අද පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරයකුට පහර දී රෝහල් ගත කිරීමට සිදුවීම හා තවත් මන්ත්‍රීන් පිරිසක් තුවාල ලැබීම ගැන පරීක්ෂා කර වහාම වාර්තාවක් සැපයීම සඳහා කථානායක කරු ජයසූරිය මහතා විශේෂ කමිටුවක් පත් කළේය.
නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල හා කාරකසභා නියෝජ්‍ය සභාපති සෙල්වම් අඩෛක්කලනාදන් ද එම කමිටුවට අයත් වෙති.
වැරදිකරුවන් වන මන්ත්‍රීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් කථානායක ප්‍රකාශ කළේය. මෙම සිද්ධිය නිසා පස්වරු 1.35ට කල් තැබුණු පාර්ලිමේන්තුව යළි පස්වරු 3ට රැස්විය.
එම ගැටුම පිළිකුළෙන් හෙළා දකින බව කථානායකවරයා ප්‍රකාශ කළේය. පාසල් සිසුන් හා අමුත්තන් රැසක් මහජන ගැලරිවල සිටියදී ඇතිවූ මේ සිද්ධිය පාර්ලිමේන්තුවේ අභිමානයට හා කීර්ති නාමයට බලවත් කැළලක් බවත් කී කථානායකවරයා, එක් මන්ත්‍රීවරයකු රෝහල් ගත කර ඇතැයි ද තවත් මන්ත්‍රීන් කිහිප දෙනකු තුවාල ලබා ඇතැයිද කීවේය.
පාර්ලිමේන්තුව බදාදා (4) පස්වරු 1 දක්වා කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමිටු දාලා කාලේ හා මුදල් කන්නේ නැතිව ඒ වෙලාවෙම බලන් ඉඳල පොලිසිය දාල කට්ටිය අල්ලාගත්තානම් ඉවරනේ , දෙන්නාම හෙමින්ම ෂේප් වෙලා යන්නේ නැතිව? ඒ වෙලාවේ මාරු වෙලා පස්සේ බොරුවට කමිටු දානවා! (බ)
තවමත් ලංකාව නමැති දුපතේ සිටින්නේ නොදියුණු මිනිසුන් බව මුළු ලෝකෙටම කියාපානවා. මොවුන්ට ඡන්දය දුන් අයගේ මොළයක් නැති බව නැවත වතාවක් ඔප්පුවුණා (නි)
ඡන්දය පාවිච්චි කිරීමේදී එයින් ලැබෙන පලවිපාක කලින් වටහා ගැනීමටවත් නුපුළුවන් ජනතාවක් ජීවත්වන ශ්‍රී ලංකාව ලෝකයටම එකකි (නි)
විජය, ගුණමකුවෙක් නොවන්න. දැයට නිදහස ලබාදීම නිසා එතුමාගේ ජීවිතය අනතුරේ දමාගෙන ඇත. ජනතාවගේ යුතුකම එතුමාව ආරක්ෂා කිරීම බව අමතක නොකරන්න (නි)
කසිප්පු කාරයේ, කුඩු කාරයේ, ගංජා කාරයේ, ස්ත්‍රී දුෂකයේ ,අල්ලස් කාරයේ ,කොමිස් කාරයේ ,මිනිමරුවෝ ,ආවම ඔහොම තමයි .මේවා ඡන්ද දායකයන්ගේ වැරදී ..(බ)
මෙයාලා ගුටි කාපු එක ගැන නම් මගේ කිසිම දුකක් නැහැ (නි)
ඔය තෙවරක් පෙරාපු කෙනා නම් දේදුනු විප්ලවය සමරන්න ගිහින් ආණ්ඩුවේත් මඩගාලා හිරෙත් ගියා නේද...?? (නි)
