රත්නපුර දිස්ත‍්‍රික් එක්සත් ජනතා නිදහස් සංධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටී. රංජිත් සොයිසා මහතා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන්නැයි රක්වාන අඩවිවන නිලධාරීවරයා මෝසමක් මගින් ඉදිරිපත් කළ බි වාර්තාවක් ද පෙරදින (26) ගොඩකවෙල පොලීසියෙන් ඉදිරිපත් කළ බීවාර්තාවක්ද සැලැකිල්ලට ගත් ඇඹිලිපිටිය මහේස්ත‍්‍රාත් කාංචනා එන් ද සිල්වා මහත්මිය එම සිද්ධියට අදාල සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි යළිත් නියෝග කළාය.
පසුගිය 24 දින ගොඩකවෙල පොලිස්ථානයේදී වනසංරක්‍ෂණ නිලධාරින් භාරයේ සිටි සැකකරුවන් සහ කළුගල් පැටවු ටිපර් රථයක් මුදාගෙන යාම සම්බන්ධව ගොඩකවෙල පොලිසිය අංක බී 2261/13 දැරණ වාර්ථාවෙන් අධිකරණයට කරුනු වාර්තා කර තිබුණි.
පොලිසිය ඉදිරිපත් කළ එම බිවාර්තාව අනුව වනසංරක්‍ෂණ නිලධාරින්ගේ බාරයේ සිටි බව කියන සිරිපුරගේ අජිත්කුමාර, පල්දෙනිය ලදගෙදර ප‍්‍රදීප් කුමාර, ජයසුන්දර ආරච්චිගේ පාලිත” බුවනෙකබාහු සිත්තරාගේ විජයබාහු යන අය ද රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටී.රංජිත් සොයිසා මහතා ද සිද්ධියවන අවස්ථාවේ පොලිස්ථානය තු සිටි බව දක්වා තිබුණි. එසේම පොලිස්ථානයේ විශාල පිරිසක් සිටි බවත් ඒ අතර වනසංරක්‍ෂණ නිලධාරින්ද සිටි බවත් එහි සදහන්වු අතර පසුව බලනවිට සියලූ දෙනොම පොලිස්ථානයෙන් පිටව ගිය බවද ඉන් අනතුරුව සැකකරුවන් පැහැරගෙන යාමක් සම්බන්ධව වනසංරක්‍ෂණ නිලධාරීන් පොලීසියට පැමිණිලි කළ බවද පොලිසිය පෙරදින (26) අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාවේ දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දේශපාලුවෝ නිසා දැන් රට කොටි හිටිය කාලයටත් වඩා අන්තයි. (නදී)
අඩවි වන නිලධාරින් ගෙන ඇති ක්‍රියාමාර්ගයට සහය දැක්විමට දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරින් කටයුතු කල යතුයි. (අ)
මේ දෙශපලුවෝ එක්ක මොකවත් කරන්න බැහැනේ (අ)
අපේ ඡන්ද දායකයො ඒ අයට බලය දීල තියෙන්නේ ඒ ඒ වැඩ ඒ විදහට කරගන්නයි. (නදී)
ප්‍රතිපත්ති සම්පාදකයොත් පොලිස් සහ අධිකරණ බලතල පාවිච්චි කරන්න ගියාම ඔහොම තමයි. දැන්වත් ඉංග්‍රීසි නීතිය පැත්තකට දාලා අතීතයේ අපේ රටේ නීති ගැන සලකලා බැලුවෙත් හොඳයි වගේ. (අ)
මේ වගේ පොලීසියක් තියෙන ලෝකෙ එකම රට ලංකාවද? (අ)
පොලිස් ස්ථානයේදී පැහැරගෙන යනකම් පොලිසියේ නිළධාරීන් නිදාගෙන ද හිටියේ මේකෙන්ම පේනවා අද රටේ නිතිය මන්ත්‍රිලට ගිහිල්ල කියල (අ)
එක්සත් ජනතා නිදහස් සංවිධානේ කෙනෙක් නම් අත්අඩංගුවට ගන්න පුලුවන්ද? (අ)
මේ අයව පර සක්වලින් එහාට පන්නන්න ඕනේ. (නදී)
මෙන්න ආශ්චර්යමත් රට ...(අ)
අසාධාරණ වැඩ කරන අයට දඩුවම් දෙන්න ඕනේ (අ)
ජනපති තුමනි, ඔබ අපේ රට ලොවක් හමුවන රටක් කරා ගෙනයද්දි කඳ පනුවෝ වගේ ඔබේම පිරිසක් ඇතුලතින් රට සහ ආණ්ඩුව වැනසීමේ වැඩේ දිගටම කරගෙන ගියා. පිට අයට දොස් කීවාට අණ්ඩුවට එරෙහි කුමන්ත්‍රණය හොඳින්ම කරන්නෙ ඇතුලෙම කට්ටිය. පහුගිය කාලෙ චෝදනා ලබාපු අයගේ ලැයිස්තුවක් හදලා බලන්න. මේ අය ගැන ජනතාවගේ ඉවසීමේ සීමාව දැන් ඉක්ම ගිහින්. (නදී)
ඡන්දෙ ඉල්ලනකොට දිනනකොට අපේ මන්තීතුමා. ටික කලක් යනකොට ජාවාරම් කරුවන්ගේ මන්ත්‍රී තුමා. (නදී)
මන්ත්රී කෙනෙක් හෝ ඇමති කෙනෙක් උනාම නිතිය තමන්ට ඕන විදියට පාලනය කරන්න පුළුවන් කියල දේශපාලකයෝ හිතන් ඉන්නවා.(නදී)