බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ සහ ඔහුගේ සොයුරු අනුර විදානගමගේ හා තවත් පුද්ගලයකු 26 වැනි දාට පෙර අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන්නැයි මහියංගන මහේස්ත්‍රාත් ගීතානි විජේසිංහ මෙනවිය මහියංගන පොලිසියට අද (07) නියෝග කළාය.
මහියංගනයේ සිට බදුල්ල බලා ගිය අනවසර රථ පෙළපාළියක් ලොග්ගල්ඔය ආසන්නයේ දී නතර කිරීමට නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයකු උත්සාහ කළ අවස්ථාවේ ඔහුට මරණීය තර්ජනය කළැයි ඔහු බදුල්ල දිසාපති කාර්යාලයයේ මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුම් මැදිරියට කළ පැමිණිල්ලක් අනුව මහියංගන මහේස්ත්‍රාත්වරිය මේ නියෝගය කළාය.
කුරුණෑගලින් බදුල්ලේ රාජකාරියට ගිය නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් නාමල් තලංගම මහතාගේ පැමිණිල්ලේ සඳහන්වනුයේ තමා මරණ බවට තර්ජනය කළ එම තිදෙනා රාජකාරියට ද බාධා කළ බවයි.
ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා පනවනු ලබන ඉහළ බදු අනුපාත පිළිබඳව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා පසුගියදා පැවැති වටමේස සාකච්ඡාවකදී කණ
කොළඹ වෙසක් සිරි නරඹා ආණමඩුව වෙත ගමන් කරමින් තිබු ලොරි රථයක් මූදුකටුව ප්‍රදේශයෙදී මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරීන් තුවාල ලැබු දස දෙනකු මාරවිල මූලික
නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන රුපියල් කෝටි 2 - 1/2 කට අධික වටිනා අධිබලැති යතුරුපැදි හතරක් හා යතුරුපැදි 16 ක් සමග තරුණයන් 16 දෙනක අත්අඩංග
ගල්කිස්සේදී මාර්ගයේ පවිත්‍ර කරමින් සිටි 19 හැවිරිදි තරුණයකුට පසුපස එළවමින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගු
මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට
කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මන්ත්‍රී තේනුක අත්අඩංගුවට ගන්නැයි උසාවිය කියයි
වසන්ත Thursday, 07 August 2014 03:22 PM
මා ආදරයෙන් අපේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඔබේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් බලයට පත්වන ඕනෑම ආණ්ඩුවක් අපි අවුරුදු 6 කට වරක් වෙනස් කරමු. මේ ක්‍රියාව අපි වෙනුවෙන් බදුල්ලෙන් පටන්ගනිමු. ඔබේ වටිනා ඡන්දය පලාත් සභා වෙනසක් කරමු. (නදී) මැරයින් පන්නමු.
ගාමිණී Friday, 08 August 2014 05:30 AM
මේගොල්ලන්ට ඡන්දෙ දෙන්න ඉස්සල්ලා තව ටිකක් හිතන්න. (අ)
රාමන් Thursday, 07 August 2014 04:21 PM
නාමල් තලංගම යනු නියම කොන්දක් ඇති නි.මැ.කො කෙනෙක්. මෙවැනි රාජ්‍ය සේවකයින් රටට වාසනාවක් (නි)
ගාමිණී - සිරි Thursday, 07 August 2014 05:15 PM
කාට කියන්නද මේවා? (නි)
නිහාල් Thursday, 07 August 2014 07:04 PM
සමන්ත, ඔබේ අදහස හරි. නමුත් මන්ත්‍රී සමාවගත්තා නම් හොඳයි නේද? (නි)
මොහාන් Thursday, 07 August 2014 07:18 PM