මොනවා හොයන්නද? අපි මේ බලාගෙන ඉන්නේ දෙපැත්තට බෙදිලා වෙඩිතියා ගන්නතුරුයි. එතකොටවත් අපිට කනක් ඇහිලා ඉන්න පුළුවන්. (නි)
මහින්දට කෙසේවුවත් පාර්ලිමේන්තුවට නම් අනිවාර්ය හමුදා ආරක්ෂාව දෙන්න වෙයි ගරු කතානායකතුමනි. (නි)
මෙහෙම අය සිටින තැනක ඔය කියන අභිමානයක් තිබෙනවද කියන එකත් ප්‍රශ්නයක් (නි)
ඉක්මනින් පාර්ලිමේන්තු ආසන සංක්‍යාව 100 ට වඩා අඩු කොට මන්ත්‍රී වාහන පර්මිට් නවත්වා එම මුදලින් බඩු මිල අඩු කරන්න. (ර)
බලතල සහිත කමිටුවක් පත්කළ යුත්තේ මේ අයට නාමයෝජනා දුන්නේ කවුද කියලා හොයා බලන්නයි. රජයේ රැකියාවකට බඳවා ගන්නාවිට උගත්කම සොයාබලනවා. එ්ත් මෙතනට ඕනෑම කෙනෙකුට එන්න පුළුවන්. පාර්ලිමේන්තුව කියලා පරණ පුරුදු අතාරින්න පුලුවන්ද? (නි)
ජනතාවට සේවය කරන්න ඇවිල්ල, ජනතාව කන්නනේ දැන් සියලුම දේශපාලකයෝ බලන්නේ, කෝටී ගණන් ජනතාවගේ මුදල් එක්කෙනෙක් බලාගන්න, ජනතාවට ආදරෙන් ජනතාව කොටින්ගෙන් බේරාගත්තනම්, ජනතාවට අාදරේනම් ජනතාවගේ මුදල් කන්නේ නැතුව ගෙදරට වෙලා ඉන්නකෝ (බ)
8 පාස් බුද්දි මතුන්ගෙන් මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බෑ (ම)
වැරදිකරුවන්ට උපරිම දඬුවම් දෙන්න (නි)
කතානායකවරයාට සභාව පාලනය කරගැනීමට අපහසු වී ඇති බව අපට පෙනේ. (නි)
සිද්ධියට සම්බන්ධ සියලුම දෙනාට විනය ක්‍රියාමාර්ග ගන්න.(හේ)
ගරු කතානායකතුමනි, පාසල් දරුවන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නැරඹීම වහාම තහනම් කරන්න. ඒ දරුවන්ට එහි ඉගෙනගැනීමට දෙයක් නොමැති නිසා. දෙමාපියනි, දරුවන් එහි යැවීමෙන් වළකිනු මැනවි. (නි)
ඔය කමිටුවට වියදම් කරන්නෙත් මහජනතාවගේ සල්ලිද? (නි)
හමුදා ආරක්ෂාව සියලුම මන්ත්‍රීවරුන්ට දෙන්නවෙයිද ? (ර)
හන්දියේ ත්‍රීවිල් පාක් එකේ අයගේ හැසිරීම මිට වඩා ගොඩක් හොඳයි. අපේ රටේ දේශපාලකයෝ ගැන ලැජ්ජයි (නි)
අමුතුවෙන් හොයන්න දෙයක් නැහැ. ෆොන්සේකා මහත්මයා කතා කරද්දී ගැරඬින්ට භූමිතෙල් ගෑවුණා වගේ කට්ටිය කුලප්පු වුණා. නයින්ටත් බය නැති ෆොන්සේකා මහත්තයා ගැරඬින්ට බයවෙයිද? (නි)
බල තණ්හාවෙන් පෙළෙන්නන් නිසා රටට වන විපතක්. (නි)
අපක්ෂපාතීව මේ ගැන සොයා තීන්දුවක් දෙනු ඇතැයි සිතනවා (නි)
