(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ මන්ත්‍රීවරයකුගේ නිවෙසක් ඉදිරිපිට පසුගිය ( 19) වැනිදා අළුයම සැකකටයුතු ලෙස හැසිරී ඇතැයි පැවසෙන පුද්ගලයකු සම්බන්ධයෙන් පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කරනු ලැබ ඇත.
මන්ත්‍රීවරයා අළුයම නිවෙසින් එළියට පැමිණ ඇති අවස්ථාවේදී මෙම සැකකටයුතු පුද්ගලයා ඒ ස්ථානයෙන් පලා ගොස් ඇති බව දැනුම්දී ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මේ සිද්ධිය ගැන විශේෂ අවධානය යොමුකර ඇති බවයි.
මන්ත්‍රීවරයාගේ නිවෙස ආසන්නයේ නිවෙසක ලැගුම්ගෙන සිටි යුද හමුදා නිලධාරීන් පිරිසක් මේ සිද්ධියෙන් පසු එම නිවාස සංකීර්ණයේම වෙනත් ස්ථානයකට යැවූ බවද ඔහු සඳහන් කළේය.
මෙම හමුදා නිලධාරීහු කණ්ඩායම මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පදිංචිව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා අරගලය අවස්ථාවේදී යොදවනු ලැබූ අය වෙති.
කෙසේ වෙතත් එම හමුදා නිලධාරින් මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් ඉවත් කිරීමට නියෝග තවමත් ලැබී නැතැයිද නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන්ත්‍රී නිලනිවාස වලට CCTV සවිකළේ නැතෙයි...!
භූතයා මන්ත්‍රීතුමා හම්බවෙන්න ඇවිත්ද? නැතිනම් ගෙදර වෙනකෙනෙක් හම්බවෙන්න ඇවිත්ද? බලහත්කාරයෙන් ඇතුළුවෙන්න ආවාද? නැතිනම් එන්න කියපු නිසා භූතයා ආවාද දන්නෙත් නැහැනේ...
භූතයා ඉඳලා තියෙන්නේ නම් භූතයින්ට සුදුසුම තැනක තමා ?