බදුල්ල මැතිවරණ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් නාමල් තලංගම මහතාගේ රාජකාරියට බාධා කර මරණීය තර්ජනය එල්ල කළැයි සැකපිට අද උසාවියට ඉදිරිපත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ සහ ඔහුගේ සොයුරු ඌව හිටපු පළාත් ඇමැති අනුර විදානගමගේ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස මහියංගනයේ වැඩ බලන මහේස්ත්‍රාත් ගාමිණී පී රඹකැන්පුර මහතා නියෝග කළේය.
ඔවුන් සමඟ උසාවියට භාර වූ ව්‍යපාරික කසුන් සිල්වා ලබන 11 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුනිච්චාවට ව්‍යාපාරිකයා රිමාන්ඩ් , (දී)
මේවාට හිනාවෙන්න නෙමෙයි, අපි ඉන්නේ කොතැනකද කියා සිතාබලන්න (නි)
මාත් එකපාරක් මෙයාට ඡන්දෙ දුන්නා. මීටපස්සෙ නම් මෙයාලට ඡන්දෙ දෙන්නෙ නැහැ. (නි)
ගරු ඡන්දදායකයිනි, ලබනවර මොවුන්ට ඔබගේ වටිනා ඡන්දය දීමෙන් වළකින්න. එය රටටත්,බාල පරපුරටත් ඔබ කරනා මහඟු පින්කමකි. (නි)
දේශපාලකයෙක් වීමේ බලගතුකම මෙයින්ම පෙනෙනවා (නි)
එතකොට මේ අයගේ අපේක්ෂකත්වය අහෝසි කරන්නේ නැත්ද?(අ)
පිටරටවල නම් උසාවියකින් මේ වගේ නියෝගයක් කිසිවෙකුට හෝ දුන්නොත් කිසිතැනක (විශේෂයෙන් රජයේ) සේවයක් කිරීමට කවදාවත් නොහැකි වෙනවා..(අ)
මෙහෙම අයට තමයි අපි චන්දෙ දෙන්නේ (දී)
දැන් ඉතින් නහයට උඩින් වතුර ගිහිල්ලා තියෙන එකේ මේ පාරත් එයාලටම දීලා දාමු (නි)
නීතිය හරියට ක්‍රියාත්මක විය යුතු වගේම නීතිය හරියට ක්‍රියාත්මක වූ බවත් අපිට පෙන්විය යුතුයි. (නි)
අපි නැතිවුණාට මේගොල්ලන්ට කතිරය ගහන්න ඕනෑ තරම් අය ඉන්නවා. ඒ මිනිසුන්ට ඡන්දය කියන්නේ කොලයේ කතිරයක් ගැසීම පමණයි (නි)
මදැයි ව්‍යාපාරිකයාට සිදුවුණ දේ? (නි)
අපි ඉන්නේ කොතැනකද කියා වගේම අපි ඉන්නේ කව්රුන් සමඟද කියාත් සිතාබලන්න (නි)
දේශපාලකයන්ට හැමදා ලැබෙයි ඇප... මුදලාලිලට හිර ගෙදරත් ලැබෙයි සැප... කන්නේ අපියි හැමදාමත් උන්ගේ හප.... (නි)
හැම වැරදි කරන මිනිහටම ආණ්ඩුව සමාව දෙන්නේ නැති බව මේකෙන් ඔප්පු වෙනවා. ඇපට කැප වෙන්න තක්කඩි නිරන්තරයෙන්ම සුදානම් නමුත් ගෝලයින්ගේත් ගෝලයන්ට නොවෙයි. (නදී)
අපි එකටයි ඉල්ලන්නේ ..අපි එකටයි ගුටි දෙන්නේ ..එකටයි එලියට එන්නේ ...අයියා මල්ලි වාගේ// (නදී)
මදැයි ලොකු ලොක්කන්ට උදවු කරන්න ගිහින් ව්‍යාපාරිකයාට වුණ දේ? (නි)
අහිංසක මනුස්සයෙක් මෙයාල කරපු වැරැද්ද කලා නම් ටිකක් කල්පනා කරලා බලන්නකෝ මොකද වෙන්නේ කියලා. ඒ නිසා ඡන්දයෙන් තැනට යවන්න සුදුසුම කෙනා තෝරලා යවන්න ලාංකික මිනිසුනේ. (නදී)
දේශපාලන අදහස් කුමක් වුවත් නීතිය හරියට ක්‍රියාත්මක විය යුතුයි. (නි)
පිළියන්දල පොලිසීයට වැඩේ බාර දුන්නා නම් උසාවියට ඉදිරිපත් නොකර ඉන්නවා (නදී)
හිනා යනවා මේවට (නදී)
ජනතාවනි දැන්වත් ඔබේ ඡන්දය හරියාකාරව මොලේ ඇතිව පාවිච්චිකරන්න,දැන් එ්කට සුදුසුම කාලයයි මේ...කැපුවත් කොළ,කැපුවත් නිල කියන අදහස්වලින් ඈත් වෙන්න .(අ)
මෙයාලගේ උණට බෙහෙත් දෙන්න කවුරුත් නැත්නම් අපි සූදානම් ඒකට ඉන්ජෙක්ෂන් දෙන්න. (නි)
මොලේ පාවිච්චි කරන්න. ව්‍යාපාරිකයා මන්ත්‍රී වෙනුවෙන් වරද බාර ගන්න යනවද දන්නේ නෑ. අහිංසක කාටවත් වරදක් නැති මන්ත්‍රී තුමා සහ අයිය නිදහස් වෙයි. ව්‍යාපාරිකයා හිරේ යයි. ඡන්දෙන් පත් වුණාම ව්‍යපාරිකයවත් හොඳට බලා ගන්න ඕනේ මන්ත්‍රී තුමෝ. ජය වේවා !!!(අ)
හොඳ වැඩේ කියලා කියන්න තමයි තියෙන්නේ. හැබැයි මට පොඩි අපැහැදිලිකමකුත් තිබෙනවා. (නි)