බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ සහ ඔහුගේ සොයුරු අනුර විදානගමගේ හා තවත් පුද්ගලයකු 26 වැනි දාට පෙර අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන්නැයි මහියංගන මහේස්ත්‍රාත් ගීතානි විජේසිංහ මෙනවිය මහියංගන පොලිසියට අද (07) නියෝග කළාය.
මහියංගනයේ සිට බදුල්ල බලා ගිය අනවසර රථ පෙළපාළියක් ලොග්ගල්ඔය ආසන්නයේ දී නතර කිරීමට නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයකු උත්සාහ කළ අවස්ථාවේ ඔහුට මරණීය තර්ජනය කළැයි ඔහු බදුල්ල දිසාපති කාර්යාලයයේ මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුම් මැදිරියට කළ පැමිණිල්ලක් අනුව මහියංගන මහේස්ත්‍රාත්වරිය මේ නියෝගය කළාය.
කුරුණෑගලින් බදුල්ලේ රාජකාරියට ගිය නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් නාමල් තලංගම මහතාගේ පැමිණිල්ලේ සඳහන්වනුයේ තමා මරණ බවට තර්ජනය කළ එම තිදෙනා රාජකාරියට ද බාධා කළ බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මා ආදරයෙන් අපේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඔබේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් බලයට පත්වන ඕනෑම ආණ්ඩුවක් අපි අවුරුදු 6 කට වරක් වෙනස් කරමු. මේ ක්‍රියාව අපි වෙනුවෙන් බදුල්ලෙන් පටන්ගනිමු. ඔබේ වටිනා ඡන්දය පලාත් සභා වෙනසක් කරමු. (නදී) මැරයින් පන්නමු.
මේගොල්ලන්ට ඡන්දෙ දෙන්න ඉස්සල්ලා තව ටිකක් හිතන්න. (අ)
නාමල් තලංගම යනු නියම කොන්දක් ඇති නි.මැ.කො කෙනෙක්. මෙවැනි රාජ්‍ය සේවකයින් රටට වාසනාවක් (නි)
කාට කියන්නද මේවා? (නි)
සමන්ත, ඔබේ අදහස හරි. නමුත් මන්ත්‍රී සමාවගත්තා නම් හොඳයි නේද? (නි)
දැන් රටේ තියෙන්නේ පුදුම දේශපාලනයක්. බලය පාවිච්චි කරලා සුබ අනාගතයක පෙරනිමිති පෙන්වන්න හදනවා. පව් අපේ පුංචි උන් ටික (නි)
වසන්ත මහත්තයෝ, බදුල්ලෙනුත් වෙනස පටන්ගන්න බැරිවෙයි. මොකද මේ පක්ෂ විපක්ෂ හැමෝගෙම රහ අපි දන්නවනේ (නි)
මේ වගේ අයට ඡන්දය දීමේදී ප්‍රවේශම් වෙන්න (නි)
ලාංකිකයින් වශයෙන් ඔබට විශ්වාසද ඔබගේ කතිරයෙන් ආණ්ඩු වෙනස් කළ හැකිවේවි කියලා? පෙනෙනවා නේද දෙබරු වගේ ඇවිස්සිලා තියෙන හැටි? (නි)
ඇත්තටම මේ බන්දුල පෙරේරාමද? මට හිතාගන්නවත් බැහැ (නි)
නිසි අධ්‍යාපනයක් නොලද්දන් සෑමවිටම පෙළඹෙන්නේ වැරදි දේවල් කිරීමටයි (නි)
එයාලට පුළුවන් ඔය ටික තමයි. (නි)
මට කවුරුහරි කියා දෙනවද 26 වැනිදා වෙනකල් කල් දෙන්නේ ඇයි කියලා. (නි)
මෙවන් අය ගැන තීරණයක් ගතයුතු කාලය එළඹ ඇත. (නි)
සමන්ත, කාටද ඔබ මේවා කියන්නේ? ඔබ නම් කළ සියලුදෙනාම පළාතේ මිනිසුන්ට වීරයෝ. (නි)
වසන්ත, මේක ඔයාට මට තේරුනාට අපේ රටේ බහුතරයකට නොතේරෙන එකනේ අවාසනාව (නි)
මැතිවරණ නීති කඩන ඕනෑම කෙනෙක් මැතිවරණය අවසන් වනතුරුම රිමාන්ඩ් කිරීම නේද කළයුත්තේ? (නි)
මේකද සදාචාරාත්මක දේශපාලනය? මේවා වගකිවයුත්තන්ට පෙනෙන්නේ නැද්ද? මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් මේවාද? (නි)
