මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තු රැස්වීමට සහභාගීවීම වෙනුවෙන් ගෙවන පැමිණීමේ දීමනාව දිනකට රුපියල් 20,000 දක්වා ඉහළ දැමීමේ යෝජනාවට ජනතා විමුක්ති පෙරමුණ සිය විරෝධය පළ කළ බව එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.
මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තු රැස්වීමට සහභාගීවීම වෙනුවෙන් ගෙවන පැමිණීමේ දීමනාව දිනකට රුපියල් 20,000 දක්වා ඉහළ දැමීමේ යෝජනාවට ජනතා විමුක්ති පෙරමුණ සිය විරෝධය පළ කළ බව එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තු රැස්වීම් වලට යාමට ජනතා මුදලින් දීමනා දෙන්නේ කුමටද? ඔවුන් අප පත්කොට යැව්වේ ඒවාට සහභාගිවීම අතවශ්‍ය නිසාය. කිසිම දීමනාවක් දියයුතු නැත. (නි)
මන්ත්‍රීවරයෙකුට ගෙවන පැමිණීමේ දීමනාව දිනකට රුපියල් 20 000..? මේවා මහා අපරාධ. කවුද මේ යෝජනාව ගෙනා "බුද්ධිමතා"? (නි)
මාගලි ෆොන්සේකා, පුරුදු විදිහටම ඔයා අනිත් අය කියන දෙයම කියවන්න එපා. වැදගත් යමක් කියන්න. (නි)
මේක මහා විහිළුවක්. මේ තරම් ලොකු මුදලක් දෙන්නේ මොකටද? (නි)
රටේ දුප්පත් ජනතාවට වේලක් හරියට කන්න නැහැ. මන්ත්‍රීලගේ දවසේ දීමනාව 20,000යි. අනේ මෙහෙමත් රටක්? (නි)
රනිල් මෙවර තරම් වැරද්දක් කවදාවත් කරගෙන නෑ. ජනතාව පාර්ලිෙම්න්තුවට ගල් ගසන දිනය වැඩි අෑතක නෙවෙයි. (ස)
විරෝධය පල කරාට බහුතර මන්ත්‍රීන් එයට කැමති නිසා එය සම්මත උනොත් , මේ ජේ වී පි මන්ත්‍රීන් එය ප්‍රතික්ෂේප කොට , මහජන මතයක් ගොඩ නගාවිද ? නැතිනම් ඔවුනුත් එය පිළිගෙන එම මුදල ගනීද ? (ස)
මේ මොන පිස්සුවක්ද. වැඩ කරන ජනතාවට සාදාරන වැටුපක් ගෙවන්නේ නැති මේ රටේ පාර්ලිමේන්තු රැස්වීම් වලට යන්න පමණක් 20000 ගෙවන්නේ දුප්පත් අපේම සල්ලි නේද. ලජ්ජා නැද්ද මෙහෙම අසාධාරන සල්ලි ගන්න. (ස)
හොඳ වැඩක්. මාධ්‍ය සංදර්ශන නොවේවා කියල ප්‍රර්ථනා කරනවා. (ස)
යහ පාලනයක් වෙනුවෙන් චන්දය යැද්ද පිරිස මැතිවරණයට පෙර මේවා පැවසුවද? විශ්‍රාමිකයන්ට ගෙවීමට නියමිත වූ හිඟ වැටුප පවා කොටසකට ගෙවීම නවතා දැමු මොවුන් අද කතා කරන්නේ මුකයෙන්ද? (ස)
මේ මහජනතාවගේ මුදල් නේද? දැන් නම් ඔක්කොම මන්ත්‍රීලා රැස්වීම් වලට එයි. (ස)
හූ කියන අයට 20000ක් දෙනවද? (ස)
වැඩි ඡන්දයෙන් සම්මත වුණාම මෙයාලත් නොගෙන ඉඳීවි. නේද? (නි)
ජනතාවට කරන සේවය හැටියට අපි බඩගින්නේ ඉදලා හරි 20000 දෙන්ඩ ඕනේ වාහන පෙර්මිට් එක වගේ අනික පුලුවන්නම් පඩිත් වැඩි කරන්න ඕනේ ගරු මන්ත්‍රී තුමන්ලාගේ. (ර)
හොරා කන්නේ නැතුව නීත්‍යානුකූලව දීමනාව වැඩිකර ගත්තාට කමක් නැහැ. හොරාකන්න බැරිවෙන්න නීති හදන්න. එවිට නීත්‍යානුකූලව දීමනාවක් ලබාගැනීමට විරුද්ධවිය යුතු නැහැ (නි)
අසාධාරණයට කවුරුත් විරුද්ධවෙන්න ඕනෑ (නි)
රක්ෂා කරන මහජනයාගේ මාසික වැටුපවත් රු .20000.00ක් ලැබෙන්නේ නැහැ. නමුත් ජනතාව වෙනුවෙන් කියලා රාජසභාවට යන අයට දවස් 8 ට කීයක් ලැබෙනවද? අපුරු යහපාලනය! (නි)