අනිවාර්යෙන්ම වැරදිකරුවන්ට දඬුවම් දෙන නැත්නම් රට හදන තැනින් රටට දෙන්නේ වැරදි පුර්වාදර්ශයක්.(ම)
පාර්ලිමේන්තුව උත්තරීතර තැනක්. එත් හැසිරීමනම් බොහොම දුකක් කියන්න. සාම කමිටුව ප්‍රශ්න විසදා ගන්නවානම් කාගේත් මහත්ම ගුණයට හොදක්. (ම)
මේ දෙය වුණේ පළවන පාරට නොවෙයි නේද? වැරදිකරුවන්ට උපරිම දඬුවම ලෙස දේශපාලනය සදහටම තහනම් කරන්න. (නි)
මට නම් මෙහෙම දේවල් දැන් අහලා අහලාම සාමාන්‍ය දේවල් වෙලා (නි)
කමිටු පත්කරගෙන මාස හයකින් විතර ඉක්මනින් වැරදිකරුවන් හොයාගනියි (ම)
කමිටු පත්කරගෙන මාස හයකින් විතර ඉක්මනින් වැරදිකරුවන් හොයාගනියි සුපුරුදු විදියටම .ඕකේ ඉන්නා තක්කඩියන් පාලනය කරගන්න බැරිනම් පොඩි ළමයෙකුටවත් දෙන්න .(බ)
තවමත් අරක්කු කටේ ද ? (බ)
පාර්ලිමේන්තුවත් පුද්ගලීකරණය කරන්න. (බ)
පසු ගිය දශක කීපය තුළ පාර්ලිමේන්තුවේ අභිමානය හා කීර්ති නාමය විනාශ කරගත්තේ මේ අයම තමා. සෙංකෝලය අරගෙන දිවීමේ පටන් කුණුහරපයෙන් සභාවේ අනෙකුත් අයට ආමන්ත්‍රණය කිරීම් කළේත් ඔතනම ඉන්න අයම තමා. කතානායකට කිසිම ගරුසරුවක් නැතුව හැසුරුනේ ඔයගොල්ලොම තමා. මේ වතාවේවත් මාස කීපයකට පාර්ලිමේන්තුව තහනම් කර නීතියේ විදියට වරදක් කරලා නම් දඬුවම් දෙන්න පොලිසියට භාර දෙන්න. (නි)
දේශපාලන ක්ෂේත්‍රයට අදාළ විෂයයගෙන් යටත් පිරිසෙයින් උපාධි මට්ටමේ අධ්‍යාපනයක්වත් නැති කිසිම අයෙකුට පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත්වීමට ඉඩතැබිය යුතු නැහැ. එමෙන්ම කුමන හේතුවක් නිසා හෝ උසාවියෙන් දඬුවම් ලැබූ කෙනෙකුට හෝ එබඳු කෙනෙකුගේ කිට්ටු ඥාතියෙකුට පාර්ලිමේන්තුව පළාතටවත් එන්න දීම නුසුදුසුයි. මේ සියලු අර්බුද වලට හේතුව, නුසුදුස්සන් රැලක් ඇතුළට රිංගාගෙන සිටීමයි! (නි)
කමිටු කියලා මහජන මුදල් නාස්ති කරන්න නම් එපා (නි)
සමහරුන්ට ගැලරියේ ළමයි ගැන කණගාටුවක් ඇති බව පෙනේ. කාලයක් තිස්සේ පාගාගෙන සිටි ආවේගයක් මෙලෙස පුපුරා පිටාර ගැලීමක් ඇතිවීම ස්වාභාවිකය. ළමයින් ගැන සිතා නිශ්ශබ්දව සිටින්න හැකිද? (නි)
අභිමානය ගැන නම් දේශපාලන හත්තන් නොවන අය දන්නවා. (ර)
කමිටුවක් පිහිටවා මේ මිනිසුන් පාර්ලිමේන්තු යවපු ජනතාවට දැඩි දඬුවම් දියයුතුයි (නි)
රටේ ව්‍යවස්ථා සම්මත කරන තැනට නුසුදුස්සෝ යැවුවහම මේ වගේ දේවල් වෙනවා. දැන් මේක දකුණු ඉන්දියාවේ ප්‍රාන්තයකටත් වඩා පහත් ගණයට වැටිලා. (නි)