දැන් රටේ තියෙන්නේ පුදුම දේශපාලනයක්. බලය පාවිච්චි කරලා සුබ අනාගතයක පෙරනිමිති පෙන්වන්න හදනවා. පව් අපේ පුංචි උන් ටික (නි)
සමරේ(ගාල්ල) Thursday, 07 August 2014 07:18 PM
වසන්ත මහත්තයෝ, බදුල්ලෙනුත් වෙනස පටන්ගන්න බැරිවෙයි. මොකද මේ පක්ෂ විපක්ෂ හැමෝගෙම රහ අපි දන්නවනේ (නි)
බණ්ඩාර Thursday, 07 August 2014 07:19 PM
මේ වගේ අයට ඡන්දය දීමේදී ප්‍රවේශම් වෙන්න (නි)
පද්මිණි Thursday, 07 August 2014 07:41 PM
ලාංකිකයින් වශයෙන් ඔබට විශ්වාසද ඔබගේ කතිරයෙන් ආණ්ඩු වෙනස් කළ හැකිවේවි කියලා? පෙනෙනවා නේද දෙබරු වගේ ඇවිස්සිලා තියෙන හැටි? (නි)
රෝහණ Thursday, 07 August 2014 07:50 PM
ඇත්තටම මේ බන්දුල පෙරේරාමද? මට හිතාගන්නවත් බැහැ (නි)
ජයම්පති Thursday, 07 August 2014 07:52 PM
නිසි අධ්‍යාපනයක් නොලද්දන් සෑමවිටම පෙළඹෙන්නේ වැරදි දේවල් කිරීමටයි (නි)
සේන Thursday, 07 August 2014 08:24 PM
එයාලට පුළුවන් ඔය ටික තමයි. (නි)
උපාලි Thursday, 07 August 2014 08:54 PM
මට කවුරුහරි කියා දෙනවද 26 වැනිදා වෙනකල් කල් දෙන්නේ ඇයි කියලා. (නි)
ලංකාපුත්‍ර Thursday, 07 August 2014 09:30 PM
මෙවන් අය ගැන තීරණයක් ගතයුතු කාලය එළඹ ඇත. (නි)
බමුණු Thursday, 07 August 2014 10:32 PM
සමන්ත, කාටද ඔබ මේවා කියන්නේ? ඔබ නම් කළ සියලුදෙනාම පළාතේ මිනිසුන්ට වීරයෝ. (නි)
පිටබැද්දර ජයා Thursday, 07 August 2014 10:39 PM
වසන්ත, මේක ඔයාට මට තේරුනාට අපේ රටේ බහුතරයකට නොතේරෙන එකනේ අවාසනාව (නි)
ලියනාරචිචි Thursday, 07 August 2014 11:40 PM
මැතිවරණ නීති කඩන ඕනෑම කෙනෙක් මැතිවරණය අවසන් වනතුරුම රිමාන්ඩ් කිරීම නේද කළයුත්තේ? (නි)
නලීන් Thursday, 07 August 2014 11:51 PM
මේකද සදාචාරාත්මක දේශපාලනය? මේවා වගකිවයුත්තන්ට පෙනෙන්නේ නැද්ද? මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් මේවාද? (නි)
සමන්ති Friday, 08 August 2014 12:09 AM
මේ ගොල්ලෝ කරන්නේ අපි කාටවත් බය නැහැ කියලා වැඩ පෙන්වන එක. (නි)
දිලිනි Friday, 08 August 2014 12:49 AM
දැන් ලංකාවේ චණ්ඩිකම ප්‍රදර්ශනය කරන්නේ සමහරු තනියමත් නෙමෙයි, පවුල් පිටින්. උගත්කම, ලොකුකම බලන්න ඕනෑ නැහැ. අඩු ගානේ යහපත් පවුල් පසුබිමකින් ආවාද කියලාවත් සොයා නොබලා ඡන්දය දීමේ ප්‍රතිඵල තමයි මේ. මිනිස්සු ඉපදෙන්නේ චණ්ඩි විදියට නෙමෙයිනේ (නි)
දිල්ශාන් Friday, 08 August 2014 10:05 AM
ලංකාවේ මැතිවරණ ගැන බලාපොරොත්තු තියන්න එපා. ඒවා ලෝකය රවටන්න කරන බොරු වැඩ. (අ)
ග්‍රාම්‍යා Friday, 08 August 2014 02:01 AM
දැන් කාලේ තියෙන්නේ "රාජ්‍ය සේවය" නොවෙයි "රාජ්‍ය ......(නදී)
ටිරෝන් Thursday, 07 August 2014 12:54 PM
ටික දවසකින් මම මටම මරණීය තර්ජන එල්ල කරගත්තා වෙයිද දන්නේ නැහැ (නි)
සත්‍යයා Thursday, 07 August 2014 12:57 PM
නීතිය ක්‍රියාත්මක කළයුත්තේ උසාවි නියෝග මත පොලිසිය විසින් බව මහජන නියෝජිතයින් යැයි කියාගන්නා ගණන්කාරයින් දන්නේ නැත්නම් රටක සැබෑ බලය වන ජනතාව විසින් කතිරයෙන් මොවුන් පිළිබඳ තීරණය කළ යුතුයි. (නි)
