‘රියලිටි ෂෝ හරහා ලංකාවේ ගායක ගායිකාවන් නළු නිළියන් තෝරනවා. ඒත් දේශපාලනඥයන් ඇගයීමකට ලක්වන්නේ නෑ. ඔවුන් හැමදාම බැනුම් අහනවා. අද තමයි අවුරුදු 16ක මගේ දේශපාලන ජීවිතයේ ඇගයීමකට ලක්වුණේ‘ යැයි ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
හඳුන්නෙත්ති මහතා එසේ පැවසූයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාරකම් අධ්‍යයනය කරමින් මන්ත්‍රීන් ශ්‍රේණිගත කිරීමේ විශ්ලේෂණාත්මක දත්ත ඉදිරිපත් කරන manthri.lk වෙබ් අඩවිය 8වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ශ්‍රේණිගත කිරීම එළිදැක්වීම වෙනුවෙන් අද(21) සංවිධානය කරතිබූ සාකච්ඡා මණ්ඩපයකට එක්වෙමිනි.
manrhri.lk වෙබ් අඩවිය පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාරීත්වය, විවාද සඳහා සහභාගීත්වය, ප්‍රශ්න ඇසීම, ජනතාව වෙනුවෙන් කථා කිරීම, නීති අණ පනත් සම්මත කරගැනීම සඳහා දක්වන දායකත්වය ආදී කරුණු ගණනාවක් ඔස්සේ ඇගයීමකට ලක්කරමින් මෙම ශ්‍රේණිගත කිරීම සකසා ඇත. මෙවර එම ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මහතා හිමිකරගෙන ඇත.
සුනිල් හඳුන්නෙත්ති (ජවිපෙ), බුද්ධික පතිරණ (එජාප), රනිල් වික්‍රමසිංහ අගමැති, නලින්ද ජයතිස්ස (ජවිපෙ) යන අය පිළිවෙළින් දෙවැනි, තුන්වැනි, සිව්වැනි හා පස්වැනි ස්ථාන හිමිකරගෙන සිටිති.
කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් ශ්‍රවණාගාරයේ පැවැති එම අවස්ථාවට පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් වන එරාන් වික්‍රමරත්න, අජිත් පී.පෙරේරා, බන්දුල ගුණවර්ධන, බුද්ධික පතිරණ, රවුෆ් හකීම්, එම්.කේ.සුමන්තිරන්, සුනිල් හඳුන්නෙත්ති, නලින්ද ජයතිස්ස, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු දේශපාලනඥයින් සහ විවිධ සංවිධානවල නියෝජිතයන් රැසක් ද එක්ව සිටියහ.
COMMENTS
මේ පාර්ලිමේන්තුවට ජවිපෙන් 40 පත්වුනොත් රටේ තත්වය යහපත් අතට වෙනස්වේවි කියලා මම හිතනවා. (හේ)
අනේ මන්දා මේක කොහොම කළාද කියලා. මට නම් ප්‍රතිඵල ගැන සෑහීමකට පත්වෙන්න බැහැ (නි)
තවම අපේ ඡන්දදායකයට ඔය ටිකේ තේරුම් ගන්න බැරි වුණා. ඕක තේරුම්ගිය දිනයට රට දියුණු වෙයි. (නි)
අදාළ කරුණු පමණක් ඉදිරිපත් කිරීම, තොරතුරු නිසියාකාරව අධ්‍යයනය කොට සාකච්ඡා වලට සහභාගී වීම හා කතා සහ දේශනා පැවැත්වීම, අසන්නන්ගේ අවධානය යොමුකර ගැනීමට සමත්වීම වැනි කරුණු අතින් ජ.වී.පෙ. දේශපාලකයින් ඉහළම මට්ටමක සිටිනවා යැයි පක්ෂ බේදයෙන් තොරව මැදහත් ජනතාවගේ පිළිගැනීමයි. මීට අමතරව, අනෙක් දේශපාලන පක්ෂවල අයට සාපේක්ෂකව බලන විට ජ.වි.පෙ. අය ඉතාම ආදර්ශවත් පිරිසක් යැයි කිවයුතුයි. (නි)
නියම විදියට තෝරලා තියෙනවා. කෝ විමල් වීරවංශ? (නි)
සුදුස්සාට සුදුසු තැන! (නි)
මම නම් කියන්නේ රට වෙනුවෙන් හිරගත වුණ නාමල් රාජපක්ෂට මෙය ලැබිය යුතුයි. කොහෙද ඉතින්, බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේනේ.... (නි)