විකුම් රංගන, ඔබගේ අදහස සහතික ඇත්ත. (නි)
මේ වෙනකොට හිරේ ඉන්න ඕනෑ කට්ටිය බලන්නේ මොනවා කරලා හරි නැවත බලය අරගෙන කරපු කප්පරක් දුෂණ වංචා මිනීමැරුම් යටගහන්නයි. කම්බා හොරු රැලට කිසිම සහනයක් නම් දෙන්නම එපා. (නි)
අපි බලමු කමිටුවෙන් කරන්නේ මොකක්ද කියලත් (නි)
උත්තරිතර පර්ලිවෙන්තුවේ මෙවන් ක්‍රියා නතර වෙන්නේ කවදාද ? මහජනයා අවදියෙන්... (ර)
මහින්දගේ ආරක්ෂාවද දැන් මේ රටේ ලොකුම ජාතික ගැටළුව? (නි)
හමුදා ආරක්සාව අවශ්‍ය පාර්ලිවෙන්තුවේ ඇතුලෙ ඉන්න අහිංසක ජනතා නියෙජිතයිනට. (ර)
දඬුවම් දීමේදී “තෙවරක් පැරදෙයිද“ බලාසිටිමු (නි)
ගරු කතානායක තුමනි .. ගරු පොලිස්පති තුමනි.. මෙවන් ක්‍රියා වලට දැඩි පියවර ගන්න. මහජනයා අවදියෙන්... (ර)
මොන අභිමානයක්ද? ම්ලේච්ඡත්වය ලෝකෙට ප්‍රදර්ශනය කළ හැටි අපි විදේශ වල සිට නරඹනවා. (නි)
සුද්දා හදපු පාර්ලිමේන්තුවට නුසුදුස්සෝ ගියාම වෙන්නේ ඕක තමා. ඔය ටික ශ්‍රීමත් ජෝන් කොතලාවල මහත්තය කිවුවේ 1952දි . (නි)
උපරිම දඬුවම් දෙන එක තමයි කරන්න තියෙන්නේ දැන්. (නි)
මහින්ද මහත්තයාගේ වැඩක්ද මේකත් (බ)
දැන් යුද්දෙත් ඉවර නිසා පරදවෙලා එන්න උන්ට හා අයි අර් සි මන්ත්‍රීලට යුද හමුදා ආරක්ෂාව දෙන්න (බ)
පාසල් ළමුන් හොඳට ආදර්ශ ගන්න ඇති (නි)
මේවට වගකියන්න ඕනෑ මේ ගොල්ලන්ට ඡන්දය දී පාර්ලිමේන්තුවට එවපු අය. (නි)
ජනතාව වෙනුවෙන් ගුටි කෙළගන්න එකම පාර්ලිමේන්තුව ..(බ)
අනේ දේවි මෙන්න කියා! (බ)
පුෂ්පකුමාර හරියට හරි. අනික නැතිවෙන්න අභිමානයක් හා කීර්තියක් තිබුණ පාර්ලිමේන්තුවක්ද ඕක. ජාතියේ සොහොන් පිටියනේ ඕක කවදත්. ඕකෙන් මිනිසුන්ගේ යහපතට කියලා දෙයක් වුණේ කවදද? ඔක්කොම කරගත්තේ ඒ අයගේ යහපතට මිසක්. (නි)
අපේ ගමෙත් ගුටිකෙළියක් ගිහිල්ල කමිටුවක් පත්කරලා අවුරුදු දහයකට පස්සේ විසඳුමක් ලැබුන කියල රාවයක් තිබුනලු (බ)
මේ විගඩම් දැකලා ලෝකයා අපිට හිනාවෙනවා ඇති (නි)
පාර්ලිමේන්තුව විනීතව හැසිරෙන්නැති අයට නීතියෙන් දඩුවම් කළ යුතුයි. (ර)
මේ ආණ්ඩුව ඔහේ කියවනවා මිසක් වැඩක් කරන්නේ නැහැ. ඒකට පහුගිය ආණ්ඩුව.... කිය කියා ඉන්නේ නැහැ. සුදු වෑන් එකකින් හරි ඉස්සුවා. ඔය වගේ කොමිටි කීයක් නම් තිබ්බද..? සුදුහුණු ගෑමක් විතරයි. (නි)