සත්‍යයා Thursday, 07 August 2014 01:01 PM
අධිකරණයෙන් මෙවන් වැරදිකරුවන් දඟගෙයි ලෑ යුතුයි. (නි)
වසන්ත Thursday, 07 August 2014 01:11 PM
අත්අඩංගුවට ගන්නේ නැහැ කියලා මම ඔට්ටුවක් අල්ලනවා. කවුද අභියෝගය භාරගන්නේ? (නි)
ගාමිණී - සිරි Thursday, 07 August 2014 01:16 PM
පෙරකදෝරුවකු මාර්ගයෙන් ඉදිරිපත් උනාම හරිනේ. අනික ගණන් කරන කොටනේ මනාප රොක්කර ගන්නේ. පසුගිය මැතිවරණයකදී , ඡන්ද පත්‍රිකා කොහොමද නිට්ටඹුවෙන් හම්බ උනේ. (නදී)
නැනි Friday, 08 August 2014 03:05 AM
මෙයාලද අනාගතේ රට කරන්නේ?. (දී)
සමන්ත Thursday, 07 August 2014 01:32 PM
මෙවර ඡන්දෙදි චණ්ඩින්ට, හොරුන්ට, නිදන් හොරුන්ට හා නුගතුන්ට ඡන්දය දීමෙන් වළකිමු. මේ වගේ චණ්ඩින්ට රැකවරණ ලබාදෙන අයටත් ගෙදර යවන්න ජනතාව පෙළ ගැසෙමු (නි)
නිශාර්ඩ් ප්‍රිනා Friday, 08 August 2014 03:15 AM
මේ වෙන සිද්දීන් සහ ඇමතිවරුන්ගේ/මන්ත්‍රීවරුන්ගේ හැසිරීම දිහා බලපුවහම " ගරු " " ඔනරබල් " " තුමා " යන වචන වල කිසිම වටිනාකමක් තව දුරටත් තියෙනවාදැයි කියල සැකයක් මතුවෙනවා. (දී)
බණ්ඩාර Friday, 08 August 2014 03:28 AM
අපි කොච්චර කට කැඩෙනකන් කීවත්, අපේ ඡන්ද දායකයෝ කවදාවත් හැදෙන්නේ නැහැ. අපේ කරුමේ තමයි. (අ)
චන්ද්‍රා Thursday, 07 August 2014 01:39 PM
මෙවැනි අය ඡන්දයට ඉදිරිපත්වීමෙන්ම අනාගතය පැහැදිලි වෙනවා. ඡන්දදායකයිනි, ඔබේ වටිනා ඡන්දයේ වටිනාකම හෑල්ලු නොකර රැකගන්න (නි)
නිමල් ලලිතා Thursday, 07 August 2014 01:48 PM
සිරි ලංකාවේ කොහෙද මහත්මා දේශපාලනයක්. මෙවය වගකිව යුත්තේ පක්ෂ නායකත්වය, බල ලෝබි දේශපාලනය, ඡන්දය දෙන ඡන්ද දායකයන් සහ විසේශයෙන් මෙවැනි අයට අාශිර්වාද කරන හාමුදුරුවරු ඇතුළු පුජක පක්ෂය.(නදී)
සත්‍යපාල Friday, 08 August 2014 03:59 AM
නීති රීති හදන එක හොඳයි. හැබැයි ඒවා රැකෙන්නේ නැතිනම් වැඩක් නැහැ,ඒ නිසා මැතිවරණයට ඉදිරිපත්කරන පුද්ගලයන් ගැන සැලකිලිමත් වෙන එක තමයි වඩා සුදුසු.(අ)
සමාධි Thursday, 07 August 2014 01:53 PM
මොනවද මේ මහජන නියෝජිතයින්ට වෙලා තියෙන්නේ? (නි)
සජීවනී Friday, 08 August 2014 05:05 AM
හැමදාම එයාල කළේ එහෙම වැඩ තමයි. ඒත් කවද්ද එයාලට නීතිය ක්‍රියාත්මක උනේ. (නදී)
ෂෙහාන් Thursday, 07 August 2014 03:02 PM
මේ අයගේ අපේක්ෂකත්වය අවලංගු කල යුතුයි. මැතිවරණ කොමසාරිස් මෙන්න ඔයාගේ වාරය. (නදී)
බන්දුල පෙරේරා Thursday, 07 August 2014 03:04 PM
මැතිවරණ නීති කඩන ඕනෑම පුද්ගලයෙකුගේ අපේක්ෂත්වය මැතිවරණයට පෙර අහිමි කරන්න පුළුවන් කියන එක මැතිවරණ නීති පොතට ඇතුලත් කරන්න පුලුවන්නම් මේවා නතර වේවි. නැත්නම් මේ පන නැති නීති රීති වලට මේ මනාප ඡන්ද පොරේ නවත්වන්න මේ කපේදී බැහැ. (නදී)
සමන් Thursday, 07 August 2014 03:04 PM
මෙහෙම නමක් තියන කෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නව කියල දන්නෙත් අදයි. (නදී)