අනාගතය පිළිබඳ සුභවාදී පෙරනිමිත්තක් සනිටුහන් කරන තවත් එක සංසිද්ධියක්ද? කොහොම වෙතත් ප්‍රශංසාවේදී තව තවත් නිහතමානී වුවහොත් අනුරට දීර්ඝ ගමනක් යා හැකියි. (නි)
සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීතුමා දෙවැනි ස්ථානයට පැමිණියත්, මැතිවරණයකදී එතුමාගේ මන්ත්‍රී පදවියවත් ආරක්ෂා කරගැනීමට ජනතා කැමැත්ත ලැබේවිද යන්න සැකසහිතයි. එහෙත් දෑතට විලංගු වැටුන ජනතා නියෝජිතයන් වීරයන් බව අද උසාවි ළඟදී දකින්නට ඇත. දේශපාලන මත කුමක් වුවත් අවංක, ක්‍රියාකාරී දේශපාලකයන් අපි අගය කරමු. (නි)
නියමයි. හැබැයි ඡන්දෙ දෙනකොට ඕවා අදාළ නැහැ හොඳේ
අඩුගානේ මෙහෙම හරි කිහිප දෙනෙක් ඉන්න එක ගැන සතුටුයි. (නි)
මේක පුදුමාකාර චිත්‍රපටයක් වගෙයි මට නම් (නි)
මේකටත් "කෙටි පණිවිඩ" යවමුද? (නි)
හොඳ ප්‍රවෘත්තියක් (නි)
සුබපැතුම්. පුදුමයි මේ ඇගයීම් ටිකත් කඳ බඩ මහත, සම්ප්‍රදායික අයටම නොගිය එක. (නි)
කවුරු ඇගයුවෙ නැතත් ජනතාවගේ හිත් වලින් අපි අගයනවා කරන හොඳ දේවල්. නමුත් එසේ අගයමින් ඡන්දයදාට නිල් හෝ කොළ අයට ඡන්දය දෙන අය නිසා තමයි ඔබට ඉදිරියට එන්න බැරි. එයට විසඳුමක් සොයන්න ඔය මොළ වලින්. ජය නියතයි. (නි)
මගේ මනාපයත් මම දෙන්නේ අනුර මහතාට තමයි (නි)
පිළිගත් වෘත්තිකයින් ඔබ පක්ෂයට බඳවා ගැනීම හොඳ ලකුණක්. (නි)
මෙයාලා දකුණේ දේවල් වලට කෑගැහුවට උතුරේ ඒවට කටක් අරින්නේ නැහැ. මොනවා වුණත් වැඩක් නැහැ, බලමුකෝ මෙයාලා මොකක්ද කියන්නේ කියලා යාපනයේ විශ්ව විද්‍යාලයට වෙනත් පළාත් වලින් දරුවන් ගන්නවට, උතුරු පළාත් සභාව කියා තියෙන දේට (නි)
100% ඇත්ත. සුබ පැතුම්! (නි)
අනේ මේ මොන තේරීමක්ද? මීටවැඩ වැදගත් අය කොච්චර ඉන්නවද? මම මහින්දවාදියෙක්. නමුත් හර්ෂද සිල්වා මහත්මයා මෙතන සිටිය යුතුයි (නි)
අනුර මහතාට සුබ පතමි! (නි)
සරත්, හැමඑකටම කතාකළා කියලා උගත්කමක් ජනතාව නම් බලාපොරොත්තු වෙන්නේ නැහැ. (නි)
සත්‍යය එළිදකිනවා කවදාහරි. (නි)
ජනතාවට ඔබලාට බලය දෙන්න බය ආණ්ඩුවක් කරන්න පුළුවන්ද කියන සැකය නිසයි. දැන් සහ එදා ඇමතිකම් කරන බහුතරය අය සා/පෙළත් අසමත් බව දන්නේ ටික දෙනයි. ඔබගේ හැකියාව ජනතාව අතරට ගියා මදි. (නි)
දකුණේ දේවල් වලට හරි හරියට කතාකරනවනේ. ඒකත් මදැයි සරත්. එකපාර 100% ක් බලාපොරොත්තු වෙන්න එපා. (නි)
ආණ්ඩුවට කඩේ යන තරමට මේවා හම්බ වෙන්න ඕනනේ. කොහොමටත් මෙයාලගේ කට විතරනනේ වැඩ නැහැනේ. ආණ්ඩුවත් එක්ක තියෙන ඩීල් වලට මේවා ලැබෙනවා ඇති. (බ)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ..... තවත් මස් කට්ටක් (බ)
සාධාරණ විනිශ්චයක් .මහජනතාව වෙනුවෙන් කතාකරන හතරපස් දෙනෙක් හරි ඉන්න එක ගැනත් සතුටු විය යුතුයි (බ)
ශ්රී ලංකාව විනය ගරුක රටක් වෙන්නේ අනුර, නලින්ද, බිමල්, සුනිල්, වගේ නායකයින් පාලකයින් වුනොත් පමණයි. විදේශක සිට මම නරඹන්නේ ඔවුන් සිටින දේශපාලන වැඩ සටහන් . අපේ රටේ දරු පරම්පරාවට එවැනි සදාචාරවත් රටක් ' නුදුරු දිනක උදා වේවා! (බ)