පාර්ලිමේන්තුවට 3/4 ක් එන්නේ එතනින් හොඳට කාලා නිදාගන්න බලාගෙන. කමක් නැහැ. 20,000 ගෙවලා දාන්න (නි)
එතකොට පඩියක් දෙන්නේ මොකටද? පාර්ලිමේන්තු නොගියත් පඩි, නිවාඩු අනුමත කරනවා. මුළු ලෝකෙම නැතුව ඇති මෙහෙම දේවල්. අහිංසක මිනිසුන්ට, කම්කරුවන්ට, අර වතු කම්කරුවන්ට දවසට රුපියල් දාහක් දෙන්න බැරුව නලියනවා. (නි)
25,000 දක්වාම වැඩිකරගන්න හදන්නේ කොහොමහරි. හොඳට පාර්ලිමේන්තු කැන්ටිමෙන් කාලා(ඒක නමට කැන්ටිම, හිල්ටන් හෝටලය වගේ කෑම තියෙන්නේ), ඊටපස්සේ බහුතරය ගොරව ගොරවා නිදාගන්නවා. ඕකටද 20,000 දක්වා වැඩිකරගන්න හදන්නේ? (නි)
නොමිලේ කෑම, තෙල්, ටෙලිෆෝන්, ලයිට්බිල්, කොමිස්, කප්පම්, හොරමැර වංචා... තව විසි දහසක්? හැන්ද ඇති කෙනා බෙදාගන්නවා කියන්නෙ ඒකතමයි. අපි දුක්විඳලා එවන සල්ලි නේද මේ? (නි)
දොස්තරලා, මන්ත්‍රීලා, හිටපු ජනාධිපතිවරු... මේ ලොකු අය ටික දෙනා තමන්ට ඕනෑ දේ තමන් බෙදාගෙන කරගන්නවා. බහුතරයක් වැඩකරන මිනිස්සු, පුද්ගලික අංශයේ අය, ස්ථිර නැති රැකියා අය බහුතරයක් ගැන නිකමට හරි කතාකරන්නේ ජවිපෙ විතරයි (නි)
කාගේද මේ යෝජනාව? ජනපතිතුමනි, මෙයට ජනතාව තදින්ම විරුද්ධයි. මෙය වහා අකුළා ගන්නවා නම් හොඳයි. (නි)
නිහාල් කාටද කඩේ යන්නේ? (නි)
දවසට 20000ක්? මේ රටේ කන්න නැති දරුවෝ , මන්දපෝෂණය තිබෙන පොඩි දරුවෝ අනන්තයි. නමුත් මොවුන්ට දවසින් දවස දීමනා වැඩිවෙනවා. මාසෙට 20000 හොයාගන්න බැරි අසරණයන්ගේ විශ්‍රාම වැටුපට වැඩේ දීලා මන්ත්‍රීන්ට දීමනා දෙන එකද යහපාලනේ? (නි)
මේ පිරිසට මෙයට වැඩිපුර ගෙවුවත් අගය කරමි. 20,000,00 නොව මොවුන් ගැන ලාංකික තාරුණ්‍යය තීරණ ගන්නා කාලය වැඩි ඈතක නොවනු ඇත (නි)
ඩිල්ෂාන්, දැන්නම් මෙහෙ යහපාලනයක් අපිට පෙනෙන්නේ නැහැ (නි)
මොනතරම් විභාග පාස්කරලද ඔය වගේ තැන්වලට එන්නේ? ලැජ්ජාවක් තියනවා නම් ප්‍රතික්ෂේප කරයි. බලන්නකෝ බොරුද කියලා. (නි)
දියවන්නාවට ගියොත් 20000 දීමනාවත් ඇති මට නම්. පඩිත් එපා. පාර්ලිමේන්තු දින ගණනත් 10ක් පමණ වෙනවා නේද? (නි)
මොනවද මේ කරන්න හදන්නේ? (නි)
මේ එපා කිව්වට ඕක මාසේ අන්තිමට මේ අයට ගෙවුවහම, ආපසු දෙනවද? මේවා සංදර්ශන පමණයි (නි)
මෙයාලා මේ පටන්ගත්තා විතරයි. දුප්පත් ජනතාවට හතේ හත! ඔය දෙගොල්ලොම යන්නේ එකම පීල්ලේ කියලා අපේ රටේ ජනතාව කවදා තේරුම් ගනීවිද මන්දා? (නි)
මේ දීමනාවට විරුද්ධ වෙන්න එපා. මන්ත්‍රීවරුන් බහුතරයක් දෙනා රටට සේවයක් කරනවා. අද කාලයේ හැටියට මේ ගණන ගෙව්වට වරදක් නැහැ (නි)
වරප්‍රසාද සහ මෙම දීමනා ලබාගැනීමෙන් පසු බහුතරයට ඉතිරිවෙන යමක් තිබේද? මෙම යෝජනාව මඟින් අද තිබෙන දේශපාලන බලු පොරය දෙගුණවීම සිදුවෙනවා ඇත. මන්දපෝෂණයෙන් පෙළෙන ජනතාවටද සිදුවන්නේ දේශපාලකයන් සහ වරප්‍රසාද ලබන්නන්ගේ පෝෂණය සඳහා කැපවීමටය. (නි)
කලබල වෙන්න එපා. ඔය 20,000/= කියන්නේ මුට්ටියක්. පස්සේ ගාන 15,000/= ට හරි 10,000/= ට හරි බස්සයි. උපක්‍රමශීලීව අරමුණ ඉෂ්ට කර ගනීවි. (ස)