අද ඇතුළෙන් ගුටිකන අයට හෙට එළියෙන් ගුටිකන්න වෙන්නත් පුළුවන් (නි)
කමිටු ගැන නම් ඉතින් අපේ විශ්වාසයක් නැහැ (නි)
මෙයාලා ඔතනට ඇරියේ ගහගන්න නෙමෙයි. අහිංසක ලෝකෙන්ම දුප්පත් වෙලා කොන්වෙලා ඉන්න සිංහල ජාතිය ගොඩ ගන්න (නි)
මේ රටේ මහජනතාවට මොළේ පෑදෙන්න ඕනෑ. ඊළඟ මැතිවරණයේදීවත් හොඳින් සිතා බලා මහජන නියෝජිතයන් පත්කිරීමට නුවණ පහළවෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ. (නි)
ගැලරියේ ළමයි බලන්න ඕනෑ. මින් ඉදිරියට එන පරම්පරාව බුද්ධිමත්ව කල්පනාකර හොඳ වැදගත් උගත් අයව පාර්ලිමේන්තුවට යවන්න ඒක වැදගත් (නි)
මොවුන්ව මුලින්ම හිරේට දාන්න ඕනෑ. ඊටපස්සේ අාපසු පාසල් යවන්න ඕනෑ (නි)
කමිටු මොකටද? ඔබතුමාලා මූලාසනේ හිටියනේ. ඇස් දෙකට දැක්කානේ ඔක්කොම. ඉතින් තීන්දුවක් දෙන්නකෝ. (නි)
මහජන මුදල් නාස්ති කරමින් රට වෙනුවෙන් යමක් නොකරන, නොහික්මුණු සමහර මන්ත්‍රීවරු ගැන සොයා බලා ගෙදරම යැවිය යුතුයි (නි)
දැන්වත් තේරෙන්නේ නැද්ද පාර්ලිමේන්තුවේ ඉන්න අයගේ තත්වය? ඔතන වැඩිහරියක් ඉන්නේ රටට ආදරය කරන අය නොව තමන්ගේ බඩ ලොකුකරගන්න කැමති අය. ඉක්මනින් පාර්ලිමේන්තු වරප්‍රසාද අඩුකර එම මුදල් අධ්‍යාපනය වෙනුවෙන් යෙදෙව්වා නම් හොඳ නැද්ද? (නි)
අපේ සමහරුන්ගේ දිව මුල නිතරම තියෙන්නේ වෛරයෙන් අවෛරය සන්සිඳේ කියලා (නි)
මේ කමිටු වාර්තාව මොන කාලේ එයිද දන්නෙ නැහැ (නි)
ඇස් දෙකටම දැකපුදේට මොන කමිටුද? ඕකේ වාර්තාව එනකොට අමතක වෙලා තියෙයි හැමදේම. (නි)
බොහොම හොඳ ආදර්ශමත් පාර්ලිමේන්තුවක්. දරුවනට දෙන ආදර්ශය නියමයි (නි)
හිටපු ජනාධිපති ඊටපෙර හිටපු ජනාධිපතිනියගේ ආරක්ෂාව කපා දැමුවිට අද මේ ප්‍රශ්න අදින 'වලිකාරයන්' වචනයක්වත් කතා කළේ නැත. ඇරත් හිටපු ජනාධිපති කොටින්ගෙන් රට නිදහස් කරගත් බවක් පුන පුනා කියන මේ මිනිසුන් සිතිය යුතුවන්නේ, එසේ නම් ආරක්ෂාවක් මොකටද යන්නය. දේශපාලන අනාථයන් රැලකට උවමනා වී ඇත්තේ කෙසේ හෝ මහජනයා කුලප්පු කරමින් රට අස්ථාවරභාවයකට පත්කිරීම බව පෙනේ. (නි)
පහරදීම්ගැන හොයන්න කමිටු මොකටද? තියෙන සීසීටීවී දර්ශන එක්ක පොලීසියට බාරදෙන්න. නීතිය කාටත් එක වෙන්න ඕනෑ (නි)
යහපාලනය වැඩිවෙලා වගෙයි. (නි)