මේ ගොල්ලෝ කරන්නේ අපි කාටවත් බය නැහැ කියලා වැඩ පෙන්වන එක. (නි)
දැන් ලංකාවේ චණ්ඩිකම ප්‍රදර්ශනය කරන්නේ සමහරු තනියමත් නෙමෙයි, පවුල් පිටින්. උගත්කම, ලොකුකම බලන්න ඕනෑ නැහැ. අඩු ගානේ යහපත් පවුල් පසුබිමකින් ආවාද කියලාවත් සොයා නොබලා ඡන්දය දීමේ ප්‍රතිඵල තමයි මේ. මිනිස්සු ඉපදෙන්නේ චණ්ඩි විදියට නෙමෙයිනේ (නි)
ලංකාවේ මැතිවරණ ගැන බලාපොරොත්තු තියන්න එපා. ඒවා ලෝකය රවටන්න කරන බොරු වැඩ. (අ)
දැන් කාලේ තියෙන්නේ "රාජ්‍ය සේවය" නොවෙයි "රාජ්‍ය ......(නදී)
ටික දවසකින් මම මටම මරණීය තර්ජන එල්ල කරගත්තා වෙයිද දන්නේ නැහැ (නි)
නීතිය ක්‍රියාත්මක කළයුත්තේ උසාවි නියෝග මත පොලිසිය විසින් බව මහජන නියෝජිතයින් යැයි කියාගන්නා ගණන්කාරයින් දන්නේ නැත්නම් රටක සැබෑ බලය වන ජනතාව විසින් කතිරයෙන් මොවුන් පිළිබඳ තීරණය කළ යුතුයි. (නි)
අධිකරණයෙන් මෙවන් වැරදිකරුවන් දඟගෙයි ලෑ යුතුයි. (නි)
අත්අඩංගුවට ගන්නේ නැහැ කියලා මම ඔට්ටුවක් අල්ලනවා. කවුද අභියෝගය භාරගන්නේ? (නි)
පෙරකදෝරුවකු මාර්ගයෙන් ඉදිරිපත් උනාම හරිනේ. අනික ගණන් කරන කොටනේ මනාප රොක්කර ගන්නේ. පසුගිය මැතිවරණයකදී , ඡන්ද පත්‍රිකා කොහොමද නිට්ටඹුවෙන් හම්බ උනේ. (නදී)
මෙයාලද අනාගතේ රට කරන්නේ?. (දී)
මෙවර ඡන්දෙදි චණ්ඩින්ට, හොරුන්ට, නිදන් හොරුන්ට හා නුගතුන්ට ඡන්දය දීමෙන් වළකිමු. මේ වගේ චණ්ඩින්ට රැකවරණ ලබාදෙන අයටත් ගෙදර යවන්න ජනතාව පෙළ ගැසෙමු (නි)
මේ වෙන සිද්දීන් සහ ඇමතිවරුන්ගේ/මන්ත්‍රීවරුන්ගේ හැසිරීම දිහා බලපුවහම " ගරු " " ඔනරබල් " " තුමා " යන වචන වල කිසිම වටිනාකමක් තව දුරටත් තියෙනවාදැයි කියල සැකයක් මතුවෙනවා. (දී)
අපි කොච්චර කට කැඩෙනකන් කීවත්, අපේ ඡන්ද දායකයෝ කවදාවත් හැදෙන්නේ නැහැ. අපේ කරුමේ තමයි. (අ)
මෙවැනි අය ඡන්දයට ඉදිරිපත්වීමෙන්ම අනාගතය පැහැදිලි වෙනවා. ඡන්දදායකයිනි, ඔබේ වටිනා ඡන්දයේ වටිනාකම හෑල්ලු නොකර රැකගන්න (නි)
සිරි ලංකාවේ කොහෙද මහත්මා දේශපාලනයක්. මෙවය වගකිව යුත්තේ පක්ෂ නායකත්වය, බල ලෝබි දේශපාලනය, ඡන්දය දෙන ඡන්ද දායකයන් සහ විසේශයෙන් මෙවැනි අයට අාශිර්වාද කරන හාමුදුරුවරු ඇතුළු පුජක පක්ෂය.(නදී)
නීති රීති හදන එක හොඳයි. හැබැයි ඒවා රැකෙන්නේ නැතිනම් වැඩක් නැහැ,ඒ නිසා මැතිවරණයට ඉදිරිපත්කරන පුද්ගලයන් ගැන සැලකිලිමත් වෙන එක තමයි වඩා සුදුසු.(අ)
මොනවද මේ මහජන නියෝජිතයින්ට වෙලා තියෙන්නේ? (නි)
හැමදාම එයාල කළේ එහෙම වැඩ තමයි. ඒත් කවද්ද එයාලට නීතිය ක්‍රියාත්මක උනේ. (නදී)
මේ අයගේ අපේක්ෂකත්වය අවලංගු කල යුතුයි. මැතිවරණ කොමසාරිස් මෙන්න ඔයාගේ වාරය. (නදී)
මැතිවරණ නීති කඩන ඕනෑම පුද්ගලයෙකුගේ අපේක්ෂත්වය මැතිවරණයට පෙර අහිමි කරන්න පුළුවන් කියන එක මැතිවරණ නීති පොතට ඇතුලත් කරන්න පුලුවන්නම් මේවා නතර වේවි. නැත්නම් මේ පන නැති නීති රීති වලට මේ මනාප ඡන්ද පොරේ නවත්වන්න මේ කපේදී බැහැ. (නදී)
මෙහෙම නමක් තියන කෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නව කියල දන්නෙත් අදයි. (නදී)