ලස්සන අනාගතයකට පෙර සුබ මග ලකුණු පෙනේ. ජේවීපී එකට හැකියාව මැනවින් ඔප්පු කළා. අනුර සහෝදරයා ඇතුළු සියල්ලට සුබ පැතුම්! (බ)
තාක්ෂණයට බුද්ධිය තියෙනවා නේ. එනිසා ඔබ තුමාලා කොහොමත් තේරෙනවා. මිනිසා විසින් තෝරන විට බුද්ධියට වඩා හදවතට මුල් තැන දෙන නිසා ඔබ තුමාලාට නිසිතැන නොලැබී ඇත. එයයි අපේ උරුමය. (බ)
මෙතන පස්දෙනාම නිදහස් අධ්‍යාපනය යටතේ උසස්පෙළ සමත්ව රජයේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබුවන් වීම විශේෂිතයි. එලෙසම දන්නා තරමින් විදේශ විශ්වවිද්‍යාලවල පශ්චාත් උපාධියක් සඳහාවත් නොගිය අය වීම විශේෂිතයි. මෙයම ඇති අපගේ රජයේ විශ්වවිද්‍යාලවල උගත් අයගේ විශේෂත්වය පෙන්වීමට. (බ)
ඔහොම යන් ඔහොම යන් අනුර , සුබපැතුම් (බ)
ඕක තේරුම්ගිය දිනයට රට දියුණු වෙයි. මගේ මනාපයත් මම දෙන්නේ අනුර මහතාට (නි)
කුරුණෑගල මන්ත්‍රීතුමා කීවෙනියද දන්නෙ නැහැ (නි)
සමන්, කෝනාර, කතා කරනවා නම් හැම එකකටම කතා කරන්න ඕනෑ. උතුරටයි දකුණටයි දෙවිදියකට බෙදන්න බැහැනේ. මොකද උතුරේ කළත් වැරැද්ද වැරැද්දමයි. මොකටද බය වෙන්නේ? (නි)
මෙතැනදී නියම අයට තැන ලැබිලා තියනවා . ඔහොම යමු කොහොම වුනත් ඕනවට වඩා හිතට ගන්න එපා . ටික ටික මිනිසුන් අතරට යන්න ඕනේ (හේ)
මන් දන්නේ නැහැ කවුද මෙහෙම තේරුවේ කියලා. කිසිම සාධාරණයක් නැහැ.(හේ)
සුබපැතුම්. ජනතාවට කතා කළ හැකි වෘර්තීය මට්ටමේ අය තව තවත් ජවිපෙට බන්දවා ගන්න. දැන් යන තත්ත්වය හොදයි. නමුත් ජවය මදි. ඔබලාට ඇති එකම හයිය හොරකම් නොකරන බවට ජනතාව තුල ඇති විශ්වසනියත්වයයි. වෙන මොනදේ නැත්ත එයම ඇති බලය ගන්න. (හේ)
ඒකාබද්ද විපක්ෂයේ අයත් තැනකට ගේන්නත් කම්බ හොරුන් ශ්‍රේණිගත කිරීමේ ක්‍රමයකුත් ගෙන්නකෝ අනේ ....(හේ)
වල්පල් දොඩවන, කුනුහරුප කියන, ස්ත්‍රින් ගැන කතාකරන හොරකම් කරන කොමිස් ගහන චාටු බස් දොඩන දේශපාලඥයින් ජනතාවට ඇතිවෙලා ඉන්නේ. ඒ අතින් ඔබලා විශිශ්ටයි. නමුත් පක්ෂය තව පුළුල් විය යුතුයි. උගතුන්, බුද්ධිමතුන්, පක්ෂයට එක්කකර ගත යුතුයි. (හේ)
කවුද දැන් මේ අයව තෝරන්නේ.(හේ)
මේ මන්ත්‍රී ලිස්ට් එකේ 229ක්ම ඉන්නවානේ. (නි)
අනුන්නට හෙන වදින කුහක කතා කියන කෙනෙක් වුණානම් මටත් මේකේ පලවෙනි තැන ගන්න තිබ්බ... (බ)
සුභපැතුම්. වසර 2020 දී ජවිපෙ ප්‍රධාන ජනතාවාදී ආණ්ඩුවක් හැදෙයි. ඔබ සියලු පහරදීම් හමුවේ නොසැලී නිවැරදි දේශපාලනයේ යෙදුනු නිසයි මේ පැසසුම්. ඔබට ජය. (බ)
විජේසිංහ ගේ කතාව 100% හරි (හේ)
අනුර මහතාට සුබ පතමි! (හේ)
මෙයාට සම්මාන ලැබුනට පක්ෂය දියාරු වෙලා ඉවරයි.(හේ)
සරත්,ඔයාට තියෙන දැක්ම ගැන මට හරි ආඩම්බරයක්. (හේ)
නිවරැදි තේරීම කරලා තියෙනවා.(හේ)
අපි ඒ ගැන දන්නවා.(හේ)
ඔබතුමා පමණයි ඇත්ත කතා කරන්නේ.(හේ)
අපගේ උණුසුම් සුබ පැතුම් මහත්තයෝ.(හේ)
සුබ පැතුම් නමුත් ජනතාව බයයි ඔබ තුමාලට ඡන්දය දෙන්න (හේ)
අපි තාව ජනතාව වෙනුවෙන් වැඩ කරමු සහෝදර වරුනේ ඔබලාට ජය (හේ)