරෙහිව දේශපාලන තීරණ ගන්න එක තමයි දැන් කළයුතු දේ. (නි)
මේ වගේ අය නිසා තමයි රට හදන්න බැරි (නි)
පක්ෂ පාට නොබලා දඩුවම් කරනවානම් අගෙයි.කාට, කාටත් එ්ක පාඩමක් වේවි. (බ)
කියන දේටනම් පොලිසියට මොනවත් කරන්න බෑ කියලා අහලා තියෙනවා. කරන දේටත් බැරිද? මිනිහෙක් මැරුවොත් මොකද වෙන්නේ. (බ)
1980 ගණන්වලදී එවකට පැවති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් වාසුදේව නානායක්කාරට සිහි නැතිවෙන්නම පාර්ලිමේන්තුවේදී පහරදුන්නා. දඬුවම් දුන්නද? (බ)
පාර්ලිමේන්තුවේ වටිනා කාලය නාස්ති කරන්න අනවශ්‍ය ප්‍රශ්න මතුකරන පුද්ගයලයන්ටත් විනය ක්‍රියාමාර්ග ගන්න ඕනේ. (ර)
වැරැද්ද අපේ මොකද?පාර්ලිමේන්තුවට අපි තෝරා පත් කර යවන්නේ නුගත් පුද්ගලයන් නිසා (බ)
එතකොට අර ෆොන්සේකා මහත්තයා කතාකරනකොට පාර්ලිමේන්තුව මැදට කඩා බිදගෙන ආව අයට විනය ක්‍රියා මාර්ග නැත්ද. ඒවා විනය විරෝධී නැත්ද. (බ)
දින හතක තහනමක්? වෙහෙරවල් ගිලපු අයට අග්ගලාවත් කජ්ජක්ද කිව්වලු. (බ)
මන්ත්‍රී දෙන්නා කව්ද කියා කියන්න බැරිද ? (බ)
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම, හා සන්ධාන මන්ත්‍රී ප්‍රසන්න රණවීර යන මන්ත්‍රී වරු දෙදෙනා පාර්ලිමේන්තුවක් වැනි තැනකට තරම් සුදුසු නොවන බව මේ වන විටත් ඔප්පු කොට හමාරයි. එ්ත්, ඉතින් අපි මොනවා කරන්නද අපේ රටේ සම හරක් ජනතාව කැමති ඒ වගේ අයට නම්? (බ)
ගුටි කෙළගෙන මැරුනොත් මොකද වෙන්නේ .පැහැදිලි කිරීමක් කරනවද කරුණාකරලා ....(බ)
ඕවාට කලබල වෙන්න එපා දැන් . ඉදිරියටවත් මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න බලමු අපි. (ර)
එතකොට මන්ත්‍රී කෙනෙක් පාර්ලිමේන්තුවේදී තවත් මන්ත්‍රී කෙනෙක්ව ඝාතනය කළොත් ඒ මිනිමරුවාව පොලිසියට අල්ලලා දෙන්නේ නැතිද..? මාර පාර්ලිමේන්තුවක් නේ මේක. (බ)
පාසල් යන දරුවන් ඉදිරියේ පාර්ලිමේන්තුවේ බාධා කර කෑගහන අටටත් දඬුවම් දෙන්න ඕනෑ (නි)
උපරිමය සති හත නම්, නඩුත් නැත්නම් ඔක්කොම ගහ මරාගෙන හරි ජනතාවට සහනයක් දෙන්නකෝ (නි)
මට නම් හොඳටම විශ්වාසයි මේ දෙන්නම ඒකාබද්ධ විපක්ෂයේ කියලා. යුඇන්පී අය නම් කවදාවත් මේ වගේ වැඩ කරන්නේ නැහැ (නි)
මහින්ද සමග නැගිටින්න ඉන්නේ මේ වගේ අය පමණයි (නි)
මේ සියල්ලටම හේතුව ඡන්දදායකයාකගේ නූගත්කමත්, දේශපාලනය නොදැනීමත්ය. අද පාර්ලිමේන්තුවේ බහුතරයක් පාර්ලිමේන්තුවට සුදුසු අය නොවේ. එනිසා මෙවැනි දේවල් නිසැකවම සිදුවේ (නි)
අනේ මන්දා මේවා දැකලා අපේ අනාගත පරම්පරාව මොන විදිහට හැසිරෙයිද කියලා (නි)